The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන්ගෙන් දුලිප් සමරවීරට තවත් වසර දහයක තහනමක්

T

The Leader Desk

November 15, 2024 • 10:21 AM

ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන්ගෙන් දුලිප් සමරවීරට තවත් වසර දහයක තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් මේ නව තහනම පනවා තිබෙන්නේ ඔවුන් පසුගිය සැප්තැම්බරයේ සමරවීර ට පැනවූ විසි වසරක තහනමට සමගාමීව ක්‍රියාත්මක වන අයුරින්.
  • සමරවීර ට විසි වසරක පළමු තහනම පැනවුනේ ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී ක්‍රීඩිකාවක් සමග වැරදි හැසිරීමේ චෝදනාවක් මත.
  • දස වසරක අලුත් තහනම පනවා තිබෙන්නේ දෙවැනි ක්‍රීඩිකාවක් සමග සමරවීරගේ තවත් නොමනා හැසිරීමක චෝදනාවක් සම්බන්ධයෙන් බවට වාර්තා වනවා.
  • ක්‍රිකට් වික්ටෝරියා යටතේ රැකියාව කරමින් සිටිය ද එම කාර්යභාරයෙන් පිට පෞද්ගලික පුහුණු සැසි පවත්වමින් සිටියදී ඇතිවූ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි දෙවැනි චෝදනාව සමරවීර ට එල්ල වී තිබෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් මේ නව තහනම පනවා තිබෙන්නේ ඔවුන් පසුගිය සැප්තැම්බරයේ සමරවීර ට පැනවූ විසි වසරක තහනමට සමගාමීව ක්‍රියාත්මක වන අයුරින්.

පළමු තහනම මෙන්ම දෙවැනි තහනම ද සමරවීර ට පනවා තිබෙන්නේ වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමග  සිදුවූයේ යැයි කියන ඔහුගේ නොමනා හැසිරීමේ චෝදනා මත.

381268.6

සමරවීර ට විසි වසරක පළමු තහනම පැනවුනේ ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී ක්‍රීඩිකාවක් සමග වැරදි හැසිරීමේ චෝදනාවක් මත. දස වසරක අලුත් තහනම පනවා තිබෙන්නේ දෙවැනි ක්‍රීඩිකාවක් සමග සමරවීරගේ තවත් නොමනා හැසිරීමක චෝදනාවක් සම්බන්ධයෙන් බවට වාර්තා වනවා. ක්‍රිකට් වික්ටෝරියා යටතේ රැකියාව කරමින් සිටිය ද එම කාර්යභාරයෙන් පිට පෞද්ගලික පුහුණු සැසි පවත්වමින් සිටියදී ඇතිවූ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි දෙවැනි චෝදනාව සමරවීර ට එල්ල වී තිබෙන්නේ.

සමරවීර මේ චෝදනා ප්‍රතික්ෂේප කර ඇතත් මේ පිළිබඳ පරීක්ෂණවලට හා ඉන්පසුව පැවැත්වෙන ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ හැසිරීමේ කොමිසමේ නඩු විභාගයට සහභාගි නොවීමට ඔහු තීරණය කර ඇති බව එම කොමිසම පවසනවා.

මේ චෝදනා පිළිබඳව වැඩි විස්තර ‘ඔස්ට්‍රේලියා ක්‍රිකට් හැසිරීමේ කොමිසම’ විසින් හෙළිකර නැති අතර වසර දහයක තහනම විසි වසරක තහනම සමග සමගාමීව ක්‍රියාත්මක වනු ඇති බව පමණක් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

dulip samaraweera 191244294 3x4සමරවීර ට ඔස්ට්‍රේලියාවේ හෝ එහි ප්‍රාන්තයක හෝ නගරයක තිබෙන ක්‍රිකට් මණ්ඩලයක කිසිම පුහුණුකරු කාර්යයක් සඳහා නැවත පිවිසීමට 2044 වසර දක්වා නොහැකි වන අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 72ක් වනු ඇත.
මේ තහනමට අනුව, සමරවීර ට ඔස්ට්‍රේලියාවේ හෝ එහි ප්‍රාන්තයක හෝ නගරයක තිබෙන ක්‍රිකට් මණ්ඩලයක කිසිම පුහුණුකරු කාර්යයක් සඳහා නැවත පිවිසීමට 2044 වසර දක්වා නොහැකි වන අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 72ක් වනු ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග හතකට සහ ජාත්‍යන්තර එක්දින තරග පහකට ක්‍රීඩා කර තිබෙන 52 හැවිරිදි දුලිප් සමරවීර, පසුගිය මැයි මාසයේදී ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරනු ලැබුවා. එහෙත් ක්‍රීඩිකාවක් සමග අයුතු ලෙස හැසිරුනේ යැයි කියන සිද්ධියක් මත ඔහුගේ පුහුණුකරු ධූරයේ නිල කාලය කෙටි වුනා.

මේ ක්‍රීඩිකාවන් දෙදෙනා සමරවීර ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට මෙතෙක් තීරණය කර නැති බව වාර්තා වනවා.

 

dec4b4795a48f4c84aeaa9d93b80b4c3

දුලිප් සමරවීර වසර 16ක් පමණ ‘වික්ටෝරියා ක්‍රිකට්’ හි කාන්තා වැඩසටහනට සම්බන්ධව සිටියා. ඔහු කාන්තා බිග් බෑෂ් ලීගයේ (WBBL) ක්‍රීඩා කරන මෙල්බර්න් ස්ටාස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අතර මැයි මාසයේ එයින් ඉවත් වුනා.

දුලිප් සමරවීර වසර 1993 හා 1995 අතර කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග හතක ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළා. ඔහු පුහුණුකරුවකු බවට පත්වූයේ ඉන්පසුව. 2015 වසරේ WBBL මංගල තරගාවලියේ සිට ම ‘මෙල්බර්න් ස්ටාස්’ කණ්ඩායමේ සහාය පුහුණුකරුවකු ලෙස කටයුතු කළ ඔහු පසුගිය ගිම්හාන සෘතුවේ වැඩි කාලයක් වික්ටෝරියා ප්‍රාන්තයේ අන්තර් ප්‍රධාන පුහුණුකරු තනතුරේ පවා කටයුතු කළා.

Dulith 1200px 29 08 2024 1000x600

සමරවීිර එම කාර්යය පූර්ණ වශයෙන් බාර ගැනීමට නියමිතව තිබුන ද, ඔහුගේ සොහොයුරා වන තිලාන් සමරවීර තමන්ගේ පුහුණු කාර්ය මණ්ඩලයේ සේවයට ගැනීම ‘ක්‍රිකට් වික්ටෝරියා’ හි ප්‍රතිපත්තියක් විසින් වැළැක්වීම හේතුවෙන් මැයි මාසයේදී එම තනතුරෙන් ඉල්ලා අස්වුනා.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන්ගෙන් දුලිප් සමරවීරට තවත් වසර දහයක තහනමක් | The Leader