The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කිඹුල්ලු අරක් ගත් ජලයට වැටුනු ඉයන් බොතම්ව ඔස්ට්‍රේලියානු ප්‍රතිවාදියා බේරා ගනී

T

The Leader Desk

November 10, 2024 • 4:13 PM

කිඹුල්ලු අරක් ගත් ජලයට වැටුනු ඉයන් බොතම්ව ඔස්ට්‍රේලියානු ප්‍රතිවාදියා බේරා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරග බිමේ ඔහුගේ ප්‍රතිවාදයෙකුව සිටි ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මර්ව් හියුස් (Merv Hughes).
  • වාසනාවකට, වතුරේ මොනවද තියෙන්නේ කියලා හිත හිතා ඉන්න තරම් වෙලාවක් මට තිබුනේ නැහැ.” ඩාවින් නුවරින් කිලෝමීටර් 200ක් දකුණු දෙසින් තිබෙන මොයල් (Moyle) ගංගාවේ බොතම් සහ හියුස් බැරමන්ඩී (Barramundi) මත්ස්‍යයන් ඇල්ලී‌මේ යෙදී සිටියදීයි මේ අනතුර සිදුව තිබෙන්නේ.
  • ධීවරයන් විසින් ඉවතලන දේ බලාපොරොත්තුවෙන් තඩි මෝරුන්ගේ පවුලක් ද බෝට්ටුව යට සිටි බවට වාර්තා වනවා.
  • හැවිරිදි හියුස්, 1994 වසරේ ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් වීමෙන් පසුව මාළු ඇල්ලීමට තමාට තිබෙන ආශාවෙන් අලුත් ජීවිතයක් ආරම්භ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

තරග බිමේ ඔහුගේ ප්‍රතිවාදයෙකුව සිටි ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මර්ව් හියුස් (Merv Hughes).

68 හැවි‌රිදි බොතම් මේ බිය උපදවන අනතුරට මුහුණ පා තිබෙන්නේ ඔහුගේ ‘අළු බඳුන’ ප්‍රතිවාදියෙකු වන හියුස් සමග ඔස්ට්‍රේලියාවේ උතුරේ නිවර්තන කැලෑ පෙදෙසක මාළු ඇල්ලීමේ සිවු දින සංචාරයක යෙදී සිටියදී.

ojoe343
පය පැටලීමෙන් බෝට්ටුවේ සිට ජලයට වැටුනු බොතම් ට බෝට්ටු කඳේ ගැටීම නිසා තුවාල සිදුවූ අතර ලුණුවතුර කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්වීමේ අවදානමට ද ඔහු ලක්වුනා.

“මම වතුරට ගියාට වැඩි වේගයෙන් වතුරෙන් ඉවතට ආවා” යනුවෙන් බොතම් ඔහුගේ අත්දැකීම විස්තර කරමින් කියා සිටියා.

“කිඹුල්ලු ඇස් ජෝඩු කිහිපයක් මා දෙස එබිකම් කරමින් සිටියා. වාසනාවකට, වතුරේ මොනවද තියෙන්නේ කියලා හිත හිතා ඉන්න තරම් වෙලාවක් මට තිබුනේ නැහැ.”

ඩාවින් නුවරින් කිලෝමීටර් 200ක් දකුණු දෙසින් තිබෙන මොයල් (Moyle) ගංගාවේ බොතම් සහ හියුස් බැරමන්ඩී (Barramundi) මත්ස්‍යයන් ඇල්ලී‌මේ යෙදී සිටියදීයි මේ අනතුර සිදුව තිබෙන්නේ.

බොතම් කුඩා බෝට්ටුවක සිට ලොකු යාත්‍රාවකට මාරු වෙමින් සිටියදී ඔහුගේ පාවහන් කඹයක හිරවී තිබෙන අතර ඔහු බෝට්ටුවේ ගැටී ජලයට වැටී තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ හියුස් තම මිතුරා ගොඩට ඇදගත් බැවින් බොතම් අනතුරෙන් ගැලවී තිබෙනවා.

idke55

ධීවරයන් විසින් ඉවතලන දේ බලාපොරොත්තුවෙන් තඩි මෝරුන්ගේ පවුලක් ද බෝට්ටුව යට සිටි බවට වාර්තා වනවා.

62 හැවිරිදි හියුස්, 1994 වසරේ ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් වීමෙන් පසුව මාළු ඇල්ලීමට තමාට තිබෙන ආශාවෙන් අලුත් ජීවිතයක් ආරම්භ කළා.

බොතම් සමග ඔහු ගිය ප්‍රදේශය වැනි දුර බැහැර පෙදෙස්වලට ගොස් මාළු අල්ලන Merv Hughes Fishing නමැති ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනේ ද ඔහු රඟපානවා.

aer354

මාළු බෑමට බොතම්ගේ තිබෙන ආශාව ඇතිවූයේ ඔහු ළමා වියේ සිටියදී. “වෙඩිතැබීම හෝ ගොල්ෆ් ක්‍රීඩාවන්ට වඩා මගේ ලොකුම ආශාව මාළු ඇල්ලීමයි” යනුවෙන් ඔහු වරක් ප්‍රකාශ කර තිබුනා.

“ගංගා සම්බන්ධයෙන් මොකක්දෝ දෙයක් මට තියෙනවා. ඒවායේ ජලය ගලා යන හැටි දවස ගෙවෙන තුරා බලා ඉඳිද්දී හරිම සුන්දරයි. මොන ක්‍රමයකට හරි මාව උනන්දු නොකළ දිය පහරක් මට කවදාවත් හමුවෙලා නැහැ.”

ලුණුවතුර කිඹුල්ලු 200,000කට පමණ ඔස්ට්‍රේලියාව නිවහනක් වී තිබෙන අතර මොයල් ගංගාව වැනි උතුරු කලාපයේ සමහර පෙදෙස්වල මේ කිඹුල්ලු දර්ශනය වීම සාමාන්‍ය දෙයක්. මේ ප්‍රදේශවල ජලයේ වර්ග කිලෝමීටරයකට සාමාන්‍යයෙන් කිඹුල්ලු පස් දෙනෙකු බැගින් සිටිනවා.

මේ ඉතා විශාල කිඹුල්ලු භයානක වූව ද උන්ගෙන් මිනිසුන්ට සිදුවූ මාරාන්තික ප්‍රහාර ඔස්ට්‍රේලියාවේ වාර්තා වී තිබෙන්නේ වසරකට එකක් හෝ දෙකක් පමණයි.

මේ කිඹුල්ලු විසින් පසුගිය අවුරුදු 25 ඇතුළත ඔස්ට්‍රේලියානුවන් 30 දෙනෙකු මරා දමා තිබෙන බව වාර්තා වනවා.

345ffe

ලුණුවතුරේ සිටින කිඹුල්ලුට කිලෝග්‍රෑම් 1000ක් දක්වා බර ප්‍රමාණයකට සහ මීටර් හයක් දිගට වැඩෙමින් අවුරුදු 70ක් දක්වා ජීවත් විය හැකියි.

විශාල මෝරුන් ආක්‍රමණශීලී විශේෂයක් වන අතර උන් ප්‍රකටව සිටින්නේ මුහුදේ සිට උඩුගං බලා පිහිනීමෙන් පසුව නොමැරී ජීවත්වීමට තිබෙන හැකියාව නිසා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කිඹුල්ලු අරක් ගත් ජලයට වැටුනු ඉයන් බොතම්ව ඔස්ට්‍රේලියානු ප්‍රතිවාදියා බේරා ගනී | The Leader