The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කැම්පා කෝලා: පෙප්සි හා කොකා කෝලා ආධිපත්‍යය අවසන් කරන්න මුරලිදරන් හා මුකේෂ් අම්බානි එක්වෙති

T

The Leader Desk

November 30, 2024 • 3:16 PM

කැම්පා කෝලා: පෙප්සි හා කොකා කෝලා ආධිපත්‍යය අවසන් කරන්න මුරලිදරන් හා මුකේෂ් අම්බානි එක්වෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කර්නාටක ප්‍රාන්තයේ චාමරජනගාරා දිස්ත්‍රික්කයේ බඩනාකුප්පෙ නගරයේ අලුත් බීම හා රසකැවිලි කම්හලයක් පිහිටුවීමෙන්, දඟ පන්දු පුරාවෘත්ත ක්‍රීඩක මුරලිදරන්‌ මේ මුදල් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙන්නේ ඉන්දියානු බිලියනපති මුකේෂ් අම්බානි (Mukesh Ambani) සමග එක්ව.
  • කලක් ඉතාමත් ප්‍රසිද්ධ ලාංජනයක්ව තිබූ කැම්පා කෝලා (Campa Cola) සිසිල් බීම පානය නැවත වෙළඳ පොලට නිකුත් කරමින් අම්බානි ඉන්දියාවේ සිසිල් බීම කර්මාන්තයේ නව ප්‍රබෝධයක් ඇතිකර තිබෙනවා.
  • Muttiah Beverages and Confectioneries නමැති අලුතින් ලියාපදිංචි කරන ලද ආයතනය රුපියල් කෝටි 1,400ක මුදලක් ඉන්දියාවේ ආයෝජනය කිරීමට නියමිතව තිබෙන්නේ කැම්පා කෝලා නිෂ්පාදන වෙළඳ පොලට නිකුත් කිරීමේ සැලසුම් සමග.
  • මේ ව්‍යාපාරය කොකා කෝලා හා පෙප්සි කෝලා වැනි සාම්ප්‍රදායික යෝධයන් විසින් අණසක පතුරුවා තිබෙන ඉන්දියානු සිසිල් බීම වෙළඳ පොලට මහත් අභියෝගයක් ගෙන දෙනු ඇතැයි පැවසෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


කර්නාටක ප්‍රාන්තයේ චාමරජනගාරා දිස්ත්‍රික්කයේ බඩනාකුප්පෙ නගරයේ අලුත් බීම හා රසකැවිලි කම්හලයක් පිහිටුවීමෙන්, දඟ පන්දු පුරාවෘත්ත ක්‍රීඩක මුරලිදරන්‌ මේ මුදල් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙන්නේ ඉන්දියානු බිලියනපති මුකේෂ් අම්බානි (Mukesh Ambani) සමග එක්ව.

xfgte4rt4

කලක් ඉතාමත් ප්‍රසිද්ධ ලාංජනයක්ව තිබූ කැම්පා කෝලා (Campa Cola) සිසිල් බීම පානය නැවත වෙළඳ පොලට නිකුත් කරමින් අම්බානි ඉන්දියාවේ සිසිල් බීම කර්මාන්තයේ නව ප්‍රබෝධයක් ඇතිකර තිබෙනවා.

Muttiah Beverages and Confectioneries නමැති අලුතින් ලියාපදිංචි කරන ලද ආයතනය රුපියල් කෝටි 1,400ක මුදලක් ඉන්දියාවේ ආයෝජනය කිරීමට නියමිතව තිබෙන්නේ කැම්පා කෝලා නිෂ්පාදන වෙළඳ පොලට නිකුත් කිරීමේ සැලසුම් සමග.

මේ ලාංජනය නැවත ප්‍රාණවත් කිරීමේ වැදගත් සන්දිස්ථානයක් සංකේතවත් කරමින් කැම්පා කෝලා නිෂ්පාදන ලබන වසරේ ජනවාරියේ ආරම්භ කිරීමට නියමිතයි.

මේ ව්‍යාපාරය කොකා කෝලා හා පෙප්සි කෝලා වැනි සාම්ප්‍රදායික යෝධයන් විසින් අණසක පතුරුවා තිබෙන ඉන්දියානු සිසිල් බීම වෙළඳ පොලට මහත් අභියෝගයක් ගෙන දෙනු ඇතැයි පැවසෙනවා.

Reliance Industries හි ප්‍රධානියා වන මුකේෂ් අම්බානි හා මුත්තයියා මුරලිදරන් අතර ඇතිව තිබෙන මේ හවුල කැම්පා කෝලා සිසිල් බීම යළි ප්‍රාණවත් කර එය ශක්තිමත් තරගකරුවෙකු බවට නැවත පත්කිරීමේ උපක්‍රමශීලී පියවරක් සංකේතවත් කිරීමක්. මේ දෙදෙනාගේ කෘතහස්ත භාවය හා සම්පත් එකතු කළ විට, මේ මුල පිරීම සිසිල් බීම අංශයේ ස්ථාපිතව සිටින ආයතනවල ආධිපත්‍යයට අභියෝගයක් වනු ඇතැයි ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරනවා.

ඉන්දියාවේ කුඩා හා මධ්‍යම ව්‍යාපාර ඇමති MB Patil විසින් නිවේදනය කළ මේ ව්‍යාපෘතිය මගින් විවිධ අදියර යටතේ රුපියල් කෝටි 1,400ක සම්පූර්ණ ආයෝජනයක් ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කරන අතර රැකියා උත්පාදනය කරමින් හා යටිතල පහසුකම් සංවර්ධනය කරමින් දේශීය ආර්ථිකය නැංවීම ඉලක්කය කරගෙන සිටිනවා.

මේ නිවේදනය නිකුත් වූයේ, මේ ව්‍යාපෘතියේ විස්තර හා කලාපය සමග එයින් හටගන්නා සම්බන්ධය පිළිබඳව මුරලිදරන් හා ඇමතිවරයා අතර පැවති සාකච්ඡාවකින් පසුව.

මේ ව්‍යාපෘතිය රුපියල් කෝටි 230ක ආයෝජනයකින් ආරම්භ කිරීමට මුලින් සැලසුම් කර තිබුන ද, අවකාශය හා පරිමාණයේ වැඩිවීම හේතුවෙන් සම්පූර්ණ ආයෝජනය රුපියල් කෝටි 1,000 දක්වා සහ ඉදිරි වසරවලදී එය රුපියල් කෝටි 1,400 දක්වා ඉහළට සංශෝධනය කර තිබෙනවා.

මේ ව්‍යාපෘතිය වෙනුවෙන් අක්කර 46ක භූමියක් දැනටමත් වෙන්කර තිබෙන බවත් නිෂ්පාදන මෙහෙයුම් 2025 ජනවාරි මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා සඳහන් කර තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...