The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාව යේමනය පරාජය කරයි - සිංහයන්ට වෙජිටේරියන් වෙන්න බැහැ

T

The Leader Desk

November 17, 2024 • 11:51 AM

ශ්‍රී ලංකාව යේමනය පරාජය කරයි - සිංහයන්ට වෙජිටේරියන් වෙන්න බැහැ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි අලුත් ම උදාහරණය වන්නේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 154 වැනි ස්ථානයේ සිටින යේමනය පරාජය කිරීමට අංක 203 ට ශ්‍රේණිගතව සිටින ශ්‍රී ලංකාව සමත් වීම.
  • කටාර් දේශයේ ඩෝහා අගනුවර ඊයේ පැවැති මේ තරගය ගෝල් 1-0කින් ජය ගැනීම ශ්‍රී ලාංකේය පාපන්දු ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක්.
  • ආසියානු පාපන්දු කවුන්සලයේ 2027 ආසියානු කුසලාන තරගාවලියේ තෙවැනි වටයට සූදානම් වෙමින් සිටින ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට මේ තරගමාලාව අත්‍යවශ්‍ය පෙරහුරුවක්.
  • යේමනය සමග දෙවැනි මිත්‍ර තරගය එළඹෙන 19 වැනිදා ඩෝහා නුවර පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහි අලුත් ම උදාහරණය වන්නේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 154 වැනි ස්ථානයේ සිටින යේමනය පරාජය කිරීමට අංක 203 ට ශ්‍රේණිගතව සිටින ශ්‍රී ලංකාව සමත් වීම.

කටාර් දේශයේ ඩෝහා අගනුවර ඊයේ පැවැති මේ තරගය ගෝල් 1-0කින් ජය ගැනීම ශ්‍රී ලාංකේය පාපන්දු ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක්. මැද පෙරදිග කලාපයේ පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් නරඹන්නන්ගෙන් තොරව මේ තරගය ක්‍රීඩා කෙරුනේ FIFA ජාත්‍යන්තර මිත්‍ර තරගමාලාව යටතේ.

yemen 1

 

ආසියානු පාපන්දු කවුන්සලයේ 2027 ආසියානු කුසලාන තරගාවලියේ තෙවැනි වටයට සූදානම් වෙමින් සිටින ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට මේ තරගමාලාව අත්‍යවශ්‍ය පෙරහුරුවක්. යේමනය සමග දෙවැනි මිත්‍ර තරගය එළඹෙන 19 වැනිදා ඩෝහා නුවර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Al-Khor ක්‍රීඩා සමාජයීය ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයේ පළමු භාගය අවසන් වන විට දෙපිලෙන් ම ගෝල් වාර්තා වී තිබුනේ නැහැ. ඉන්පසු තරගයේ එකම ගෝලය ජයග්‍රාහී ශ්‍රී ලංකාව වෙනුවෙන් 89 වැනි මිනිත්තුවේදී ලබා ගත්තේ ජැක් ඩේවිඩ් හින්ගර්ට්. එංගලන්තයේ උපන් ඔහු ඔස්ට්‍රේලියාවේ A-League ප්‍රමිය පාපන්දු තරගාවලියේ ක්‍රීඩා කරන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Brisbane Roar පාපන්දු සමාජයට ක්‍රීඩා කරන වෘත්තීය ක්‍රීඩකයෙක්.

යේමනය ට එරෙහිව ලැබූ මේ ජයග්‍රහණය ක්‍රීඩකයන්ගේ වෙහෙසකාරී පුහුණුව හා විශ්වාසයට සාක්ෂියක් පමණක් නොව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලාංකික පාපන්දුවේ නොසෙල්වෙන නැගිටීමේ ද පිළිබිඹුවක්.

yemen 2

 

“අද අපි FIFA ශ්‍රේණිගත කිරීමේ 154 ට ඉන්න ශක්තිමත් කණ්ඩායමක් පරාජය කළා” යනුවෙන් ජස්වර් උමාර් ආඩම්බරයෙන් කියා සිටියා. 

මේ ජයග්‍රහණයෙන් අවධාරණය කෙරෙන්නේ දර්ශනය, අධිෂ්ඨානය හා අඛණ්ඩ පරිශ්‍රමය මත ගොඩනැගුනු රටක පාපන්දු ප්‍රාර්ථනාවේ දියුණුවයි. දූරදර්ශී ව්‍යාපෘතියක් සැමවිටම සාර්ථක වනවා.

“ශ්‍රී ලංකා පාපන්දුව ස්ථාවරව, ශක්තිමත්ව දියුණු වෙමින් සිටින බවට කිසිම සැකයක් නැහැ” යනුවෙන් ජස්වර් උමාර් පැවසුවේ, ජාතික පාපන්දු කණ්ඩායම නැවත ගොඩනැගීමේ ඔහුගේ ව්‍යාපෘතිය පිළිබඳව යළි සහතික වෙමින්.

ආරම්භයේදී තමාගේ සංකල්පය විශ්වාස කළේ පුද්ගලයන් අතළොස්සක් පමණකැයි පාපන්දු සභාපතිවරයා පිළිගත්තා. එහෙත් විවේචන හා නොයෙකුත් බාධක මධ්‍යයේ නොසැලී සිටි ඔහු පෝෂණය කළේ ඔහු නිතරම සිහින දුටූ ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙන ක්‍රමවේදයක්.

 

yemen 3

“ලෝකයේ 154 වැනියට ශ්‍රේණිගත කර තිබෙන කණ්ඩායමක් සමග මුහුණ දී ඔවුන්ට එරෙහිව තරග කිරීම ඉතාම අසීරු කාරණාවක්. නමුත් අපි ගැන අපට තිබුනු විශ්වාසය හා අපේ දැඩි උත්සාහය හා කැපවීම නිසා අපි හීන දැකපු ප්‍රතිඵල අපට ලැබීම ආරම්භ වී තිබෙනවා” යැයි උමාර් සඳහන් කරනවා.

yemen 4

 

මෙය ආරම්භයක් පමණක් බව කියන උමාර්, කණ්ඩායම කෙරෙහි දිගටම විශ්වාසය තබන ලෙසට මෙරට ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඉදිරියට තල්ලු කරන ඔවුන්ගේ සටන්කාමී ජීව ගුණය හා සාර්ථකත්වය සඳහා වන කුසගින්නේ හරය දැක්වීමට ජස්වර් උමාර් උපයෝගී කර ගන්නේ ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධාන පුහුණුකරු වන කුවේට් දේශයේ අබ්දුල්ලා අල්මුටයිරි (Abdullah Almutairi)ගේ මේ වචන.

“සිංහයන්ට වෙජිටේරියන් වෙන්න බැහැ!”

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...