The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉමාන් කලීෆ් පිරිමියෙක්! : වෛද්‍ය වාර්තාවේ රහස් පිටවෙයි

T

The Leader Desk

November 7, 2024 • 9:55 AM

ඉමාන් කලීෆ් පිරිමියෙක්! : වෛද්‍ය වාර්තාවේ රහස් පිටවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැඩි නිරීක්ෂණයට ලක්ව සිටිනවා.
  • ලිංගික වර්ධනයට දැඩි බලපෑමක් කෙරෙන තත්ත්වයක් කලීෆ් ට තිබෙන බවත් මේ හේතුවෙන් නොපැහැදිලි ප්‍රජනන ඉන්ද්‍රිය තත්ත්වයන් නිතර ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇගේ ද්විතීයික පිරිමි ගති ලක්ෂණ සීමා කෙරෙන බවත් එම වාර්තාවේ සඳහන්.
  • ඇයට ගර්භාශයක් නැති බව හා කුඩා ශිශ්නයක් ති‌බෙන බව ද එහි සඳහන්.
  • අභ්‍යන්තර වෘෂණ හා XY (පිරිමි) ක්‍රෝමසොම මගින් ඇයව සම්පූර්ණ කරවා තිබීම නිසා 5-alpha එන්සයිම ඌනතාව නමැති ජානමය තත්ත්වයක් සංඥා කිරීම සිදුවිය හැකි බව ද එම වාර්තාවේ දැක්වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දැඩි නිරීක්ෂණයට ලක්ව සිටිනවා. කාන්තා තරග සඳහා ඇයට තිබෙන සුදුසුකම ප්‍රශ්න කෙරෙන වෛද්‍ය වාර්තාවක රහස් හෙළිදරව් වීම ඊට හේතුවයි.

මේ රහස්‍ය වෛද්‍ය පරීක්ෂණ වාර්තාවට අනුව ඉමාන් කලීෆ් පිරිමියෙක්!

මේ වාර්තාවට ප්‍රවේශය ලබා ගෙන තිබෙන්නේ ප්‍රංශ මාධ්‍යවේදියෙකු වන Djaffar Ait Aoudia. ලිංගික වර්ධනයට දැඩි බලපෑමක් කෙරෙන තත්ත්වයක් කලීෆ් ට තිබෙන බවත් මේ හේතුවෙන් නොපැහැදිලි ප්‍රජනන ඉන්ද්‍රිය තත්ත්වයන් නිතර ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇගේ ද්විතීයික පිරිමි ගති ලක්ෂණ සීමා කෙරෙන බවත් එම වාර්තාවේ සඳහන්.

0096ed04 d6b4 4e40 8623 edcb1cb391a3 ඇයට ගර්භාශයක් නැති බව හා කුඩා ශිශ්නයක් ති‌බෙන බව ද එහි සඳහන්.


අභ්‍යන්තර වෘෂණ හා XY (පිරිමි) ක්‍රෝමසොම මගින් ඇයව සම්පූර්ණ කරවා තිබීම නිසා 5-alpha එන්සයිම ඌනතාව නමැති ජානමය තත්ත්වයක් සංඥා කිරීම සිදුවිය හැකි බව ද එම වාර්තාවේ දැක්වෙනවා.

පැරිසියේ Kremlin-Bicetre රෝහල සහ ඇල්ජීරියාවේ Mohamed Lamine Debaghine රෝහලේ සහයෝගීතාවෙන් 2023 වසරේ ජූනි මාසයේ පිළියෙල කරන ලද එම වාර්තාවේ කලීෆ්ගේ සිරුරේ ව්‍යූහය ද විස්තර කර තිබෙන අතර ඇයට ගර්භාශයක් නැති බව හා කුඩා ශිශ්නයක් ති‌බෙන බව ද එහි සඳහන්. කලීෆ්ගේ ශාරීරික ගතිලක්ෂණ ඇගේ ස්ත්‍රී-පුරුෂ භාවයේ අනන්‍යතාවේ ස්වයං-අවබෝධය සමග පෙළ ගැස්වීම ඉලක්ක කර ගත් ශල්‍ය වෛද්‍යමය නිවැරදි කිරීම සහ හෝමෝන පිළියම ද එම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.

 

algeria s imane khelif 1 6987467 1722616816181කාන්තා ක්‍රීඩාවන්ට සහභාගි වීම නිසා 25 හැවිරිදි ඉමාන් කලීෆ් නිරන්තර අවධානයට ලක්ව තිබෙනවා

කාන්තා ක්‍රීඩාවන්ට සහභාගි වීම නිසා 25 හැවිරිදි ඉමාන් කලීෆ් නිරන්තර අවධානයට ලක්ව තිබෙනවා. 2023 වසරේදී ජාත්‍යන්තර බොක්සිං සංගමය (IBA) නවදිල්ලියේ පැවති ලෝක ශූරතාවලියේ රන් පදක්කමේ තරගයට සහභාගි වීම කලීෆ් ට තහනම් කළා. එම තීරණය නිසා ක්‍රීඩාවේ දැඩි ස්ත්‍රී-පුරුෂ වර්ගීකරණය වෙනුවෙන් පෙනී සිටින පිරිස් අතර සැලකිය යුතු මතභේදයක් හට ගත්තා. එය වඩාත් උග්‍ර වූයේ පැරිසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ.

එහෙත් පරිපාලනමය වැරදි හේතුවෙන් IBA ට තිබුනු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) පිලිගැනීම එම කමිටුව විසින් අහෝසි කළා. එයින් සිදුවූයේ පැරිස් ඔලිම්පික් බොක්සිං තරගාවලිය IOCය විසින් මෙහෙයවීම. කලීෆ්ගේ සහභාගිත්වයට එම කමිටුවේ අවසරය ලැබුනා.

 

c1 2840231 240802134336මාධ්‍යවේදියෙකුගේ අතට පත්වූ ඉමාන් කලීෆ්ගේ රහසිගත වෛද්‍ය වාර්තාවේ සඳහන් කරුණු විස්තර කරමින් ප්‍රංශයේ පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව ඇය නීති පියවර ගන්නා බව IOCය ප්‍රකාශ කර තිබෙනවා.

මාධ්‍යවේදියෙකුගේ අතට පත්වූ ඉමාන් කලීෆ්ගේ රහසිගත වෛද්‍ය වාර්තාවේ සඳහන් කරුණු විස්තර කරමින් ප්‍රංශයේ පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව ඇය නීති පියවර ගන්නා බව IOCය ප්‍රකාශ කර තිබෙනවා.

සටහන :

warnan Gunasekara

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...