The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ටයිසන් පැරදවූ ජේක් පෝල්ගෙන් පළිගැනීමට මොහමඩ් අලිගේ මුනුපුරා සූදානම්

T

The Leader Desk

November 24, 2024 • 3:18 PM

ටයිසන් පැරදවූ ජේක් පෝල්ගෙන් පළිගැනීමට මොහමඩ් අලිගේ මුනුපුරා සූදානම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොක්සිං ශූර මයික් ටයිසන් පරාජය කර ඔහුට කළ නින්දාවෙන් පළිගැනීමට බොක්සිං ක්‍රීඩාවේ අතිශ්‍රේෂ්ඨ පුරාවෘත්තයක් වන මොහමඩ් අලිගේ මුනුපුරා ඉදිරිපත්ව සිටිනවා.
  • ටයිසන් පරාජය කළ වරදට තමා පෝල්ගෙන් පළිගන්නේ ඔහු සමග සටන් කරන ලෙසට ටයිසන් තමාගෙන් ඉල්ලා සිටියහොත් පමණක් යන්න එම කොන්දේසිය බව අලි වොල්ෂ් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කර තිබෙනවා.
  • කෙසේ වෙතත්, එවැනි තරගයක ප්‍රධාන හේතුව අසරණයන්ට පිහිට වීම බව මොහමඩ් අලිගේ මුනුපුරා පැහැදිලිව කියා තිබෙනවා.
  • මෙවැනි තත්ත්වයක් ගොඩනැගී තිබෙන්නේ 27 හැවිරිදි පෝල් විසින් 58 හැවිරිදි ටයිසන්ව පහසුවෙන් පරාජය කිරීමෙන් පසුව හටගත් බොක්සිං ක්‍රීඩාව හා වයස් පරතරයේ වටිනාකම සම්බන්ධ විවේචන නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):

බොක්සිං ශූර මයික් ටයිසන් පරාජය කර ඔහුට කළ නින්දාවෙන් පළිගැනීමට බොක්සිං ක්‍රීඩාවේ අතිශ්‍රේෂ්ඨ පුරාවෘත්තයක් වන මොහමඩ් අලිගේ මුනුපුරා ඉදිරිපත්ව සිටිනවා.

පෝල් සමග සටන් කිරීමට තමා කැමැත්තෙන් සිටිය ද, තමා එම තරගයට පිවිසෙන්නේ එක් කොන්දේසියක් මත පමණකැයි නිකො අලි වොල්ෂ් (Nico Ali Walsh) පවසනවා.

ටයිසන් පරාජය කළ වරදට තමා පෝල්ගෙන් පළිගන්නේ ඔහු සමග සටන් කරන ලෙසට ටයිසන් තමාගෙන් ඉල්ලා සිටියහොත් පමණක් යන්න එම කොන්දේසිය බව අලි වොල්ෂ් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එවැනි තරගයක ප්‍රධාන හේතුව අසරණයන්ට පිහිට වීම බව මොහමඩ් අලිගේ මුනුපුරා පැහැදිලිව කියා තිබෙනවා.

xetr235
“මේ තරගය කවදා හෝ සිදුවුනොත් එයින් ලැබෙන මුළු මුදල අසරණ දුප්පත් මිනිසුන් වෙනුවෙන් යෙදවිය යුතුයි. එහෙම නැත්නම් එවැනි තරගයක් සිදුවන්නේ නැහැ” ඔහු කියනවා.


මෙවැනි තත්ත්වයක් ගොඩනැගී තිබෙන්නේ 27 හැවිරිදි පෝල් විසින් 58 හැවිරිදි ටයිසන්ව පහසුවෙන් පරාජය කිරීමෙන් පසුව හටගත් බොක්සිං ක්‍රීඩාව හා වයස් පරතරයේ වටිනාකම සම්බන්ධ විවේචන නිසා.

එම තරගයෙන් පසුව වොල්ෂ් සමාජ මාධ්‍යට පිවිසියේ පෝල් කෙරෙහි තිබෙන සිය ඉච්ඡා භංගත්වය ලෝකයට හඬ නගා කියා සිටීමට.

zzzzzzer
“ජේක් පෝල් බොක්සිං ක්‍රීඩාවට ලජ්ජාවක්” යනුවෙන් වොල්ෂ් සටහන් කළා. “මගේ සීයා තවමත් ජීවතුන් අතර සිටියා නම්, ඔහු පෝල්ව අමතාවි. පෝල්, උඹට කිසිම ලජ්ජාවක් නැහැ. ආදරෙයි, ටයිසන්.”


බොක්සිං ක්‍රීඩකයෙක් බවට පරිවර්තනය වූ යූටියුබ කෙනෙකු වන ජේක් පෝල් බොක්සිං ක්‍රීඩාවට විහිළුවක් බවට විශ්වාස කරන වොල්ෂ් මේ වසර මුල පෝල්ගේ ප්‍රවර්ධක සමාගම විසින් යෝජනා කරන ලද ඩොලර් මිලියන ගණනාවක තරගයක් ප්‍රතික්ෂේප කළා.

“මම තෝරාගෙන තිබෙන්නේ බොක්සිං ක්‍රීඩාවේ මාර්ගය හා උරුමයේ මාවතයි” වොල්ෂ් X වේදිකාවේ සටහන් කළා. “මට මේ දැන් මිලියනපතියකු වෙන්න පුළුවන්. මේ තරගයට පෙර පෝල්ගේ MVP ආයතනයෙන් ලැබුනු ඔහු සමග තරග කිරීමේ ඩොලර් මිලියන ගණනක කොන්ත්‍රාත්තුවක් මම ප්‍රතික්ෂේප කළා. මම ඒ සැණකෙළි බොක්සිං ලීගයේ කොටස්කාරයෙක් නෙවෙයි.”

මිඩ්ල්වේට් බොක්සිං ක්‍රීඩකයෙකු වන 24 හැවිරිදි නිකො අලි වොල්ෂ් ඔහුගේ වෘත්තීය බොක්සිං ක්‍රීඩා දිවිය ආරම්භ කළේ 2021 වසරේ. එතැන් සිට, ඔහු ප්‍රතිවාදියා බිම හෙළීම් පහක් සමග තරග 12කින් තරග 11ක් ජය ගැනීමට සමත්ව සිටිනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...