The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක රග්බි සම්මාන: වසරේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකාවෙන් - ක්‍රීඩිකාව එංගලන්තයෙන්

T

The Leader Desk

November 28, 2024 • 8:16 AM

ලෝක රග්බි සම්මාන: වසරේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකාවෙන් - ක්‍රීඩිකාව එංගලන්තයෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක රග්බි සෙවන්ස් වසරේ ක්‍රීඩකයා සම්මානය හිමිකර ගත්තේ ප්‍රංශයේ ඔන්ට්වොන් ඩූපොන්ට් (Antoine Dupont).
  • දකුණු අප්‍රිකාවේ ‘ස්ප්‍රිංබොක්ස්’ ජාතික රගර් කණ්ඩායම 2019 වසරේදී ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව මේ සම්මානය ප්‍රථම වතාවට දිනා ගත් 32 හැවිරිදි ටුආ, මේ වසරේ රග්බි ශූරතාවලිය හා ටෙස්ට් තරග 13න් තරග 11ක් ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පෙරමුණේ සිටි ක්‍රීඩකයෙක්.
  • මෙවර සම්මානය දිනා ගැනීමත් සමග ඔහු මේ ගෞරවය දෙවරක් හිමිකර ගත් පළමු දකුණු අප්‍රිකානුවා බවට පත්වනවා.
  • හැවිරිදි කිල්ඩාන් ඇගේ සම්මානය හිමි කර ගත්තේ 2024 කාන්තා රටවල් හයේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිරුළ පැළඳි විශිෂ්ට වසරකින් පසුව.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෝක රග්බි සෙවන්ස් වසරේ ක්‍රීඩකයා සම්මානය හිමිකර ගත්තේ ප්‍රංශයේ ඔන්ට්වොන් ඩූපොන්ට් (Antoine Dupont).


ලෝක රග්බි සෙවන්ස් වසරේ ක්‍රීඩකයා සම්මානය හිමිකර ගත්තේ ප්‍රංශයේ ඔන්ට්වොන් ඩූපොන්ට් (Antoine Dupont).

 

දකුණු අප්‍රිකාවේ ‘ස්ප්‍රිංබොක්ස්’ ජාතික රගර් කණ්ඩායම 2019 වසරේදී ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව මේ සම්මානය ප්‍රථම වතාවට දිනා ගත් 32 හැවිරිදි ටුආ, මේ වසරේ රග්බි ශූරතාවලිය හා ටෙස්ට් තරග 13න් තරග 11ක් ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පෙරමුණේ සිටි ක්‍රීඩකයෙක්. මෙවර සම්මානය දිනා ගැනීමත් සමග ඔහු මේ ගෞරවය දෙවරක් හිමිකර ගත් පළමු දකුණු අප්‍රිකානුවා බවට පත්වනවා.


25 හැවිරිදි කිල්ඩාන් ඇගේ සම්මානය හිමි කර ගත්තේ 2024 කාන්තා රටවල් හයේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිරුළ පැළඳි විශිෂ්ට වසරකින් පසුව.

එංගලන්තයට ඔවුන්ගේ WXV1 ශූරතාව රැක ගැනීමට උපකාරී වූ ඇය එංගලන්ත කාන්තා රග්බි කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග නවයකදී ට්‍රයි 14ක් වාර්තා කිරීමට සමත් වුනා.

 

එලී කිල්ඩාන් හා පිට-ස්ටෙෆ් ටුආ

සත් සාමාජික රග්බි වසරේ ක්‍රීඩකයා ලෙස නම් කරනු ලැබූ 28 වැනි වියේ පසුවන ඩූපොන්ට් පහළොස් සාමාජික රග්බි ක්‍රීඩාවෙන් සත් සාමාජික ක්‍රීඩාවට මාරු වූ ක්‍රීඩකයෙක්. ඔහු ජූලි මාසයේදී ප්‍රංශය ට පැරිස් ඔලිම්පික් රග්බි සෙවන්ස් ශූරතාව දිනා ගැනීමට උපකාරී වුනා.

මීට අමතරව, මොනාකෝ හි පැවති මේ සම්මාන ප්‍රදානෝත්සවයේදී, නවසිලන්තයේ ‘ෆ්ලෑන්ක’ ක්‍රීඩක වොලස් සිටිටී (Wallace Sititi) හා අයර්ලන්තයේ පසුපෙල ක්‍රීඩිකා එරින් කිං (Erin King) පිළිවෙලින් වසරේ නැගී එන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සම්මාන දිනා ගත්තා.

2186683554

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...