The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කාන්තා පාපන්දුවේ ආකර්ෂණීය යුවල ලබන වසරේ බබෙක් බලාපොරොත්තුවෙන්

T

The Leader Desk

November 21, 2024 • 11:56 AM

කාන්තා පාපන්දුවේ ආකර්ෂණීය යුවල ලබන වසරේ බබෙක් බලාපොරොත්තුවෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අති ධ්වනිය ස්කෑන් අනුරූපයක් ඇතුළු යුවලගේ කළු සුදු ඡායාරූප ගණනාවක් ද එහි දැක්වෙනවා.
  • පාපන්දු පිටියේදී මේ දෙදෙනා 2019 වසරේදී මුණගැසුනේ ජාතික කාන්තා පාපන්දු ලීග් තරගාවලියකදී.
  • ඉනික්බිති, යුවල විවාහ ගිවිස ගත් බව පසුගිය වසරේ නොවැම්බරයේ අනාවරණය කළේ මිඋවිස් ඇගේ විවාහ ගිවිස ගන්නා ඇඟිල්ලේ දියමන්ති මුද්දක් පැළඳ සිටීම සමාජ මාධ්‍යයේ පැතිර යාමෙන් පසුව.
  • සිවු වසරක් එකට ජීවත්ව සිටීමෙන් පසුව, “මිඋවිස්-ක බබා 2025දී එනවා!” (Mewis-Kerr baby coming 2025!) යනුවෙන් ඉන්ස්ටග්‍රෑම් හි පෝස්ටුවක් තබමින් සමන්තා ක පුවත අනාවරණය කළේ යුවල සිපගන්නා අයුරු සහ ඉදිරියට නෙරාවිත් තිබෙන මිඋවිස්ගේ උදරය පෙන්වන පිංතූරයක් සමග.
අකුරු ප්‍රමාණය (Font Size):

එංගලන්තයේ කාන්තා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ‘චෙල්සී’ කණ්ඩායම ආක්‍රමණශීලී ක්‍රීඩිකාවක ලෙසින් නියෝජනය කරන 31 හැවිරිදි සමන්තා හා ‘වෙස්ට් හැම් යුනයිටඩ්’ කණ්ඩායමේ මැදපෙල ක්‍රීඩා කරන 33 හැවිරිදි ක්‍රිස්ටි ඔවුන්ගේ පළමු දරුවාගේ උපත ලබන වසරේදී සිදුවන බවට ප්‍රකාශ කිරීමත් සමග කුතුහලය මිශ්‍රවූ හැඟීමක් පාපන්දු ලෝකය වෙලා ගෙන තිබෙනවා.

 

r1416321 1296x518 5 2

‘මැටිල්ඩාස්’ (Matildas) ලෙසින් හැඳින්වෙන ඔස්ට්‍රේලියා කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකාව වන සමන්තා ක සහ ඇයගේ ජීවන සහකාරිනිය වන ක්‍රිස්ටි මිඋවිස් ලබන වසරේදී තමන්ට දරුවෙකු ලැබෙන බවට නිවේදනය කළේ සමන්තා ඇයගේ ඇඟිල්ලකින් මිඋවිස්ගේ ගැබ්ගත් උදරය පෙන්වන පිංතූරයක් ඉන්ස්ටග්‍රෑම් හි පෝස්ට් කරමින්. අති ධ්වනිය ස්කෑන් අනුරූපයක් ඇතුළු යුවලගේ කළු සුදු ඡායාරූප ගණනාවක් ද එහි දැක්වෙනවා.

sam kerr proposing to kristie mewis

 

පාපන්දු පිටියේදී මේ දෙදෙනා 2019 වසරේදී මුණගැසුනේ ජාතික කාන්තා පාපන්දු ලීග් තරගාවලියකදී. ඉක්බිති, ඔවුන් කොවිඩ් වසංගතය සමයේ නිවෙස්වලට කොටු වී සිටියදී මාර්ගගතව කතා කිරීමට පටන් ගත්තා. ඉනික්බිති, යුවල විවාහ ගිවිස ගත් බව පසුගිය වසරේ නොවැම්බරයේ අනාවරණය කළේ මිඋවිස් ඇගේ විවාහ ගිවිස ගන්නා ඇඟිල්ලේ දියමන්ති මුද්දක් පැළඳ සිටීම සමාජ මාධ්‍යයේ පැතිර යාමෙන් පසුව.

‘ආදරයෙන් වෙලී සිටින කෙල්ලො දෙන්නෙක්’ සමාජයේ සාමන්‍ය තත්ත්වයට ගෙන ඒම පිණිස තමන්ගේ සම්බන්ධතාව සමාජ මාධ්‍යයේ බෙදා ගැනීමේ වැදගත්කම පිළිබඳව දෙදෙනා කතා කර තිබෙනවා.

සිවු වසරක් එකට ජීවත්ව සිටීමෙන් පසුව, “මිඋවිස්-ක බබා 2025දී එනවා!” (Mewis-Kerr baby coming 2025!) යනුවෙන් ඉන්ස්ටග්‍රෑම් හි පෝස්ටුවක් තබමින් සමන්තා ක පුවත අනාවරණය කළේ යුවල සිපගන්නා අයුරු සහ ඉදිරියට නෙරාවිත් තිබෙන මිඋවිස්ගේ උදරය පෙන්වන පිංතූරයක් සමග.

සමලිංගිකත්වයට එරෙහි විවේචනය

babes
එසැණින් බොහෝ දෙනා මේ ජෝඩුවට සුභ පතද්දී, පිළිගත නොහැකි හා වෛර දනවන සමලිංගික විරෝධී විවේචනයන්ට ලක්වීමට සිදුවීම හේතුවෙන් මේ දෙදෙනාට ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් වසා දැමීමට සිදුවුනා. 

සමන්තා ක මාර්ගගත වෛරී පරිභව කිරීම්වලට ලක්වීමෙන් පසුව ඇයට පූර්ණ සහයෝගය ලබා දීමට චෙල්සී කළමනාකාරිනී Sonia Bompastor ඉදිරිපත්ව සිටිනවා.

“සමන්තාට මගේ සම්පූර්ණ සහාය දෙන්න මට අවශ්‍යයි. විශේෂයෙන් 2024 වසරේ අපේ ලෝකයේ මෙවැනි විවේචන පිළිගන්න බැහැ” යනුවෙන් ඇය පවසනවා.

“මිනිසුන් මේ වගේ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා තේරුම් ගන්න උත්සාහ කිරීම අපහසුයි. අපි සෑම් (සමන්තා) ගැන ගොඩක් සතුටු වෙනවා. අපේ චෙල්සි පවුලට මේ පුංචි බබා පිළිගන්නා තුරු මට ඉවසුමක් නැහැ.”

චෙල්සි නායිකා Mille Bright මෙසේ ප්‍රකාශ කළා. “කෙනෙක් පාපන්දු ක්‍රීඩිකාවක් වුනත් නැතත්, එයා කරන රැකියාව කුමක් වුනත්, මෙවැනි නින්දිත විවේචන සඳහා මේ ලෝකයේ ඉඩක් තියෙන්න බැහැ. මෙවැනි දේවලට කොහොමටත් ඉඩ දෙන්න බැහැ”.

 

a02787c0 a6a3 11ef bdf5 b7cb2fa86e10
මේ ක්‍රීඩිකාවන්ට එල්ල වන නින්දා සහගත විවේචන චෙල්සි ක්‍රීඩා සමාජය මෙන්ම එංගලන්ත කාන්තා පාපන්දුවේ ප්‍රධානී Sarina Wiegman සහ චෙල්සි පාපන්දු ක්‍රීඩා සමාජයේ LGBTQ+ හා මිත්‍ර සහායකයන්ගේ සමූහය වන Chelsea Pride ද හෙළා දැක තිබෙනවා.

“සමලිංගිකත්වය සඳහා විරෝධයට චෙල්සි හෝ අපේ සමාජයීය පාපන්දුවේ ඉඩක් නැහැ” යනුවෙන් එක් පෝස්ටුවකින් කියා තිබුනා.

එයාට බබෙක් ලැබෙන්නේ කොහොම ද?

kristiejpg
සමලිංගික විරෝධී බැණ වැදීමට උඩින් තිබෙන බොහෝ ප්‍රකාශවලින් පෙනී යන්නේ කාන්තාවන් දෙදෙනෙකු අතර තිබෙන සබඳතාවකින් මිඋවිස් ගැබ්බර වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට නොහැකි වීම.

එවැනි පෝස්ට් ඉතා ඉහල සංඛ්‍යාවකින් ඉස්මතු වන්නේ ලිංගිකත්වයෙන් එක සමානව සිටින යුවලක් මවුපියන් බවට පත්වන්නේ කෙසේද කියා සහ එවැන්නක් සිදු කළ හැකි In Vitro Fertilisation (IVF) ඇතුළු නවීන තාක්ෂණය පිළිබඳව තිබෙන නොදැනුවත්කම.    
     
(IVF යනු ශරීරයට පිටින් ඩිම්බ හා ශුක්‍රාණු සංසේචනය කර කලලයක් නිර්මාණය කිරීමෙන් පසුව එය ගර්භාෂයේ තැන්පත් කරන ක්‍රමවේදය).

 

krist6

ක්‍රිස්ටි මිඋවිස් හා සමන්තා ක යන සුපිරි පාපන්දු ක්‍රීඩිකාවන් දෙදෙනාම පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී ඔවුනොවුන්ගේ රටවල් නියෝජනය කළා. පසුගිය ජූනි මාසයේදී සමන්තා Chelsea කණ්ඩායම සමග කොන්ත්‍රාත් දිගුවකට අත්සන් කළේ නව ගිවිසුම යටතේ 2026 වසර දක්වා එම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීම පිණිස. මුවිස් ක්‍රීඩා කරන්නේ West Ham United ක්‍රීඩා සමාජයට.

ජනවාරි මාසයේ හටගත් දණහිසේ ආබාධයක් හේතුවෙන් සමන්තා ට 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මෙන්ම මේ වසරේ තරග බොහොමයක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුනා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාන්තා පාපන්දුවේ ආකර්ෂණීය යුවල ලබන වසරේ බබෙක් බලාපොරොත්තුවෙන් | The Leader