The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජේක් පෝල් විනිසුරු ඒකමතික තීරණයෙන් මයික් ටයිසන් පරදවයි

T

The Leader Desk

November 16, 2024 • 3:24 PM

ජේක් පෝල් විනිසුරු ඒකමතික තීරණයෙන් මයික් ටයිසන් පරදවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රාසජනක සටනක් වනු ඇතැයි බොහෝ දෙනා මහත් ආසාවෙන් බලා සිටි තරගය දුක්මුසු හා වැඩිහිටියෙකු නින්දාවට පත් කරවන තරගයක් බවට පත්වුනා.
  • ‘ලෝකයේ වඩාත්ම නරක මිනිසා’ ලෙසට කලක් හඳුන්වනු ලැබූ මයික් ටයිසන් ඔහුගේ කාලයේදී පහසුවෙන්ම පරාජය කරන තරගකරුවෙකුට පරදින අයුරු බොක්සිං ක්‍රීඩා ලෝලීන් බලා සිටියේ සන්තාපයෙන් යුතුව.
  • එහි ප්‍රතිඵලයක් වශයෙන් ටයිසන් තරග කළේ මිනිත්තු 16ක් පමණයි.
  • එහෙත් දකුණු දණහිසේ පටියක් තදින් බැඳ ගෙන බොක්සිං වළල්ල වටා අමාරුවෙන් අද්ද අද්දා ඇවිදින ටයිසන් දෙස බලා සිටි අයට එය බොහෝ වේලාවක් ලෙස දැනුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

එය යථාර්ථය ද වී තිබුනා.

ත්‍රාසජනක සටනක් වනු ඇතැයි බොහෝ දෙනා මහත් ආසාවෙන් බලා සිටි තරගය දුක්මුසු හා වැඩිහිටියෙකු නින්දාවට පත් කරවන තරගයක් බවට පත්වුනා.

‘ලෝකයේ වඩාත්ම නරක මිනිසා’ ලෙසට කලක් හඳුන්වනු ලැබූ මයික් ටයිසන් ඔහුගේ කාලයේදී පහසුවෙන්ම පරාජය කරන තරගකරුවෙකුට පරදින අයුරු බොක්සිං ක්‍රීඩා ලෝලීන් බලා සිටියේ සන්තාපයෙන් යුතුව.

ටයිසන් තරගයේ සම්පූර්ණ කාලය පුරා තරග වැදුන ද, මේ සටන වට අටකට පමණක් සීමා කර තිබුනා. සාමාන්‍යයෙන් මිනිත්තු තුනකින් සමන්විත වටයක් මේ තරගය වෙනුවෙන් මිනිත්තු දෙකකට බැගින් අඩුකර තිබුනා.


එහි ප්‍රතිඵලයක් වශයෙන් ටයිසන් තරග කළේ මිනිත්තු 16ක් පමණයි. එහෙත් දකුණු දණහිසේ පටියක් තදින් බැඳ ගෙන බොක්සිං වළල්ල වටා අමාරුවෙන් අද්ද අද්දා ඇවිදින ටයිසන් දෙස බලා සිටි අයට එය බොහෝ වේලාවක් ලෙස දැනුනා. එක් මොහොතකදී ‘එයා 58යි’ යනුවෙන් X සමාජ මාධ්‍යයේ පැතිර ගියේ ටයිසන්ගේ වයස මතක් කර දෙමින්.

මයික් ටයිසන්ගේ උරුමය රැඳී තිබිය යුතුව තිබුනේ අතීතයේ. එහි ඔපය මේ ආකාරයෙන් මැකී නොයා යුතුව තිබුනා.

මේ සටනේ ටයිසන් එල්ල කළ මුෂ්ටි ප්‍රහාර 97න් ප්‍රතිවාදියාට වැදුනේ පහර 18ක් පමණයි. තරගය අවසන් වූයේ හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූර මයික් ටයිසන් ට එරෙහිව බොක්සිං ක්‍රීඩකයෙකු බවට පත්වු ‘යූටියුබ’ ජේක් පෝල් විනිසුරුවන්ගේ ඒකමතික තීරණයකින් ජයග්‍රහණය අත්කර ගනිමින්.

ක්‍රීඩා ලෝලීන් 72,300ක් ඉදිරියේ AT&T ක්‍රීඩාංගණයේ පැවති තරගයේ වැඩි ප්‍රමාණයක පාලනය තමන් සතුකර ගත් පෝල් ඒකමතික තීරණයක් හරහා ජය ගත්තේ විනිසුරුවන් තිදෙනා ම ඔහුගේ වාසියට ලකුණු 80-72, 79-73 හා 79-73ක් වශයෙන් ලබා දීමෙන්.

පෝල් තරගයෙන් පසුව ටයිසන් ට මෙසේ කියා සිටියා.

detw4534
“මයික් ටයිසන්, ඔබ සමග සටන් කරන්න ලැබීම මට මහත් ගෞරවයක් බව පළමුව කියන්න ඔ්න. ඔහු තමයි එදා මෙදා තුර ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා. මම ඔහු අගය කරනවා. ඔහු නිසා මා තුළ බොක්සිං ක්‍රීඩාවට ප්‍රබෝධයක් ඇතිවුනා. ඔහු නැත්නම් අද අපි මෙතන නැහැ. මේ මිනිහා සංකේතයක්. ඔහු සමග තරග කිරීමට ලැබීම ලොකු ගෞරවයක්.”


තරගයේ ආරම්භක වටවලදී දෙදෙනා ඔවුනොවුන්ගේ සටන් ශෛලියට හුරුවෙමින් කාලය ගත කළා.

වසර 19කින් වෘත්තීය තරගයකට ක්‍රීඩා කර නැති ටයිසන් මේ තරගයේ තෙවැනි වටයට පිවිසියේ ආක්‍රමණශීලීව. ඉස්සරහට පනිමින් ඔහු ශක්තිමත් පහර එල්ල කළා.

කෙසේ වෙතත්, ටික වේලාවකින් පෝල් ප්‍රතිචාර දක්වමින් සාර්ථක මුෂ්ටි පහර කිහිපයක් එල්ල කළ අතර එයින් හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා කැළඹුනු බවක් දිස්වුනා.

58 හැවිරිදි ටයිසන් තරගයේ ප්‍රථම වතාවට අධික වෙහෙසක නිමිති පහළ කිරීම ආරම්භ කරමින් නිශ්චල වුනා.

එතැන් පටන් තරගයේ පාලනය දිගටම ගෙන ගිය පෝල් පහර කිහිපයක් එකිනෙක සම්බන්ධ කර ගනිමින් එල්ල කළේ ටයිසන් ට ඔහුගේ කෙටි මුෂ්ටි පහර එල්ල කිරීම අපහසු කරමින්. තරගයේ පසුව පැවති වටවලදී ටයිසන් වේගවත් ශක්තියක් ප්‍රදර්ශනය කළ ද කිසිවිටෙකත් නියම තර්ජනයක් ලෙස සිටියේ නැහැ.

වයස්ගතව සිටියදීත් තරගයේ වට සියල්ල ක්‍රීඩා කළ හැකි බවට ඔහු ලෝකයට ඔප්පු කළේදැයි තරගයෙන් පසුව ටයිසන්ගෙන් අසන ලද අතර ඔහු ඊට මෙසේ පිළිතුරු දුන්නා.

sert45w
“මම කාටවත් කිසිම දෙයක් ඔප්පු කළේ නැහැ. මම යමක් ඔප්පු කළා නම් එය කළේ මට ම යි. මම ලෝකය සනසන කෙනෙක් නෙවෙයි. මම මට කරන්න පුළුවන් දෙයින් සතුටු වෙනවා.”


මයික් ටයිසන් ඔහුගේ වෘත්තීය ක්‍රීඩා දිවිය තුළ ජනප්‍රියව සිටියේ අතිශයින් දරුණු අන්දමට ඔහුගේ ප්‍රතිවාදීන්ට බිම වැටෙන්නට පහර දීම නිසා. Michael Spinks හා Larry Holmes වැනි පුරාවෘත්ත ක්‍රීඩකයන්ට එරෙහිව ඔහු ජයග්‍රහණ අත්කර ගත්තේ ඒ ප්‍රබල මෝස්තරයෙන් සටන් කරමින්. ටයිසන්ගේ අවසාන වෘත්තීය ජයග්‍රහණය 2003 වසරේ පෙබරවාරි මාසයේ වාර්තා වූයේ පළමු වටයෙන්ම Clifford Etienne බිම හෙලූ අවස්ථාවේ. ඔහුගේ අවසන් සටන Roy Jones Jr., ට එරෙහි ප්‍රදර්ශන තරගයක් වූ අතර 2020 නොවැම්බරයේ පැවති එය අවසන් වූයේ ජය පැරදුමින් තොරව.

ජේක් පෝල් ට මෙය ඔහුගේ ක්‍රීඩා දිවියේ මෙතෙක් මුහුණ දුන් ඉහළම පෙලේ තරගය යි. බොක්සිං ක්‍රීඩාවට අසම්ප්‍රදායික හැඳින්වීමක් ලැබුනු ඔහු එය ආරම්භ කළේ මිනිසුන් ඔහුට සහ ඔහුගේ සොයුරු ලෝගන් ට අභියෝග කරන විචිත්‍ර යූටියුබ් නිෂ්පාදනයක් ලෙසින්.

2020 ජනවාරියේදී සිය ප්‍රථම වෘත්තීය සටන වෙනුවෙන් බොක්සිං වළල්ලට පිවිසි පෝල් තාක්ෂණික බිම හෙලීමකින් Ali Eson Gib පරාජය කළා. එතැන් සිට ඔහු විශ්‍රාම ගිය බාස්කට්බෝල් ක්‍රීඩක Nate Robinson සහ හිටපු MMA පුරාවෘත්ත ක්‍රීඩකයන් වන  Tyron Woodley, Anderson Silva හා Nate Diaz පරදවා තිබෙනවා.

පසුගිය වසරේ පෙබරවාරියේදී පෝල් ඔහුගේ ප්‍රථම පරාජය ලැබුවේ හිටපු හෙවිවේට් ශූර Tyson Furyගේ බාල සොහොයුරා වන Tommy Fury වෙතින්.

එම පරාජයෙන් පසුව නැවත ඉදිරියට පැමිණි පෝල් විනිසුරුවන්ගේ ඒකමතික තීරණයකින් විශ්‍රාම ගිය UFC සටන්කරු Diaz පරාජය කළා. පෝල් ඔහුගේ පසුගිය තරගවලදී වෘත්තීය බොක්සිං ක්‍රීඩකයින් වන Andre August හා Ryan Borland මෙන්ම ග්ලව්ස් නැති බොක්සිං තරග ශූර Mike Perry ද පරාජය කර තිබෙනවා.

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


සබැඳි පුවත් :
බොක්සිං සටනේ බර කිරීමේදී මයික් ටයිසන්ගෙන් ජේක් පෝල්ට කම්මුල් පහරක්
ජේක් පෝල් සමග සටනට යක්ෂයා ගෙන එන බවට මයික් ටයිසන්ගෙන් පොරොන්දුවක්
මතභේදාත්මක බොක්සිං ගැටුම:  මයික් ටයිසන් හා ජේක් පෝල් පිටුපස තිබෙන කාන්තා ශක්තිය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...