The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඊශ්‍රායල් පාපන්දු ලෝලීන් අම්ස්ටඩොම් අගනුවර පලස්තීන කොඩි ඉරා දමමින් යකා නටති

T

The Leader Desk

November 9, 2024 • 8:58 AM

ඊශ්‍රායල් පාපන්දු ලෝලීන් අම්ස්ටඩොම් අගනුවර පලස්තීන කොඩි ඉරා දමමින් යකා නටති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැවති යුරෝපීය ලීග් පාපන්දු තරගයට පෙර හා පසුව ඊශ්‍රායල පාපන්දු ලෝලීන් පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් සමග දරුණු ගැටුම් ඇති කර ගත්තා.
  • තරගයේ විවේක කාලයේ ගෝල් 3-0කින් පෙරමුණේ සිටීමෙන් පසුව ආයොක්ස් කණ්ඩායම ගෝල් 5-0කින් තරගය ජයග්‍රහණය කළා.
  • මේ ගැටුම් දින කිහිපයක් තිස්සේ ගොඩනැගෙමින් ආ නොඉවසුම් ගතියක ප්‍රතිඵලයක් බව වාර්තා වනවා.
  • මේ ගැටුම්වලින් පසුව ඊශ්‍රායල් ජාතිකයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවත් දෙදෙනෙක් ආගිය අතක් නැති බවත් ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවති යුරෝපීය ලීග් පාපන්දු තරගයට පෙර හා පසුව ඊශ්‍රායල පාපන්දු ලෝලීන් පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් සමග දරුණු ගැටුම් ඇති කර ගත්තා.

මේ ප්‍රචණ්ඩකාරී ගැටුම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ හටගෙන තිබෙන්නේ අම්ස්ටඩොම් නගරයේ ප්‍රධාන රංග භූමිය මෙන්ම ආයොක්ස් කණ්ඩායමේ ක්‍රීඩාංගණය ද වන Johan Cruyff Arena හි සහ අනෙකුත් පෙදෙස්වල.

තරගයේ විවේක කාලයේ ගෝල් 3-0කින් පෙරමුණේ සිටීමෙන් පසුව ආයොක්ස් කණ්ඩායම ගෝල් 5-0කින් තරගය ජයග්‍රහණය කළා.

 



මේ ගැටුම් දින කිහිපයක් තිස්සේ ගොඩනැගෙමින් ආ නොඉවසුම් ගතියක ප්‍රතිඵලයක් බව වාර්තා වනවා.

අම්ස්ටඩොම් අගනගරයට සිය ගණනින් පැමිණි ‘මැකබී ටෙල් අවීව්’ ආධාකරුවන් සිද්ධියට පෙර ප්‍රධාන චතුරස්‍රයේදී මහ හඬින් රැලියක් පවත්වා තිබෙන්නේ ඊශ්‍රායල් කොඩි වනමින් හා ගොඩනැගිල්ලක තිබූ පලස්තීන ධජයක් ඉරා බිමට ඇද දමමින්.

තරගයට පෙර නගරයට පැමිණීමෙන් පසුව පලස්තීන ආධාරකරුවන්ට පහර දෙමින් ඔවුන් ප්‍රචණ්ඩත්වයට පොළඹවා ගෙන තිබෙන්නේ  ඊශ්‍රායල ක්‍රීඩා ලෝලීන් විසින්.

 

QYMDNTFHRNJM5K7LGI737HDJ5I

ඔවුන් ගැටුම් ආරම්භ කර තිබෙන්නේ අම්ස්ටඩොම් හි පලස්තීන ජාතික කොඩි ප්‍රදර්ශනය වෙමින් තිබූ නිවෙස්වලට පහර දෙමින්. බදාදා රාත්‍රියේ මැකබී රස්තියාදුකාරයන් විසින් දියත් කළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීම පිණිස අම්ස්ටඩොම් වැසියන් රැස්වී ප්‍රතිප්‍රහාර එල්ල කළා.


මේ ගැටුම්වලින් පසුව ඊශ්‍රායල් ජාතිකයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවත් දෙදෙනෙක් ආගිය අතක් නැති බවත් ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඊශ්‍රායල් රටවැසියන් ආපසු ගෙන්වා ගැනීම පිණිස ගුවන් යානා යවන බවට අගමැති බෙන්ජමින් නෙටන්යාහුගේ කාර්යාලය නිවේදනය කළේ මේ අතරතුර.

 

J2HY3ZQ5KBPHDHHPY4NOLXRZXA

මේ බිය උපදවන සිද්ධිය කෙරෙහි ඉතාම බැරෑරුම් ලෙස අවධානය යොමු කරන බව ප්‍රකාශ කළ නෙටන්යාහුගේ කාර්යාලය, කැරලිකරුවන්ට එරෙහිව ශක්තිමත් පියවර ගනිමින් තම රටවැසියන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසට නෙදර්ලන්ත රජයෙන් හා ආරක්ෂක හමුදාවන්ගෙන් තරයේ ඉල්ලා සිටියා.

මීට අමතරව, විදෙස් රටවල පැවැත්වෙන තරගවලදී ඇති වන ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා සැලසුමක් සකස් කරන ලෙස ද නෙටන්යාහු ඔහුගේ රටේ රහස් ඔත්තු සේවය වන මොසාඩ් ඒජන්සියට නියෝග කර තිබෙනවා.

මේ අතර, ඊශ්‍රායල් ආධාරකරුවන් විසින් අරාබි විරෝධී සටන් පාඨ කෑගැසීම හා පලස්තීන ධජයට සිදුකළ ප්‍රහාරයන් පලස්තීන විදේශ කටයුතු අමාත්‍යංශය විසින් හෙළා දැක තිබෙනවා. මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස හා නෙදර්ලන්තයේ ජීවත් වන පලස්තීනුවන් හා අරාබිවරුන් ආරක්ෂා කරන ලෙස එම අමාත්‍යංශය නෙදර්ලන්ත රජයෙන් ඉල්ලා තිබෙනවා.

 

මාර්ගයේ ගමන් කරමින් සිටි අහිංසක මිනිසුන්ට, ජනතාවගේ දේපලවලට හා ටැක්සි රියදුරන්ට ඊශ්‍රායල ක්‍රීඩා ලෝලීන් පහර දුන් බවත් ඔවුන් පලස්තීන කොඩියක් බිමට ඇද ඉරා දැමූ බවත් අම්ස්ටඩොම් නිවැසියෙක් පවසා තිබෙනවා. තමන්ට හා තමන්ගේ දේපලවලට එරෙහිව ඊශ්‍රායලයේ මැර ක්‍රීඩා ලෝලීන් ආරම්භ කළ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර දැක්වීමට මිනිසුන් උත්සාහ කරන අයුරු තමා දුටු බව ද එම නිවැසියා සඳහන් කර තිබෙනවා.


ඊශ්‍රායල් මැරයන් අරාබි ජාතිකයන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින්, “ගාසා හි පාසල් නැත්තේ එහි ළමයින් ඉතිරිව නැති නිසා” යනුවෙන් ගීත ගායනා කර තිබෙනවා.

මේ සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ ඊශ්‍රායල් කතන්දරය විසින් යුරෝපය වසා ගෙන ඇති බව යැයි ඊශ්‍රායල් දේශපාලන විචාරක ඔරි ගෝල්ඩ්බර්ග් (Ori Goldberg) සඳහන් කරනවා.

 gettyimages 2182889972

“ඊශ්‍රායල් ක්‍රීඩා ලෝලීන් අම්ස්ටඩොම් නගරය මැද කලකෝලාහල ඇති කිරීම, ජාතිවාදී ගීත ගායනාව හා පලස්තීන කොඩි ඉරා දැමීම පිණිස ගෙවල්වල බිත්ති නැගීම යන කාරණය වර්තමාන ඊශ්‍රායල් කොන්දේසියේ කොටසක්” යැයි ඔහු කියනවා.

ඊශ්‍රායල පාපන්දු ක්‍රීඩා සමාජයේ ආධාරකරුවන් හා විරුද්ධවාදීන් අතර තිබෙන කලබලකාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමු කළ අම්ස්ටඩොම් නගරාධිපතිනි Femke Halsema, නගරය තුළ රැස්වීම් පැවැත්වීම හා පෙළපාළියේ යාම දින තුනකට තහනම් කළා. මීට අමතරව, මහජන සාමයට බාධා සිදුවිය හැකි ‘මුහුණ වසාගත් ඇඳුම්’ හා ‘ද්‍රව්‍යය රැගෙන යාම’ ද ඇය විසින් තහනම් කර තිබෙනවා.

p0k378wbඅම්ස්ටඩොම් නගරාධිපතිනි Femke Halsema,

පලස්තීන ආධාරකරුවන් හා මැකබී ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වීමෙන් පසුව 600ක පමණ පොලිස් බලඇණියක් සේවයේ යෙදවුනු අතර පුද්ගලයන් 63 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරනවා. තුවාල ලැබූ ඊශ්‍රායල් පාපන්දු ලෝලීන් පස් දෙනෙකු රෝහලෙන් නිදහස් කර ඇති බවත් 20ත් 30ත් අතර අනෙක් පුද්ගලයන්ට සුළු තුවාල සිදු ව ඇති බවත් ප්‍රකාශ කරන පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයන් 63 දෙනාගෙන් 10 දෙනෙක් තවමත් අත්අඩංගුවේ පසුවන බවත් පවසනවා.


පලස්තීන හිතවාදී පෙළපාලිකරුවන් තරගය පැවැත්වුනු ක්‍රීඩාංගණයට ඇතුළු වීමට උත්සාහ කර තිබෙනවා. ක්‍රීඩා ලෝලීන් සිද්ධියකින් තොරව ක්‍රීඩාංගණයෙන් පිටව ගිය ද, නගරය මැද ගැටුම් කිහිපයක් රාත්‍රියේ සිදුවූ බව පොලිසිය පැවසුවා.

පොලිසිය ක්‍රියාත්මක වූ බවට පුරපතිනිය පැවසූව ද, ඔවුන් නියම වෙලාවට ක්‍රියාත්මක නොවූ බවට නගරවාසීන් චෝදනා කරනවා. ඔවුන් ක්‍රියා කළේ මැකබී ප්‍රචණ්ඩකාරීන් පමණක් ආරක්ෂා කිරීමට බවත් අම්ස්ටඩොම් වැසියන්ට ඔවුන්ගේ මිනිසුන් හා දේපල ආරක්ෂා කිරීමට සිදුවූ බවත් පැවසෙනවා.

 

D5JKJD4CH5NP7C67QIUCHFFZZE

පොලිසිය පැමිණියේ ජනතාවට පහර දී පලා යන මැකබී ක්‍රීඩා ලෝලීන් ආරක්ෂා කිරීමට පමණක් බව නගරවාසීන් කියනවා.

ඊශ්‍රායල් ක්‍රීඩා ලෝලීන්ට ඔවුන්ගේ හෝටලවල සිට අම්ස්ටඩොම් ගුවන්තොටුපලට ආරක්ෂිතව යාමට සහාය වන ලෙසට ඊශ්‍රායල් විදේශ කටයුතු ඇමතිවරයා නෙදර්ලන්ත විදේශ ඇමතිගෙන් ඉල්ලා තිබෙනවා.

අම්ස්ටඩොම් නගරයේදී ඊශ්‍රායල් ක්‍රීඩා ලෝලීන් සිදුකළ ක්‍රියාවන් දෙස බලන විට, “සෑම ක්‍රියාවකටම ප්‍රතිවිපාකයක් තිබෙනවා” යන මතය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමක් මේ ගැටුම් අරබයා ඊශ්‍රායලය දක්වන ප්‍රතිචාරවලින් හොඳින් පිළිබිඹු වන බව ගෝල්ඩ්බර්ග් ප්‍රකාශ කරනවා.

 In this image taken from video, police escort Maccabi Tel Aviv supporters to the metro station leading them to the Ajax stadium, after pro-Palestinian supporters marched near the stadium, in Amsterdam, the Netherlands, Thursday, Nov. 7, 2024. (AP Photo InterVision)

මේ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් ස්කූටර්වල නැගුනු කණ්ඩායම් නගරය පුරා මැකබී ක්‍රීඩා ලෝලීන් සොයමින් ඔවුන්ට පහර දී පලා යාමේ උත්සාහයක නිරතව සිටි බව ද වාර්තා වනවා.

‘මැකබී ටෙල් අවීව්’ නමැති ඊශ්‍රායල් පාපන්දු කණ්ඩායම සිටින්නේ යුරෝපා ලීග් තරගාවලියේ මේ ක්‍රීඩා වාරයේ ලකුණු සටහනේ අග පල් වෙමින්. කණ්ඩායම් 36ක් අතරින් ඔවුන් පසුවන්නේ 35 වැනි ස්ථානයේ.

 

protest 241109

යුරෝපා ලීගයේ ඔවුන්ගේ මීළග තරගය නොවැම්බර් 28 වැනිදාට නියමිතව තිබෙන්නේ ඉස්ටාන්බුල් නුවර සිටින Besiktas නමැති තුර්කි කණ්ඩායම සමග. කෙසේ වෙතත්, තුර්කි බලධාරීන්ගේ තීරණයකට අනුව එම තරගය ක්‍රීඩා කෙරුනු ඇත්තේ මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක.

අම්ස්ටඩොම් හි ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳවත්, විශේෂයෙන් මැකබී ක්‍රීඩා ලෝලීන් විසින් අවුස්සන ලද පලස්තීන විරෝධී ජාතිවාදය හා ඉස්ලාම් විරෝධය පිළිබඳවත් තමන්ගේ දැඩි අවධානය යොමුව තිබෙන බව පලස්තීන පාපන්දු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 
සබැඳි පුවත් :
යුදෙව් විරෝධීහු ඇම්ස්ටර්ඩෑම් නුවර යකා නටති - ඊශ්‍රායල ජාතිකයින් රැසකට පහර දෙති 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...