The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉමාන් කලීෆ්: බොක්සිං ක්‍රීඩිකාවන්ගෙන් සමාව අයැදින්නැයි බොක්සිං ප්‍රධානියා ඔලිම්පික් ප්‍රධානියාට කියයි

T

The Leader Desk

November 7, 2024 • 11:33 AM

ඉමාන් කලීෆ්: බොක්සිං ක්‍රීඩිකාවන්ගෙන් සමාව අයැදින්නැයි බොක්සිං ප්‍රධානියා ඔලිම්පික් ප්‍රධානියාට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලීෆ්ගේ ලිංගිකත්වය පිළිබඳව තිබූ ප්‍රශ්න සහගත වෛද්‍ය පරීක්ෂණ වාර්තා හේතුවෙන් මේ තීරණය ගෙන තිබුන ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) කලීෆ් ට ඔලිම්පික් වරම් ලබා දුන් අතර ඇය අවසානයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.
  • IOC සභාපති තොමාස් බාහ් (Thomas Bach) බොක්සිං ප්‍රජාවගෙන් සහ පහර දීමට හා පරිභවයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාවන්ගෙන් වහාම සමාව ගත යුතු බවට IBA සභාපති උමා ක්‍රෙම්ලෙෆ් (Umar Kremlev) බලවත් ඉල්ලීමක් කර තිබෙනවා.
  • ඉමාන් කලීෆ් ලෝකයාගේ වැඩිම කතාබහට ලක්වූ ක්‍රීඩිකාව බවට පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පත්වූයේ කලීෆ් ට අමතරව තායිවානයේ ලින් යූ-ටිං ක්‍රීඩිකාවට ද IBA ඔවුන්ගේ 2023 කාන්තා ලෝක බොක්සිං ශූරතාවලියට සහභාගි වීම තහනම් කර තිබූ පසුබිමක.
  • නමුත් IOCය මේ ක්‍රීඩිකාවන් දෙදෙනා ම ඔලිම්පික් බොක්සිං වළල්ලට සුදුසු බවට තීරණය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

කලීෆ්ගේ ලිංගිකත්වය පිළිබඳව තිබූ ප්‍රශ්න සහගත වෛද්‍ය පරීක්ෂණ වාර්තා හේතුවෙන් මේ තීරණය ගෙන තිබුන ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) කලීෆ් ට ඔලිම්පික් වරම් ලබා දුන් අතර ඇය අවසානයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

 

algeria s imane khelif 1 6987467 1722616816181

රහසින් පිටකරන ලද ඉමාන් කලීෆ්ගේ වෛද්‍ය වාර්තාව නිසා IBA හා IOC අතර නැවත වචන යුද්ධයක ගිනි ඇවිලී තිබෙනවා. IOC සභාපති තොමාස් බාහ් (Thomas Bach) බොක්සිං ප්‍රජාවගෙන් සහ පහර දීමට හා පරිභවයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාවන්ගෙන් වහාම සමාව ගත යුතු බවට IBA සභාපති උමා ක්‍රෙම්ලෙෆ් (Umar Kremlev) බලවත් ඉල්ලීමක් කර තිබෙනවා.

IBA President Umar Kremlev right SGCEO Chris Roberts OBE left e1721921493424IBA සභාපති උමා ක්‍රෙම්ලෙෆ් (Umar Kremlev)

 

බොක්සිං ක්‍රීඩාවේ ගෝලීය පරිපාලකයන් වන IBA, විශේෂයෙන් ඔවුන්ට පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලිය මෙහෙයවීමට IOCය විසින් ඉඩ නොදීමෙන් පසුව, වසර ගණනාවක් තිස්සේ ඔලිම්පික් බලධාරීන් සමග දබර කරමින් සිටිනවා.

ඉමාන් කලීෆ් ලෝකයාගේ වැඩිම කතාබහට ලක්වූ ක්‍රීඩිකාව බවට පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පත්වූයේ කලීෆ් ට අමතරව තායිවානයේ ලින් යූ-ටිං ක්‍රීඩිකාවට ද IBA ඔවුන්ගේ 2023 කාන්තා ලෝක බොක්සිං ශූරතාවලියට සහභාගි වීම තහනම් කර තිබූ පසුබිමක. නමුත් IOCය මේ ක්‍රීඩිකාවන් දෙදෙනා ම ඔලිම්පික් බොක්සිං වළල්ලට සුදුසු බවට තීරණය කළා.

 

දැන්, කලීෆ් පිරිමියෙකු බවට තහවුරු කෙරෙන Le Correspondant හි පළවූ රහස්‍ය වෛද්‍ය වාර්තාවකින් IBA ගත් තීරණය නිවැරදි බව දිස්වනවා. මේ වාර්තාව ලබා ගෙන තිබෙන්නේ ප්‍රංශ මාධ්‍යවේදී Djaffar Ait Aoudia විසින්.

වාර්තාව ප්‍රසිද්ධ වීමෙන් පසුව IOCය වෙත ප්‍රහාරයක් දියත් කිරීමට IBA මොහොතක් හෝ ප්‍රමාද වූයේ නැහැ. 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තාවන්ට සිදුවූ හිරිහැර කිරීම්වලට තොමාස් බාහ් සමාව ගත යුතු බවට උමා ක්‍රෙම්ලෙෆ් තරයේ කියා සිටිනවා.

 

744180 0

“හැම දෙනාම දැන් මේ ප්‍රවෘත්තිය දන්නවා. කාන්තාවන්ට එරෙහිව පිරිමියෙක්ව ඉදිරිපත් කිරීමෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩාවේ සියලුම නීති උල්ලංඝනය කර තිබෙනවා. ඉමාන් කලීෆ් ඇත්තටම පිරිමියෙක් බවට වෛද්‍ය පරීක්ෂණ නැවතත් තහවුරු කර තිබෙනවා. ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව සහ කාන්තා හා පිරිමි යන දෙඅංශයේ ම බොක්සිං ක්‍රීඩාව ආරක්ෂා කිරීමේ පිළිවෙත දිගටම ගෙන යන ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සභාපති වශයෙන් මම අද තොමාස් බාහ් සහ ඔහුගේ කණ්ඩායමෙන් තරයේ ඉල්ලා සිටින්නේ ඔවුන් වාචිකව හා ලිඛිතව ගෝලීය බොක්සිං ප්‍රජාවගෙන් සමාව ගන්නා ලෙස. තොමාස් බාහ් කෙළින් ම මීට වගකිව යුතුයි. මොකද ඔහු කාන්තාවන්ට එරෙහිව පිරිමින් තරග කිරීමේ මේ සිද්ධිය ඇති වීමට පෞද්ගලිකවම මැදිහත් වූ නිසා. බොක්සිං ප්‍රජාව හා පීඩාවට පත් කෙල්ලන් ඉදිරියේ දණින් වැටී සමාව අයැද සිටින ලෙසට මම ලෝකයේ සිටින සියලුම බොක්සිං ක්‍රීඩකයන් වෙනුවෙන් ඔවුන්ට තරයේ කියා සිටිනවා.”

IBA සභාපති උමා ක්‍රෙම්ලෙෆ් අවසාන වශයෙන් මෙසේ පවසනවා.

“තොමාස් බාහ්...ජාත්‍යන්තර බොක්සිං සංගමයේ අනෙක් සියලු දෙනා මෙන් මමත්, නිල වශයෙන් ඔබේ සමාව ලැබෙන තුරු දැන් බලා ඉන්නවා!”

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...