හෙට සිට ලබන 25 දක්වා පැවැත්වෙන මේ තරගාවලියට කණ්ඩායම් 11ක් සහභාගි වීමට නියමිතයි.
සුපර් ලීග් කාන්තා තරගාවලිය එම ක්‍රීඩාංගණයේදී ම ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ නොවැම්බර් 24 වැනිදා.
තෙදිනක් තිස්සේ පැවැත්වෙන එම තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගි වනවා.
මේ තරගාවලියන්හි අවසාන මහා තරග දෙසැම්බර් මාසයේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ.
‘ඒ’ සහ ‘බී’ ඛාණ්ඩ යටතේ තරග වදින කණ්ඩායම්:
*පිරිමි
‘බී’ - ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, මැලිබන් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, බෙස්ට් පැසිෆික් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා නාවික හමුදාව
*කාන්තා
‘ඒ’ - ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය
‘බී’ - ශ්‍රී ලංකා යුද හමුදාව, මාස් කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය, ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය
සටහන :
(වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



