තරග බිමට අකුණු සැර වැදෙනවාත් සමග ක්‍රීඩකයන් අට දෙනෙක් බිම ඇද වැටෙන අයුරු වීඩියෝවක දිස්වනවා. එක් ක්‍රීඩකයෙක් අසල කෙටි ගිනි පුළිඟුවක් හා කුඩා දුම් වලාකුලක් මතුවන අයුරු දේශීය රූපවාහිනි ආයතනය වන Onda Deportiva Huancavelic විසින් පෙන්වා තිබෙනවා.
තත්පර කිහිපයකට පසුව ක්‍රීඩකයින් කිහිප දෙනෙක් නැවත නැගී සිටීමට උත්සාහ කරන ආකාරය ද එහි දිස්වනවා.
පෙරූ රටේ ලීමා අගනුවරට කිලෝමීටර් 70ක් පමණ ගිණිකොන දෙසින් පිහිටි චිල්කා නගරයේ Coto Coto ක්‍රීඩාංගණයේ පැවති තරගය කුණාටුවක් නිසා ඇනහිටීමෙන් පසුව ක්‍රීඩකයන් පිටියෙන් ඉවත්ව යන අයුරු වීඩියෝ පටයේ දක්නට ලැබෙනවා. ලීමා යනු මුහුදු මට්ටමේ සිට වැඩිම උසක තිබෙන ලෝකයේ අගනගරවලින් එකක්.
රෝහලට ඇතුළත් කෙරුනු ක්‍රීඩකයන් සිවු දෙනාගෙන් දෙදෙනෙක් ටික වේලාවකට පසුව පිටව ගොස් තිබෙන අතර අනෙක් දෙදෙනා වැඩිදුර වෛද්‍ය පර්යේෂණ සඳහා නතර කරගෙන තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ ගෝල් රකින්නෙක් බරපතළ තත්ත්වයේ පසුවූව ද ඔහු සුවය ලැබීමේ දියුණුවක් පෙන්නුම් කර ඇතැයි රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන Andina වාර්තා කළා.
පෙරූ හි පැවති පාපන්දු තරගවලට මීට පෙර ද අකුණු වැදී තිබුනත් එයින් ක්‍රීඩකයන්ට තුවාල සිදුවූව ද මරණයක් වාර්තා වූයේ පළමු වතාවට. කෙසේ වෙතත්, ගෝලීය වශයෙන්, මීට පෙර අකුණු සැර වැදීමෙන් ක්‍රීඩකයන් මිය ගොස් තිබෙනවා. 2018 වසරේදී, ඉහළම පෙලේ කණ්ඩායමක් වන Maritzburg United වෙනුවෙන් මිත්‍ර තරගයකට ක්‍රීඩා කරමින් සිටියදී අකුණක් වැදීමෙන් දකුණු අප්‍රිකානු මැදපෙල ක්‍රීඩක Luyanda Ntshangase මිය ගියා.

CDC ට අනුව, අකුණු සැර වැදුනු පුද්ගලයන්ගෙන් සියයට 90ක් පමණ නොමැරී ජීවත් වූව ද, එයින් ඇතිවන බලපෑම බරපතළ හා දිගු කලක් තිස්සේ පවතින ආබාධ වීමට ඉඩ තිබෙනවා.
2020 වසරේදී, රුසියාවේ 16 හැවිරිදි ගෝල් රකින්නෙක් පුහුණු සැසියක් අතරතුර වැදුනු අකුණු සැරයකින් පසුව ජීවිතය ගලවා ගත්තා. පන්දුවට පහරක් එල්ල කරද්දී ඔහුට අකුණ වැදෙන බිය උපදවන අවස්ථාව වීඩියෝ පටයක දිස්ව තිබුනා. ඔහු පිළිස්සුම් තුවාලවලින් වේදනාවට පත්වූව ද සති කිහිපයකට පසුව නැවත යථා තත්ත්වයට පැමිණියේ විස්මිත අයුරින්.




(වර්නන් ගුණසේකර)