The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියාවේ සන්ජු සැම්සන්ගේ හයේ පහරෙන් නරඹන්නෙකුට තුවාල

T

The Leader Desk

November 18, 2024 • 12:12 PM

ඉන්දියාවේ සන්ජු සැම්සන්ගේ හයේ පහරෙන් නරඹන්නෙකුට තුවාල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එල්ල කළ එක් දැවැන්ත පහරකින් පන්දුව තරගය නැරඹීමට පැමිණ සිටි කාන්තාවකගේ මුහුණේ වැදුනේ ඇයගේ දෑස්වලින් වේදනාබර කඳුලු පිට කරමින්.
  • සිද්ධිය හටගත්තේ ඉන්දියා ඉනිමේ 10 වැනි ඕවරයේ ට්‍රිස්ටන් ස්ටබ්ස්ගේ දෙවැනි පන්දුවට සැම්සන් යෝධ හයේ පහරක් එල්ල කළ අවස්ථාවේ.
  • ‘ඩීප් මිඩ්-විකට්’ ස්ථානයට ඉහළින් පියඹා ගිය පන්දුව ක්‍රීඩාංගණයේ අත්වැලක බවුන්ස් වී තරුණ කාන්තාවකගේ මුහුණේ වැදුනා.
  • ඇයට තුවාල සිදුවූ බව දැනගත් වහාම සන්ජු ඔහුගේ අතක් ඔසවා ඇගෙන් සමාව ඉල්ලා සිටි අතර මේ සම්පූර්ණ සිද්ධියේ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු එල්ල කළ එක් දැවැන්ත පහරකින් පන්දුව තරගය නැරඹීමට පැමිණ සිටි කාන්තාවකගේ මුහුණේ වැදුනේ ඇයගේ දෑස්වලින් වේදනාබර කඳුලු පිට කරමින්.

සිද්ධිය හටගත්තේ ඉන්දියා ඉනිමේ 10 වැනි ඕවරයේ ට්‍රිස්ටන් ස්ටබ්ස්ගේ දෙවැනි පන්දුවට සැම්සන් යෝධ හයේ පහරක් එල්ල කළ අවස්ථාවේ. ‘ඩීප් මිඩ්-විකට්’ ස්ථානයට ඉහළින් පියඹා ගිය පන්දුව ක්‍රීඩාංගණයේ අත්වැලක බවුන්ස් වී තරුණ කාන්තාවකගේ මුහුණේ වැදුනා. කාන්තාව මුහුණ රතුවෙමින් වික්ෂිප්තව සිටින අයුරු දිස්වූ අතර තුවාලය මත තැබීම පිණිස ඇයට අසල සිටි නරඹන්නෙකු විසින් අයිස් පැක් එකක් ලබා දී තිබුනා.

ss sams

 

ඇයට තුවාල සිදුවූ බව දැනගත් වහාම සන්ජු ඔහුගේ අතක් ඔසවා ඇගෙන් සමාව ඉල්ලා සිටි අතර මේ සම්පූර්ණ සිද්ධියේ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වුනා.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේදී නව වාර්තා බිහිවෙමින් පැවති මේ තරගය ඉන්දියාව ජයග්‍රහණය කළේ ලකුණු 135කින්. එක් කඩුල්ලක් පමණක් දැවී ඉන්දියාව ලබා ගත් ලකුණු 283 ට පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානුවන්ට ලබා ගත හැකිවූයේ ඕවර 18.2ක් ඇතුළත සියලු දෙනා දැවී ලකුණු 148ක් පමණයි. 

සන්ජුගේ අනෙක් අන්තයෙන් ටිලක් වර්මා (Tilak Varma) ද ශතකයක් ලබා ගනිමින් නොදැවී ලකුණු 120ක් රැස් කළා.

 

ඉන්දියාව ලබා ගත් මුළු ලකුණු 283 ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතර දෙවැනියට වැඩිම T20 මුළු ලකුණු සංඛ්‍යාව වනවා. මීට ඉහළින් තිබෙන්නේ ඉන්දියාව පසුගිය මාසයේ බංග්ලාදේශය ට එරෙහිව වාර්තා කළ කඩුලු 6 ට මුළු ලකුණු 297.

දකුණු අප්‍රිකාව ට එරෙහි තරගයේදී සන්ජු සැම්සන් හා ටිලක් වර්මා ජාත්‍යන්තර විස්සයි20 ඉනිමකදී ශතක ලබා ගත් තෙවැනි පිතිකරු යුගලය බවට පත්වුනා. චෙක් සමූහාණ්ඩුවේ Sabawoon Davizi හා Dylan Steyn මේ වික්‍රමය කළ පළමු පිතිකරු යුගලය බවට පත්වූයේ බල්ගේරියාව ට එරෙහිව 2022 වසරේ.

ජපානයේ Kendel Kadowaki-Fleming සහ Lachlan Yamamoto-Lake මේ වසර මුල චීනය ට එරෙහිව මේ දක්ෂතාව වාර්තා කළා.

 

th
ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේදී ඉන්දියාව 250 ට වැඩි මුළු ලකුණු ප්‍රමාණයන් තුනක් ලබා ගෙන තිබෙන අතර මෙය මේ ශෛලියේ ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ එවැනි වැඩිම දක්ෂතාවයි. මේ අනුව ඉන්දියාව, මුළු ලකුණු 250 ට වැඩියෙන් දෙවතාවක් ලබා ගෙන සිටින චෙක් සමූහාණ්ඩුව, ජපානය හා සිම්බාබ්වේ අභිබවා ගොස් සිටිනවා.

සන්ජු සැම්සන් හා ටිලක් වර්මා දකුණු අප්‍රිකාව ට එරෙහිව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 210ක නොබිඳි සබඳතාව ජාත්‍යන්තර විස්සයි20 තරගවල එදා මෙදා තුර ඉන්දියාවේ ප්‍රථම ද්විත්ව-ශතක සබඳතාවයි. මේ සබඳතාව ගොඩනැගුනේ පන්දු 93කින් පමණක් වීම විශේෂත්වයක්.

වාර්තා පිට වාර්තා බිඳ ටැටුනු ජොහැන්නස්බර්ග් හි රාත්‍රියේ ඉන්දියාව හයේ පහර 23ක් එල්ල කළ අතර මෙය ජාත්‍යන්තර විස්සයි20 ඉනිමකදී කණ්ඩායමක් වාර්තා කළ තෙවැනියට වැඩි සම හයේ පහර ප්‍රමාණයයි. සිම්බාබ්වේ කණ්ඩායම පසුගිය මාසයේ ගැම්බියාව ට එරෙහිව හයේ පහර 27ක් එල්ල කරමින් මේ හපන්කමේ වාර්තාව හිමිකර ගෙන සිටිනවා.

ඉන්දියා කණ්ඩායමේ 283/1 මුළු ලකුණු ප්‍රමාණය ඕනෑම කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී වාර්තා කළ වැඩිම විස්සයි20 මුළු ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර වැඩිම මුළු ලකුණු ලෙස වාර්තා වී තිබුනේ 2022 වසරේ පාචෙස්ටෲම් නුවරදී ටයිටන්ස් හා නයිට්ස් යන දකුණු අප්‍රිකානු ක්‍රිකට් සමාජ කණ්ඩායම් අතර පැවති තරගයේ ටයිටන්ස් කණ්ඩායම සටහන් කළ 271/3.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...