The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝ ‘බයිසිකල් කික්’ ප්‍රදර්ශනයකින් මැරඩෝනාගේ වාර්තාව මකා දමයි

T

The Leader Desk

November 16, 2024 • 8:37 AM

රොනාල්ඩෝ ‘බයිසිකල් කික්’ ප්‍රදර්ශනයකින් මැරඩෝනාගේ වාර්තාව මකා දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, මැරඩෝනා ඔහුගේ මුළු ක්‍රීඩා දිවිය තුළ ආජන්ටිනාව වෙනුවෙන් ලබා ගත් ගෝල් ප්‍රමාණයට වඩා වැඩි ගෝල් සංඛ්‍යාවක් රොනාල්ඩෝ වයස අවුරුදු 35න් පසුව පෘතුගාලය වෙනුවෙන් ලබා ගනිමින්.
  • පෘතුගාල පාපන්දු නායකයා මේ සන්ධිස්ථානයට පිවිසියේ ඔහුගේ රට ‘නේෂන්ස් ලීග්’ තරගාවලියේදී ගෝල් 5-1කින් පෝලන්තය පරාජය කළ තරගයේ ගෝල් දෙකක් ලබා ගනිමින්.
  • මේ ගෝල් ද්විත්වය රොනාල්ඩෝ ඔහුගේ රට වෙනුවෙන් වාර්තා කළ 134 හා 135 වැනි ගෝල් ලෙස සටහන් වුනා.
  • එදා මෙදා තුර ආජන්ටිනාවේ හා පාපන්දුවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙක් ලෙස පිළිගැනෙන මැරඩෝනා, 1977 සිට 1994 දක්වා කාලය තුළ ආජන්ටිනාව වෙනුවෙන් තරග 91කට ක්‍රීඩා කරමින් ලබා ගත්තේ ගෝල් 34ක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, මැරඩෝනා ඔහුගේ මුළු ක්‍රීඩා දිවිය තුළ ආජන්ටිනාව වෙනුවෙන් ලබා ගත් ගෝල් ප්‍රමාණයට වඩා වැඩි ගෝල් සංඛ්‍යාවක් රොනාල්ඩෝ වයස අවුරුදු 35න් පසුව පෘතුගාලය වෙනුවෙන් ලබා ගනිමින්.

පෘතුගාල පාපන්දු නායකයා මේ සන්ධිස්ථානයට පිවිසියේ ඔහුගේ රට ‘නේෂන්ස් ලීග්’ තරගාවලියේදී ගෝල් 5-1කින් පෝලන්තය පරාජය කළ තරගයේ ගෝල් දෙකක් ලබා ගනිමින්.

මේ ගෝල් ද්විත්වය රොනාල්ඩෝ ඔහුගේ රට වෙනුවෙන් වාර්තා කළ 134 හා 135 වැනි ගෝල් ලෙස සටහන් වුනා.

කෙසේ වෙතත්, රොනාල්ඩෝ මේ ගෝල් ලබා ගැනීමත් සමග ඔහු නොදැනුවත්වම තවත් සුවිශේෂී වික්‍රමයක් සම්පූර්ණ කළා.

goals 

එදා මෙදා තුර ආජන්ටිනාවේ හා පාපන්දුවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙක් ලෙස පිළිගැනෙන මැරඩෝනා, 1977 සිට 1994 දක්වා කාලය තුළ ආජන්ටිනාව වෙනුවෙන් තරග 91කට ක්‍රීඩා කරමින් ලබා ගත්තේ ගෝල් 34ක්.

එළඹෙන පෙබරවාරියේ 40 වැනි වියට පා තබන රොනාල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් තරග 217කට ක්‍රීඩා කර තිබෙනවා.

එහෙත් ඔහු 35 වැනි වියට පිවිසීමෙන් පසුව ගෝල් 35ක් ලබා ගෙන සිටීම දෛවෝපගත සිදුවීමක්.

 

CgAGVmc37eeABQQ9AAC3CSeNArk231.jpg

විස්මය ජනක ලෙස මෙයින් පෙනී යන්නේ, 1986 ලෝක කුසලාන ජයග්‍රාහක මැරඩෝනා ඔහුගේ සමස්ත ක්‍රීඩා දිවිය පුරාම ලබා ගත් ජාත්‍යන්තර ගෝල් ප්‍රමාණය රොනාල්ඩෝ වයස 35න් පසුව පමණක් ලබා ගත් ගෝල් ප්‍රමාණයෙන් අභිබවා ගොස් තිබෙන බව.

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ දැන් සෞදි අරාබියේ ක්‍රීඩා කරමින් සිටින්නේ ඔහුගේ ක්‍රීඩා දිවියේ සැඳෑ සමය බව සැබෑවක් වුව ද, ඔහු තවමත් ඔහුගේ රට වෙනුවෙන් ගෝල් ලබා ගනිමින් සිටින අතර ඒවා පහසුවෙන් පන්දුව‌ට සෙමෙන් පහර එල්ල කරමින් හෝ පෙනල්ටි මාර්ගයෙන් පමණක් හෝ ලබා ගන්නා ගෝල් නෙවෙයි.


92131591 14089155 image a 59 1731712728255

පෝලන්තය ට එරෙහි තරගයේ සිය පළමු ගෝලය රොනාල්ඩෝ පෙනල්ටියකින් ලබා ගත්ත ද, තරගයේ සාමාන්‍ය කාල වේලාව අවසන් වීමට මිනිත්තු තුනක් තිබියදී ඔහු තමාගේ දෙවැනි ගෝලය වාර්තා කළේ දර්ශනීය ‘බයිසිකල්’ පහරකින්.

ඒ ගෝලයත් සමග රොනාල්ඩෝ තමා සතු සුපිරි දස්කම් තවමත් අවසන්ව නැති බවට පාපන්දු ලෝකයට ප්‍රබල පණිවුඩයක් දී තිබෙනවා. 


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රොනාල්ඩෝ ‘බයිසිකල් කික්’ ප්‍රදර්ශනයකින් මැරඩෝනාගේ වාර්තාව මකා දමයි | The Leader