The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සිල්වෙස්ට ස්ටැලෝන්: 'ටයිසන් ඉදිරිපත් කළේ ඔස්කා සම්මානය ලැබිය යුතු රංගනයක්'

T

The Leader Desk

November 22, 2024 • 12:36 PM

සිල්වෙස්ට ස්ටැලෝන්: 'ටයිසන් ඉදිරිපත් කළේ ඔස්කා සම්මානය ලැබිය යුතු රංගනයක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වූ රොකී (Rocky) චිත්‍රපට මාලාවේ රොකී බැල්‌බොආ (Rocky Balboa)ගේ සංකේතාත්මක චරිතය රඟපෑ ස්ටැලෝන් මෙසේ කියා තිබෙන්නේ ඉන්ස්ටග්‍රෑම් හි තබන ලද පෝස්ටුවකින්.
  • සමහර අවස්ථාවලදී ඔබට ඔබේ පවුලට උදව් කිරීම සඳහා ඒ අය වෙනුවෙන් කැප කිරීමක් ලෙස සමහර දේවල් කරන්න සිද්ධ වෙනවා” යනුවෙන් ස්ටැලෝන් ප්‍රකාශ කරනවා.
  • “මම මේ ඇදහිය නොහැකි ක්‍රීඩකයාව (ටයිසන්) දන්නේ එයාට වයස අවුරුදු 19 ඉඳන්.
  • ශූරයන්ගෙත් ශූරයා!” විනිසුරුවන්ගේ ඒකමතික තීරණයකින් ජේක් පෝල් තරගය ජය ගත්තේ එය සම්පූර්ණ වට අට පුරාම පැවැත්වීමෙන් පසුව.
අකුරු ප්‍රමාණය (Font Size):

ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වූ රොකී (Rocky) චිත්‍රපට මාලාවේ රොකී බැල්‌බොආ (Rocky Balboa)ගේ සංකේතාත්මක චරිතය රඟපෑ ස්ටැලෝන් මෙසේ කියා තිබෙන්නේ ඉන්ස්ටග්‍රෑම් හි තබන ලද පෝස්ටුවකින්.


“මගේ පෞද්ගලික වාර්තාව කෙළින් තියාගෙන කතා කරනවා නම්, බිස්නස් නම් බිස්නස්. සමහර අවස්ථාවලදී ඔබට ඔබේ පවුලට උදව් කිරීම සඳහා ඒ අය වෙනුවෙන් කැප කිරීමක් ලෙස සමහර දේවල් කරන්න සිද්ධ වෙනවා” යනුවෙන් ස්ටැලෝන් ප්‍රකාශ කරනවා.
 
sylvester stallone instagram mike tyson
 
“මම මේ ඇදහිය නොහැකි ක්‍රීඩකයාව (ටයිසන්) දන්නේ එයාට වයස අවුරුදු 19 ඉඳන්. ජේක් පෝල් සමග තරගයේදී අපි ටයිසන්ගෙන් දුටුවේ ඔස්කා සම්මානය දිනා ගැනීමට තරම් වටිනා ශ්‍රේෂ්ඨතම රංගනයක්!!!!”

“ඒ නිසා අවසාන වශයෙන් මම රොකී චිත්‍රපටයේ වදන් පෙලක් ඉදිරිපත් කරන්නම්. ‘ඔහු විනාශකාරී යන්ත්‍රයක්. ඔහු ස්පර්ශ කරන හැම දෙයක්ම දරුණු විදියට කැඩෙනවා.’ දිගටම මුෂ්ටි ප්‍රහාර එල්ල කරන්න මයික්. ඔබ වගේ මිනිහෙක්, ඔබ වැනි සටන්කරුවෙක්, ඔබ වැනි ආත්මයක් ආයෙ කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ! දිගටම ගහගෙන යන්න... ශූරයන්ගෙත් ශූරයා!”
 
විනිසුරුවන්ගේ ඒකමතික තීරණයකින් ජේක් පෝල් තරගය ජය ගත්තේ එය සම්පූර්ණ වට අට පුරාම පැවැත්වීමෙන් පසුව. අවසානයේ විනිසුරුවන් පෝල්ගේ වාසියට 80-72, 79-73 හා 79-73 වශයෙන් ලකුණු ලබා දුන්නා.
 

මේ තරගයේදී ටයිසන් ක්‍රීඩා කළ අන්දම පිළිබඳව ඔහු බොහෝ විවේචනයන්ට ලක්වුනා. 58 හැවිරිදි ටයිසන් වෘත්තීය බොක්සිං තරගයකට පිවිසියේ 2020 වසරේදී රෝයි ජෝන්ස් (කණිෂ්ඨ) සමග පැවැත්වූ ප්‍රදර්ශනාත්මක තරගයකින් පසුව ප්‍රථම වතාවට.

සිල්වෙස්ට ස්ටැලෝන් රොකී චිත්‍රපටයේ රොකී බැල්බොආගේ චරිතයට පණ පොවමින් නිරූපණය කළේ සටන්කාමී ජීවයක්. එහිදී ඔහු රඟ දැක්වූයේ සත්‍ය දුර්වලයෙකුගේ කතාවක්. ඔහුගේ නළු සගයෙකු වූ මයිකල් බී. ජෝඩන් (Michael B. Jordan) පසුව එය ‘ක්‍රීඩ්’ (Creed) නමින් චිත්‍රපට මාලාවක් ලෙස ඉදිරියට ගෙන ගියා.

සටහන :
මංගල ටෙස්ට් ගැටුමට අලුත් නායකයෙක්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...