The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රැවුල තියෙන දෙදෙනෙකුගේ ජයග්‍රාහී ක්‍රීඩාවෙන් කැටලෝනියා කාන්තා පාපන්දු පිටිය කැළඹෙයි

T

The Leader Desk

November 3, 2024 • 11:59 AM

රැවුල තියෙන දෙදෙනෙකුගේ ජයග්‍රාහී ක්‍රීඩාවෙන් කැටලෝනියා කාන්තා පාපන්දු පිටිය කැළඹෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් හටගෙන තිබෙන්නේ සිද්ධිය එරට ප්‍රාදේශීය මන්ත්‍රීවරියකගේ දෝෂාරෝපණයට ලක්වීමට තරම් දුර දිග යමින්.
  • උපතින් කාන්තාවන් වන මේ දෙදෙනා පිරිමින් බවට පත්වීම සඳහා සංක්‍රාන්තියක යෙදී සිටිය ද ඔවුන් තවමත් කාන්තා ලීගයක ක්‍රීඩා කරන බව වාර්තා වනවා.
  • ඇලෙක්ස් අල්කයිවෙ ලානෝස් (Alex Alcaide Lianos) හා නිල් ඇල්කොන් ලබෙලා (Nil Alcon Labella) කැටලෝනියානු කාන්තා පාපන්දු ලීගයක CE Europa B කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතර මේ දෙදෙනා තවමත් ලියාපදිංචිව සිටින්නේ කාන්තාවන් ලෙස.
  • Terrassa කණ්ඩායමට එරෙහිව ඇලෙක්ස් ද ගෝලයක් ලබා ගනිමින් ඇගේ කණ්ඩායම ගෝල් 3-1කින් තරගය ජය ගැනීමෙන් පසුව, දක්ෂිණාංශික VOX පක්ෂයේ මන්ත්‍රීවරියක වන අලීශා ටොමාස් (Alicia Tomas), ‘කාන්තාවන් ලෙස හඳුන්වා ගනිමින් රැවුල වවා ගත් පුද්ගලයන් දෙදෙනෙක්’ ක්‍රීඩා කළ බවට ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් හටගෙන තිබෙන්නේ සිද්ධිය එරට ප්‍රාදේශීය මන්ත්‍රීවරියකගේ දෝෂාරෝපණයට ලක්වීමට තරම් දුර දිග යමින්.

උපතින් කාන්තාවන් වන මේ දෙදෙනා පිරිමින් බවට පත්වීම සඳහා සංක්‍රාන්තියක යෙදී සිටිය ද ඔවුන් තවමත් කාන්තා ලීගයක ක්‍රීඩා කරන බව වාර්තා වනවා.

ඇලෙක්ස් අල්කයිවෙ ලානෝස් (Alex Alcaide Lianos) හා නිල් ඇල්කොන් ලබෙලා (Nil Alcon Labella) කැටලෝනියානු කාන්තා පාපන්දු ලීගයක CE Europa B කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතර මේ දෙදෙනා තවමත් ලියාපදිංචිව සිටින්නේ කාන්තාවන් ලෙස. වෛද්‍ය සංක්‍රාන්තියට බඳුන්ව සිටින ඔවුන්ට පිරිමි පාපන්දු තරගවලට සහභාගි වීම තහනම් කර තිබෙනවා.

පාපන්දු සම්මේලනය වසා දමයි! - වැටුප් ගෙවීමත් ප්‍රශ්නයක්

 

Terrassa කණ්ඩායමට එරෙහිව ඇලෙක්ස් ද ගෝලයක් ලබා ගනිමින් ඇගේ කණ්ඩායම ගෝල් 3-1කින් තරගය ජය ගැනීමෙන් පසුව, දක්ෂිණාංශික VOX පක්ෂයේ මන්ත්‍රීවරියක වන අලීශා ටොමාස් (Alicia Tomas), ‘කාන්තාවන් ලෙස හඳුන්වා ගනිමින් රැවුල වවා ගත් පුද්ගලයන් දෙදෙනෙක්’ ක්‍රීඩා කළ බවට ප්‍රකාශ කළා. ඇලෙක්ස් මීට වසර පහකට වැඩි කාලයක සිට පිරිමි හෝමෝන ලබා ගනිමින් සිටිනවා.

සිය ක්‍රීඩිකාවන් ‘සංක්‍රාන්ති ලිංගික විරෝධී ප්‍රචණ්ඩත්වයේ’ ගොදුරු බවට පත්ව ඇතැයි Europa කණ්ඩායම ප්‍රතිචාර දක්වමින් කියා තිබෙනවා. ‘ප්‍රචණ්ඩත්වය හා ඒකාධිපතිවාදය’ හෙළා දකිමින් ඔවුන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“මගේ හැඳුනුම් පතේ කාන්තාව ලෙස F තියෙන තාක් කල්, මම ක්‍රීඩා කරන්නේ මට වෙන්ව තිබෙන අංශයේ” යනුවෙන් ඇලෙක්ස් පවසනවා.

ආක්‍රමණශීලී ක්‍රීඩිකාවක වන ඇය මෙසේ ද කියා සිටිනවා. “මම මගේ ශරීරයේ සංක්‍රාන්තිය පටන් ගත්තේ කළින්මයි. එහි එතරම් වෙනසක් සිදුවී නැහැ. මට හැමදාම තිබුනේ මේ ශරීරයයි. හෝමෝන උදව් වෙන්නේ මගේ ඇඟේ පේශීන් ඉක්මනින් වර්ධනය කරන්න මිසක පේශීන් තවත් වැඩියෙන් හදන්න නෙවෙයි. ශරීරයට අමතර වාසියක් සමග මම ශක්තියෙන් වඩා උසස් කෙනෙක් යැයි දැණුනු වහාම මම අයින් වෙනවා.”

ඒ මොහොත දැනටමත් පැමිණ තිබෙන බව සමහරු සිතනවා. තරගය නරඹමින් සිටි ප්‍රතිවාදී Terrassa කණ්ඩායමේ ක්‍රීඩා ලෝලියෙක් ක්‍රීඩා මණ්ඩපයේ සිට සමාජ මාධ්‍යයේ මෙසේ සටහන් කර තිබුනා : “වේගය හා ශක්තිය නිසා නවත්වා ගන්න බැරි ක්‍රීඩකයන් දෙන්නෙක් Europa කාන්තා B කණ්ඩායමේ ඉන්නවා. මොවුන්ට වඩා ශක්තිය හා වේගය තියෙන ක්‍රීඩිකාවන් මේ මුළු කාන්තා අංශයෙන් ම හොයා ගන්න අමාරු වේවි.”

2022 වසරේදී මතභේදය හට ගත්තේ, ඇලෙක්ස් ගෝල් දෙකක් පමණක් ලබා ගත්ත ද, ඇගේ Europa කණ්ඩායම ගෝල් 23-0කින් තරගයක් ජයග්‍රහණය කළ අවස්ථාවේ. මේ කණ්ඩායම ඔවුන්ගේ මෙවර ක්‍රීඩා වාරයට ශක්තිමත් ආරම්භයක් ලබා ගෙන සිටිය ද, ඔවුන් ලීගයේ ආධිපත්‍ය පතුරුවා ගෙන නැහැ. තරග පහකින් පසුව ලකුණු 11ක් ලබා ගෙන එම කණ්ඩායම සිටින්නේ පස්වැනි ස්ථානයේ.

 



තරගයෙන් පසුව අලීශා ටොමාස් සමාජ මාධ්‍යයේ මෙසේ සටහන් කළා.

“තමන් කාන්තාවන් ලෙස දකිමින් පිරිමින් කාන්තා තරගාවලියකට සහභාගි වීම අසාධාරණයි වගේම පිරිමි හෝමෝන පිළියමට භාජනය වී සිටින කාන්තාවන් සහභාගි වීම ද අසාධාරණයි.” “ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ අපව මහජන ස්ථානවලින්, ක්‍රීඩාවෙන් හා සියළුම අංශවලින් මකා දමන්නයි.” “VOX පක්ෂයේ අපි කාන්තාවන් හා ලිංගිකත්වයේ දර්ශනය විකෘති කිරීමට එරෙහිව අපේ මුතුන් මිත්තන් දශක ගණනාවක් තිස්සේ ගෙන ගිය සටන ආරක්ෂා කරනවා.”

මීට ප්‍රතිචාර දක්වමින් Europa මෙසේ සටහන් කළා: “කාන්තා අතිරේක කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට එරෙහිව සිදුකර තිබෙන ප්‍රචණ්ඩත්වය හමුවේ අපි සංක්‍රාන්ති ලිංගික විරෝධී හා LGBTI විරෝධී හෝ ඔ්නෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයට ‘එපා’ කියනවා.”

“අවුරුදු සීයක් දීර්ඝ අපේ ඉතිහාසයේ, අපේ ක්‍රීඩා සමාජය එහි ක්‍රීඩාශීලිත්වයේ වටිනාකම්, සාධාරණ ක්‍රීඩාව හා වර්තමාන ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූලවීම වෙනුවෙන් පෙනී සිටියා. සියළුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් නිදහස්ව ජීවත් වීමට සෑම පුද්ගලයෙකුටම තිබෙන අයිතිය වෙනුවෙන් ද අපේ ක්‍රීඩා සමාජය වැඩ කරනවා. ජීවත් වීමට සුදුසුකමක් තිබෙන ජීවිත ආරක්ෂා කිරීමට අපි සටන් කරනවා.”

“වෛරී අපරාධ හා සංක්‍රාන්ති ලිංගික විරෝධී ප්‍රචණ්ඩත්වය සමග සටන් කිරීම මුළු මහත් සමාජයටම අභියෝග කරන සාමුහික වගකීමක්. එබැවින් අපි නැවත නැවත ශබ්ද නගා කියනවා අපි ස්ථාවරව ඉන්නවා කියලා. ආරවුල් ඇති කිරීම හා ෆැසිස්ට්වාදයට එරෙහිව අපි සටන් කරනවා.”

ටොමාස් යළිත් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් මේ දබරය දිගටම පැවැත්වුනා: “කාන්තාවන්ට ප්‍රචණ්ඩ වන්නේ ඔබලායි. කාටත් සමානව ක්‍රීඩාවේ යෙදිය යුතුව තිබියදී හෝමෝන වෙනස්වීම් නිසා සැලකිය යුතු ශාරීරික වාසියක් තිබෙන අය සමග අසමානව ක්‍රීඩා කිරීමට සලස්වමින් කාන්තාවන් පිට ප්‍රචණ්ඩත්වය පටවන්නේ ඔබයි.” “සමූහයක් ආරක්ෂා කරනවා කියන මුවාවෙන් අපේ ක්‍රීඩිකාවන් පාගා දමන්න අපි ඉඩ දෙන්නේ නැහැ. තරගකාරිත්වය තිබිය යුත්තේ ක්‍රීඩා පිටියේ එක සමාන මට්ටමේ. මෙහිදී එය සිදුවන්නේ නැහැ.”

Europa ක්‍රීඩා සමාජයට මෙය අලුත් තත්ත්වයක් නෙවෙයි. වසර දෙකකට පෙර ඇලෙක්ස්, තමාට පාසලේදී අනෙකුත් ළමයින් හිරිහැර කරන සැටි හා තමන්ට ලැබුනු වෛරී පණිවුඩ කන්දරාව පිළිබඳව අව්‍යාජ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නා.

“අඩු වයසේ ඉඳන්ම පැහැදිලි වුනේ මට කොල්ලෙක් වීමට අවශ්‍ය බව හා මාව ඇලෙක්ස් කියලා හඳුන්වනවා දකින්න මට උවමනා බව” යැයි ඇලෙක්ස් 2022 වසරේ පෙනී සිටි එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. “මට ලොකු අමුත්තක් දැනුනා. මට ඇලෙක්ස් කියලා නම් කර ගන්න පුළුවන් වීමෙන් මගේ සිතට දැනුනේ ලොකු නිදහසක්. මම සතුටෙන් සිටීම ආරම්භ කළා. මගේ ජීවිතය මට සන්තෝෂයෙන් ගත කරන්න පුළුවන් වුනා.”

ඇලෙක්ස් තවමත් කාන්තාවක ලෙස ලියාපදිංචිව සිටින අතර වෙනස් වී තිබෙන්නේ නිල හැඳුනුම් පතක තිබෙන නම පමණයි. වයස අවුරුදු 14 හෝ ඊට වැඩි සියලු ස්පාඤ්ඤ ජාතීන් ජාතික හැඳුනුම් පතක් තබා ගැනීම අවශ්‍යයි.

ඇලෙක්ස් තවමත් කාන්තා ක්‍රීඩා සමාජයක B කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ මන්ද කියා ප්‍රශ්න අසා තිබෙනවා.

මේ සම්බන්ධව කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරිනිය වශයෙන් නැනී හේසස් වසර 2022දී මෙසේ කරුණු දක්වා තිබුනා.

“අපේ පළමු කණ්ඩායම හා අපේ දෙවැනි කණ්ඩායම (තරුණ කණ්ඩායම) අතර විශාල පරතරයක් තිබෙන අතර සෑම වසරකම අපට පළමු කණ්ඩායමේ තබා ගත නොහැකි ක්‍රීඩිකාවන් 10 දෙනෙක් අපට අහිමි වෙනවා.”

“තරග කිරීමට හා වසර කිහිපයකට පසුව අංශයක් ඉහළට යාම පිණිස ශක්තිමත් අතිරේක කණ්ඩායමක් පිහිටුවීම අවශ්‍ය වුනා.” 

“ඇලෙක්ස් ක්‍රීඩාවේ වර්ධනය වෙමින් සිටිනවා. පැහැදිලිවම එයාට තාක්ෂණික අඩුපාඩු තියෙනවා. එයා වේගවත්. නමුත් එයා වගේ තවත් හතර පස් දෙනෙක් අපට ඉන්නවා. වේගවත්ම කෙනා එයා නෙවෙයි.”

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රැවුල තියෙන දෙදෙනෙකුගේ ජයග්‍රාහී ක්‍රීඩාවෙන් කැටලෝනියා කාන්තා පාපන්දු පිටිය කැළඹෙයි | The Leader