The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රීඩා කරමින් සිටියදී ක්‍රිකට් ක්‍රීඩකයෙක් හෘදයාබාධයකින් මිය යයි

T

The Leader Desk

December 2, 2024 • 11:40 AM

ක්‍රීඩා කරමින් සිටියදී ක්‍රිකට් ක්‍රීඩකයෙක් හෘදයාබාධයකින් මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නගරයේ Garware ක්‍රීඩාංගණයේදී පැවති ක්‍රිකට් තරගයේදී මෙසේ මිය ගොස් තිබෙන්නේ ඉම්රාන් පටල් (Imran Patel) නමැති ක්‍රීඩකයා.
  • ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි ඔහු ටික වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමෙන් පසුව පපුවේ හා අතේ වේදනාවක් පිළිබඳව කියන්නට පටන් ගෙන තිබෙනවා.
  • ඉම්රාන් සැණින් රෝහලට ගෙන ගිය ද, එහිදී ඔහු මිය ගොස් ඇතැයි වෛද්‍යවරු පැවසුවා.
  • තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙකුව සිටි බැවින් ඉම්රාන් තරගයක් පුරා ම ක්‍රියාශීලීව සිටිය යුතු ක්‍රීඩකයෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):

නගරයේ Garware ක්‍රීඩාංගණයේදී පැවති ක්‍රිකට් තරගයේදී මෙසේ මිය ගොස් තිබෙන්නේ ඉම්රාන් පටල් (Imran Patel) නමැති ක්‍රීඩකයා.

ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි ඔහු ටික වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමෙන් පසුව පපුවේ හා අතේ වේදනාවක් පිළිබඳව කියන්නට පටන් ගෙන තිබෙනවා.

heart attack while playing cricket 202411848343
මේ ගැන ඔහු පිටියේ තරග විනිසුරුවන්ට දැන්වීමේදී ඔහුට පිටියෙන් ඉවත්ව යාමට අවසර ලැබී තිබෙනවා. කෙසේ වෙතත්, ආපසු ක්‍රීඩාගාරයට යන අතරතුර ඉම්රාන් බිම ඇද වැටුනා.

මේ සම්පූර්ණ සිදුවීම කැමරාවට හසුව තිබෙන්නේ තරගය සජීවීව විකාශය කෙරෙමින් තිබූ නිසා. ඉම්රාන් ඇද වැටෙද්දී, පිටියේ සිටි අනෙක් ක්‍රීඩකයන් වහාම ඔහු වෙත පැමිණියා. ඉම්රාන් සැණින් රෝහලට ගෙන ගිය ද, එහිදී ඔහු මිය ගොස් ඇතැයි වෛද්‍යවරු පැවසුවා.

මෙහිදී බොහෝ දෙනෙක් පුදුමයට පත්වූ කරුණ වූයේ ඉම්රාන් ඉතාමත් හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටීම. ඔහු ශාරීරිකව ශක්තිමත්ව සිටියත් හෘදයාබාධයකින් මිය ගිහින්. තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙකුව සිටි බැවින් ඉම්රාන් තරගයක් පුරා ම ක්‍රියාශීලීව සිටිය යුතු ක්‍රීඩකයෙක්. එබැවින් ඔහුගේ මරණයට හේතුව බොහෝ දෙනාව විමතියට පත්කර තිබෙනවා.

Cricketer Dies of Cardiac Arrest 1

 

ඉම්රාන් ට බිරිඳක් හා දියණියන් තිදෙනෙක් සිටිනවා. බාල ම දුවට වයස මාස හතරක් පමණයි. ක්‍රිකට් කණ්ඩායමක මෙන්ම දේපළ වෙළඳාම් කිරීමේ ව්‍යාපාරයක ද හිමිකරුවෙකුව සිටීම නිසා ඔහු පළාතේ ප්‍රසිද්ධ කෙනෙකු බවට පත්ව සිටියා. සිසිල් බීම හලක් ද ඔහු සතුව තිබුනා.

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී, හබිබ් ෂයික් නමැති තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද පූනෙ හි තරගයක් ක්‍රීඩා කරමින් සිටියදී මේ අයුරින් ම මිය ගියා. කෙසේ වෙතත්, මනා ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි ඉම්රාන් මෙන් නොව හබිබ් දියවැඩියා රෝගියෙකුව සිටියා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රීඩා කරමින් සිටියදී ක්‍රිකට් ක්‍රීඩකයෙක් හෘදයාබාධයකින් මිය යයි | The Leader