The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනපති වීම ලෝක ක්‍රීඩාවට බලපාන හැටි

T

The Leader Desk

November 9, 2024 • 4:07 PM

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනපති වීම ලෝක ක්‍රීඩාවට බලපාන හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෙන එනු ඇති බවට සැකයක් මතුව තිබෙනවා.
  • දේශපාලන බලකණුවලට තිබෙන තමාගේ ප්‍රණාමය දැක්වීම සැඟවීමට කිසිවිටකත් උත්සාහ කර නැති ඉන්ෆන්ටීනෝ, ට්‍රම්ප්ව ඕවල් කාර්යාලයේදී මුණ ගැසුනු අවස්ථාවක ඔහු ට්‍රම්ප්ගේ නම සහ 26 අංකය සඳහන් කමිසයක් පිරිනැමූ මොහොත දිස්වන ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් හි පෝස්ට් කර තිබෙනවා.
  • එවැනි තත්ත්වයක් හමුවේත් ඉන්ෆන්ටීනෝගේ ප්‍රතිචාරය, ට්‍රම්ප්ගේ පරිපූර්ණ ජයග්‍රහණයෙන් ක්‍රීඩා ලෝකයට සැලකිය යුතු බලපෑමක් සිදුවනු ඇති බවට තිබෙන වැඩිදුර සාක්ෂියක්.
  • එය ගොල්ෆ්, ඔලිම්පික්ස් හා අනෙකුත් ක්‍රීඩාවන්ටද විශාල බලපෑමක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෙන එනු ඇති බවට සැකයක් මතුව තිබෙනවා.

ට්‍රම්ප්ගේ දෙවැනි ජනපති ධූර කාලය තුළ පාපන්දු, ගොල්ෆ් ක්‍රීඩාවන්ට හා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වැඩි අවධානයක් යොමු වීමට ඉඩ තිබෙනවා.

පාපන්දු ලෝක ප්‍රධානියා වන FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ (Gianni Infantino) ට්‍රම්ප් ට මුලින් ම සුභ පැතුම් පණිවුඩ යැවීමේ උත්සාහයේදී එංගලන්ත අගමැති Sir Keir Starmer හා ප්‍රංශයේ ජනාධිපති Emmanuel Macron ට පරාජය වූව ද, රුසියාවෙන් හෝ සෞදි අරාබියෙන් එන සුභ පැතුම්වලට වඩා ඉක්මන් වීමට ඉන්ෆන්ටීනෝ සමත් වුනා.

setw45
දේශපාලන බලකණුවලට තිබෙන තමාගේ ප්‍රණාමය දැක්වීම සැඟවීමට කිසිවිටකත් උත්සාහ කර නැති ඉන්ෆන්ටීනෝ, ට්‍රම්ප්ව ඕවල් කාර්යාලයේදී මුණ ගැසුනු අවස්ථාවක ඔහු ට්‍රම්ප්ගේ නම සහ 26 අංකය සඳහන් කමිසයක් පිරිනැමූ මොහොත දිස්වන ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් හි පෝස්ට් කර තිබෙනවා.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිතව තිබියදී ඉන්ෆන්ටීනෝ මෙසේ සටහන් කළා:


“ජනාධිපතිතුමනි! මගේ සුභ පැතුම්. අපි ශ්‍රේෂ්ඨ FIFA ලෝක කුසලානයක් හා ශ්‍රේෂ්ඨ FIFA ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියක් අමෙරිකාවේ පවත්වමු. පාපන්දුව ලෝකය එක්සත් කරනවා.”

‘අමෙරිකාව නැවත ශ්‍රේෂ්ඨ රටක් කරමු’ යන සටන් පාඨය යටතේ අත්කර ගත් ජයග්‍රහණයෙන් ට්‍රම්ප් ට නැවත ධවල මන්දිරයට යන මාර්ගය විවර වීම දේශපාලන ලෝකය විසින් පිළිගෙන තිබෙන්නේ මිශ්‍ර හැඟීම්වලින්.

 

xrt45f
එවැනි තත්ත්වයක් හමුවේත් ඉන්ෆන්ටීනෝගේ ප්‍රතිචාරය, ට්‍රම්ප්ගේ පරිපූර්ණ ජයග්‍රහණයෙන් ක්‍රීඩා ලෝකයට සැලකිය යුතු බලපෑමක් සිදුවනු ඇති බවට තිබෙන වැඩිදුර සාක්ෂියක්.

මේ බලපෑම පාපන්දුවට පමණක් සීමා වන්නේ නැහැ. එය ගොල්ෆ්, ඔලිම්පික්ස් හා අනෙකුත් ක්‍රීඩාවන්ටද විශාල බලපෑමක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැවත බලයට පත්වීම, ව්ලැඩමී පූටින්ගේ රුසියාව සමග තිබෙන අමෙරිකාවේ සම්බන්ධතාවට කෙසේ බලපාවිද යන්න ප්‍රධාන ප්‍රශ්නය වී තිබෙනවා.

ට්‍රම්ප් මීට පෙර ක්‍රෙම්ලිනයේ ප්‍රධානියාව උණුසුම් ලෙස ප්‍රශංසා කර තිබෙන්නේ යුක්රේනය ඔවුන්ගේ දෛවය තුළ අතරමං කරනු ඇති බවට විශාල බියක් මතු කරමින්.

රුසියාව ට 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා දීමට සමහර විට දැන් ප්‍රමාද වැඩියි.

පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම් අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා කුසපත් ඇදීම ලබන මාසයේ සූරිච් නුවර සිදු කිරීමට නියමිතව තිබුන ද, අසල්වැසි රට ආක්‍රමණය කිරීම හේතුවෙන් රුසියාව ට පැනවූ තරග තහනම තවමත් තිබෙනවා.

විය නොහැකි වෙනස්වීමක් සිදු නොවුනොත්, රුසියාව මේ තරගාවලිය සඳහා ආපසු ඇතුළත් කර ගැනීමේ පැහැදිලි මාර්ගයක් දක්නට නැහැ.

ඉරානයේ සහභාගිත්වය ද තවත් විශේෂ කාරණයක්.

drt34

ඉරානය ට පනවා තිබෙන සම්බාධක දෙවැනි ට්‍රම්ප් ජනාධිපති ධූරය විසින් දෙගුණ තෙගුණ කිරීම පිළිබඳව කිසිම සැකයක් නැහැ.

ජගත් පාපන්දු සම්මේලනය විසින් අතීතයේදී තරගාවලියන්ට සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට සමහර කණ්ඩායම් සහභාගි වීම වළක්වා තිබුන ද, තරගාවලියකට සුදුසුකම් ලබා ගත් කණ්ඩායමක් එම තරගාවලියෙන් ඉවත් කිරීමක් මීට පෙර සිදුවී නැහැ.

2026 වසරේදී අමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉරානය නිසැකවම සුදුසුකම් ලබා ගනු ඇතත්, සත්කාරක දේශයට එරෙහි සටන් පාඨ කෑගසමින් එම තරගාවලියට පිවිසෙන ඉරාන කණ්ඩායමක් දෙස ලෝකයා බලනු ඇත්තේ හිතාමතා කරන ප්‍රකෝප කිරීමක් ලෙසින්.

සෞදි අරාබිය ද ඇතුළුව අරාබි ලෝකයට ඉරානය යනු පරයන්ගේ දේශයක්.

සෞදියේ සහයෝගයෙන් LIV වෘත්තීය පිරිමි ගොල්ෆ් තරගාවලියන් හි තරග ක්‍රීඩා කෙරුනේ ඩොනල්ඩ් ට්‍රම්ප් සංවිධානයට අයත් වොෂිංටන්, මයාමි හා නිව් ජර්සි යන ප්‍රදේශයන්හි පිහිටි ට්‍රම්ප් ජාතික ගොල්ෆ් ක්‍රීඩා පිට්ටනිවල.

ඔහුගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව, PGA Tour ගොල්ෆ් ප්‍රධානීන්ට ගොල්ෆ් ක්‍රීඩා අනාගතයේ ප්‍රධාන කාර්යභාරයක් සෞදි අරාබිය ට ලැබෙන පරිදි දිගුකාලීන එකඟතාවකට පිවිසෙන ලෙසට බලපෑමක් ඇති කිරීම පිළිබඳව කිසිදු සැකයක් නැහැ.

LIV ගොල්ෆ් ක්‍රීඩක හා වර්තමාන අමෙරිකානු විවෘත ශූරයා වන Bryson DeChambeau ඔහුගේ යූටියුබ් චැනලය සඳහා ට්‍රම්ප් සමග ගොල්ෆ් වටයක් ක්‍රීඩා කළ අතර ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රාහී රැලියටද ඔහුට ආරාධනය කර තිබුනා.
 
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද ට්‍රම්ප්ගේ නැවත පැමිණීමෙන් අමතර අවධානයක් යොමු වනවා.

උපතින් පිරිමින් වූ අය කාන්තා ක්‍රීඩාවලින් ඉවත් කරන බවට සිය මැතිවරණ මෙහෙයුමේදී පොරොන්දු වූ ට්‍රම්ප් ට ඔලිම්පික් සමාරම්භක උත්සවය අමතන ලෙසට ආරාධනා කරනු ඇත.
 
set534tt

ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් හා තායිවානයේ ලින් යූ-ටිං යන බොක්සිං ක්‍රීඩිකාවන් අරබයා පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී හටගත් ලිංගිකත්වයේ මතභේදය තවමත් මැකී ගොස් නැහැ.

ජගත් ඔලිම්පික් කවුන්සලයේ ප්‍රධානීන් දේශපාලන ක්‍රියාකාරකම්වලට වැට බැඳ තිබුන ද, ලිංගික සංක්‍රාන්ති අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීන්ට හා රුසියාව නිසා තමන් තර්ජනයකට ලක්ව සිටින බවට හැඟෙන රටවල සමාජ ක්‍රියාකාරීන්ට ට්‍රම්ප් ජනාධිපති ධූරය සමග ගැටීම ඔවුන්ට සාර්ථක කර ගැනීමට නොහැකි තරමේ විශාල ඉලක්කයක් වීමට ඉඩ තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යළි එකතු කර ගන්නා ලෙසට කෙරෙන රුසියාවේ ඉල්ලීමට ට්‍රම්ප් ඔහුගේ සහයෝගය ලබා දීම ද විය හැකි දෙයක්.

එය එසේ සිදුවුවහොත්, 1984 වසරේ ලොස් ඇන්ජලීස් නුවර අවසන් වතාවට පැවති ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමෙන් පසුව සිදුවන පළමු විශාල ඔලිම්පික් වර්ජනය දැකගත හැකිවේවි. ලොස් ඇන්ජලීස් ට සිවු වසරකට පෙර මොස්කව් නුවර පැවති 1980 ඔලිම්පික් ක්‍රීඩා උළෙල අමෙරිකාවේ මූලිකත්වයෙන් වර්ජනය කිරීමට එකටෙක කිරීමක් වශයෙන් ලෝකයේ කොමියුනිස්ට් රටවල් බොහොමයක් 1984 ඔලිම්පික් උළෙල වර්ජනය කළා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනපති වීම ලෝක ක්‍රීඩාවට බලපාන හැටි | The Leader