The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘අප්‍රිකා-ආසියා කුසලානය’ දශක දෙකකට පසුව යළි පණගැන්වීමේ උත්සාහයක්

T

The Leader Desk

November 11, 2024 • 10:54 AM

‘අප්‍රිකා-ආසියා කුසලානය’ දශක දෙකකට පසුව යළි පණගැන්වීමේ උත්සාහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කණ්ඩායමක් හා අප්‍රිකානු කණ්ඩායමක් අතර සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන ‘ඇෆ්රො-ඒෂියා’ කුසලානය - Afro-Asia Cup- තරගමාලාව යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව ආසියානු ක්‍රිකට් සංගමයේ (ACA) අවධානය යොමුව තිබෙනවා.
  • ඒ, 2005 වසරේ දකුණු අප්‍රිකාවේ සහ 2007 වසරේ ඉන්දියාවේ.
  • ආසියාව දෙවැනි තරගය ලකුණු 18කින් ජය ගත් බැවින් තෙවැනි තරගය තීරණාත්මක එකක් බවට පත්වුනා.
  • එම තරගයේදී අප්‍රිකාව ලකුණු 106කට දවාලීමෙන් පසුව ආසියානු ඉනිමට වර්ෂාව හරස් වූ බැවින් තරගමාලාව 1-1ක් ලෙස ජය පැරදුමින් තොරව අවසන් වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

ආසියානු කණ්ඩායමක් හා අප්‍රිකානු කණ්ඩායමක් අතර සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන ‘ඇෆ්රො-ඒෂියා’ කුසලානය - Afro-Asia Cup- තරගමාලාව යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව ආසියානු ක්‍රිකට් සංගමයේ (ACA) අවධානය යොමුව තිබෙනවා.

මේ මහාද්වීප ක්‍රිකට් මණ්ඩලය ඔවුන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවැත්වූ අතර එහිදී ACA ප්‍රතිව්‍යුහගත කර මහාද්වීපයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරග කිරීමේ අවස්ථා ගණන වැඩි කිරීම පිණිස පුද්ගලයන් හය දෙනෙකුගෙන් යුත් අන්තර් කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුවේ එක් අරමුණක් වී තිබෙන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සලය (ACC) වැනි අනෙකුත් සංවිධාන සමග සාකච්ඡා කර ‘ඇෆ්රො-ඒෂියා’ වැනි හරස්-මහාද්වීප තරගාවලියන් පැවැත්වීමේ හැකියාවන් පිළිබඳව සොයා බැලීම.

79088 1 1726379777

 

‘අප්‍රිකා-ආසියා’ තරගාවලිය මීට පෙර ක්‍රීඩා කර තිබෙන්නේ දෙවතාවක් පමණයි. ඒ, 2005 වසරේ දකුණු අප්‍රිකාවේ සහ 2007 වසරේ ඉන්දියාවේ. 2009 වසරේ කෙන්යාවේ පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි තරගමාලාව කිසි දිනෙක පැවැත්වුනේ නැහැ.

දැන්, දශක දෙකකට ආසන්න කාලයකට පසුව ඒ තෙවැනි තරගාවලියක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වීමට ඉඩ තිබෙනවා. මේ තරගමාලාව පැවැත්වුනහොත්, එය වර්තමානයේ එකිනෙකාට එරෙහිව ද්විපාර්ශ්වික ක්‍රිකට් ක්‍රීඩා නොකරණ ඉන්දියාව හා පාකිස්තානය යන රටවල් දෙකේ ක්‍රීඩකයන්ට එකම ආසියානු කණ්ඩායමක සගයන් වීමේ අද්විතීය අවස්ථාවක් උදා වෙනවා.

2005 වසරේ පැවති ‘ඇෆ්රො-ඒෂියා’ කුසලාන මංගල තරගාමාලාවට ජාත්‍යන්තර එක්දින තරග තුනකින් සමන්විත වූ අතර තියුණු මුහුණුවරකින් පැවති පළමු තරගය අප්‍රිකාව ජය ගත්තේ ලකුණු දෙකකින්. ආසියාව දෙවැනි තරගය ලකුණු 18කින් ජය ගත් බැවින් තෙවැනි තරගය තීරණාත්මක එකක් බවට පත්වුනා. එම තරගයේදී අප්‍රිකාව ලකුණු 106කට දවාලීමෙන් පසුව ආසියානු ඉනිමට වර්ෂාව හරස් වූ බැවින් තරගමාලාව 1-1ක් ලෙස ජය පැරදුමින් තොරව අවසන් වුනා.

Durban, SOUTH AFRICA:  ASIA XI wicket keeper Kumar Sangakkara from Sri Lanka celbrates, 21 August 2005, the last wicket during the third of three matches of the AFRO ASIA cup at Kingsmead stadiun in Durban, South Africa.      AFP PHOTO      GIANLUIGI GUERCIA  (Photo credit should read GIANLUIGI GUERCIA/AFP via Getty Images)

 

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා කෙන්යාව යන රටවල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ අප්‍රිකානු කණ්ඩායමේ නායකයින් ලෙස නම් කර තිබුනේ දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක් හා ග්‍රැඇම් ස්මිත්. මාක් බවුච, ඒ.බී.ඩි විලියර්ස්, ජැක්ස් කලිස්, ඩේල් ස්ටෙයින්, හීත් ස්ට්‍රීක් වැනි ක්‍රීඩකයන් එම කණ්ඩායමට ඇතුළත්ව සිටියා.

ආසියානු කණ්ඩායම ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන රටවල ක්‍රීඩකයින්ගෙන් සමන්විතව තිබූ අතර එහි නායකත්වය දැරුවේ පාකිස්තානයේ ඉන්සමාම්-උල්-හක්. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, සනත් ජයසූරිය, චමින්ද වාස්, රාහුල් ඩ්‍රාව්ඩ්, අනිල් කුම්බ්ලෙ, අබ්දුල් රසාක්, අශිෂ් නේරා වැනි ක්‍රීඩකයන් ආසියානු කණ්ඩායමට ඇතුළත්ව සිටියා.

 

2007 ‘ඇෆ්රො-ඒෂියා’ තරගමාලාවේ තරග තුන ම ජයග්‍රහණය කළේ මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ආසියා කණ්ඩායමයි. එහි ජාත්‍යන්තර එක්දින තරග තුනේදී අර්ධ ශතකයක් හා ශතකයක් සමග ලකුණු 217ක් ලබා ගත් ජයවර්ධන එම තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුනා. ඩිල්හාර ප්‍රනාන්දු, සනත් ජයසූරිය, උපුල් තරංග, ලසිත් මාලිංග, චමින්ද වාස්, මහේන්ද්‍ර සිං දෝනි, සව්රව් ගංගුලි, හර්බජන් සිං, විරේන්ද්‍ර සෙවාග්, යුව්රාජ් සිං, ෂොයිබ් අක්තාර් වැනි ක්‍රීඩකයන්ගෙන් එම කණ්ඩායම සමන්විතව තිබුනා.

ජස්ටින් කෙම්ප්ගේ නායකත්වයෙන් යුත් අප්‍රිකානු කණ්ඩායමට මාක් බවුච, ඒ.බී.ඩි විලයර්ස්, ෂෝන් පොලොක්, අල්බී මෝකල්, හර්ෂල් ගිබ්ස්, ජැක්ස් කලිස්, ග්‍රැඇම් ස්මිත් වැනි ක්‍රීඩකයන් ඇතුළත්ව සිටියා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...