The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගිනී රටේ පාපන්දු ඛේදවාචකයෙන් මිය ගිය සැබෑ සංඛ්‍යාව වසන් කිරීමේ උත්සාහයක්

T

The Leader Desk

December 4, 2024 • 3:48 PM

ගිනී රටේ පාපන්දු ඛේදවාචකයෙන් මිය ගිය සැබෑ සංඛ්‍යාව වසන් කිරීමේ උත්සාහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිය ගිය සැබෑ සංඛ්‍යාව සියයකට ආසන්න බවට වාර්තා වනවා.
  • තරග විනිසුරු දුන් තීරණයකට ක්‍රීඩා ලෝලීන් විරෝධය පළ කිරීමේදී ඇතිවූ ව්‍යාකූල තත්ත්වයේදී කුලප්පු වූ දහස් සංඛ්‍යාත සෙනඟක් ක්‍රීඩාංගණයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී මේ මරණ සිදුව තිබෙනවා.
  • රජය විසින් ප්‍රවෘත්ති පාලනය කරන ගිනී දේශයේ මේ සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන්ගේ නියම සංඛ්‍යාව අනාවරණය නොකර රජය එය සඟවා තබා ගෙන සිටින බවට ජනතාව චෝදනා කරනවා.
  • ලේබ් (Labe) හා එන්සර්කෝ (Nzerekore) යන කණ්ඩායම් අතර මේ තරගය ක්‍රීඩා කෙරුනේ 2021 සැප්තැම්බරයේදී කුමන්ත්‍රණයකින් බලයට පැමිණි මමැඩි ඩුම්වියා (Mamady Doumbouya) හමුදා පාලකයාට ගෞරවය පිණිස සංවිධානය කර තිබූ ප්‍රථම ජාතික තරගාවලියේ අවසාන තරගය ලෙස.
අකුරු ප්‍රමාණය (Font Size):

මිය ගිය සැබෑ සංඛ්‍යාව සියයකට ආසන්න බවට වාර්තා වනවා.

ලොව අලුත්ම ක්‍රීඩා සෙනඟ ව්‍යසනය ඉරිදා සිදුවූයේ හමුදාව විසින් පාලනය කරනු ලබන මේ බටහිර අප්‍රිකානු රටේ දෙවැනියට විශාල නගරයේ පැවති පාපන්දු තරගයකදී. තරග විනිසුරු දුන් තීරණයකට ක්‍රීඩා ලෝලීන් විරෝධය පළ කිරීමේදී ඇතිවූ ව්‍යාකූල තත්ත්වයේදී කුලප්පු වූ දහස් සංඛ්‍යාත සෙනඟක් ක්‍රීඩාංගණයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී මේ මරණ සිදුව තිබෙනවා. රජය විසින් ප්‍රවෘත්ති පාලනය කරන ගිනී දේශයේ මේ සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන්ගේ නියම සංඛ්‍යාව අනාවරණය නොකර රජය එය සඟවා තබා ගෙන සිටින බවට ජනතාව චෝදනා කරනවා.

ලේබ් (Labe) හා එන්සර්කෝ (Nzerekore) යන කණ්ඩායම් අතර මේ තරගය ක්‍රීඩා කෙරුනේ 2021 සැප්තැම්බරයේදී කුමන්ත්‍රණයකින් බලයට පැමිණි මමැඩි ඩුම්වියා (Mamady Doumbouya) හමුදා පාලකයාට ගෞරවය පිණිස සංවිධානය කර තිබූ ප්‍රථම ජාතික තරගාවලියේ අවසාන තරගය ලෙස. පුද්ගලයන් 20,000ක් සහ 30,000ක් අතර ප්‍රමාණයක් Third of April ක්‍රීඩාංගණයේ පැවති මේ තරගය නැරඹීමට පැමිණ සිටියා.

xdfrt4543
තරග විනිසුරු විසින් සංචාරක කණ්ඩායම වූ ලේබ් ක්‍රීඩකයන් දෙදෙනෙක් පිටියෙන් ඉවත් කර මතභේදාත්මක පෙනල්ටි පහරක් ප්‍රදානය කිරීම හේතුවෙන් මේ සිද්ධිය හටගත් බව වාර්තාවල දැක්වෙනවා. විනිසුරු කෙරෙහි හටගත් කෝපයෙන් එම කණ්ඩායමේ ආධාරකරුවන් පිටියට ගල් විසි කරමින් පිටිය ආක්‍රමණය කර තිබෙනවා.

මේ කලබලකාරී තත්ත්වය හමුවේ ආරක්ෂක හමුදාවන් කඳුළු ගෑස් භාවිතා කළ අතර බොහෝ දෙනෙක් මිය ගොස් තිබෙන්නේ ක්‍රීඩාංගණයේ ගේට්ටු තුළින් රිංගා පලායෑමට උත්සාහ කිරීමේදී මිරිකී පොඩිවීමෙන්. දහස් ගණන් පුද්ගලයින්ගෙන් ක්‍රීඩාංගණය වහලය දක්වා පිරී තිබුනා. ක්‍රීඩාංගණයෙන් පිටව යාමට තිබුනේ එක් දොරටුවක් පමණක් වූ අතර ඇතිවූ කලබලයේදී සමහරු බිත්ති දිගේ බඩගා ගියේ වහාම ක්‍රීඩාංගණයෙන් පිටවීමේ අරමුණින්. සියළුම නරඹන්නන් පිටවීමේ දොරටුව වෙත දුවගොස් තිබෙන අතර ප්‍රමාණයෙන් කුඩා වූ ඒ ගේට්ටුවෙන් එළියට යාමට නොහැකි වූ පුද්ගලයන් බිම වැටී පෑගී තිබෙනවා.

තරග විනිශ්චය පිළිබඳව ක්‍රීඩා ලෝලීන් කෑගසමින් විරෝධය පළකරන අයුරු හා ක්‍රීඩාංගණයෙන් පලායාමට උත්සාහ කිරීමේදී සමහරු උස වැටෙන් පනින අයුරු වීඩියෝ පටයෙන් දිස්වනවා.

ආරක්ෂක හමුදාවන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ක්‍රීඩා ලෝලීන් ගල් විසි කිරීමට පටන් ගත් නිසා බව සඳහන්. මිය ගිය අයගෙන් කිහිප දෙනෙකු ළමයින් වන අතර තුවාල ලැබූ සමහරු බරපතළ තත්ත්වයෙන් පසුවන බව වාර්තා වනවා.

මිනිසුන් රෝහලක බිම වැතිර සිටියදී සමහරු තුවාල ලැබූවන්ට උපකාර කරන අයුරු වීඩියෝවේ පෙන්නුම් කරනවා. රෝහ‌ලේ ඇසට හසුවන මායිම දක්වා දිගට මලසිරුරු පෝලිමට තබා තිබූ බව නම හෙළි කිරීමට අකමැති වූ වෛද්‍යවරයෙක් පවසා තිබෙනවා.

“අනෙක් අය රෝහල් සාලයේ බිම වැතිරී ඉන්නවා. මෘතශරීරාගාරය පිරිලා” යනුවෙන් ඔහු කියා තිබෙනවා.

සිද්ධිය හටගත් 200,000ක පමණ ජනගහණයක් ඇති එන්සර්කෝ නගරය පුරා සඳුදා ආරක්ෂක බාධක යොදා තිබූ අතර තුවාලකරුවන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් හමුදා සෙබළු විසින් මුර කරමින් සිටියා. මුළු නගරය ම නිහඬව තිබූ අතර කඩසාප්පු සියල්ල වසා දමා තිබුනා.

සිද්ධියට වගකිව යුත්තේ කවුරුන්ද කියා නිශ්චය කර ගැනීමට බලධාරීන් උත්සාහ කරමින් සිටින බව අගමැති එමඩු ඔරි බා (Amadou Oury Bah) ජාතික රූපවාහිනියෙන් කියා සිටියා.

මේ තරගාවලිය සංවිධානය කළේ ඩුම්වියාගේ නීති විරෝධී හා නුසුදුසු දේශපාලනික අභිලාෂයන් සඳහා සහයෝගය ලබා ගැනීමට බව විරුද්ධ පාක්ෂික සන්ධානය පවසනවා.

හිටපු ගිනී ජනාධිපති ඇල්ෆ කොන්ඩ් (Alpha Conde) 2021 වසරේදී බලයෙන් නෙරපා දැමූ ඩුම්වියා, ජනාධිපතිවරණයකට ඇස ගසා ගෙන සිටින අතර ඒ සඳහා දිනයක් තවම වෙන්කර නැහැ. ඔහුගේ ම රාජ්‍ය පාලන ක්‍රමය විසින් පනවා තිබෙන ව්‍යවස්ථාවට අනුව ඔහුට ජනාධිපතිවරණයකට ඉල්ලීමට හැකියාවක් නැහැ.

හමුදාව විසින් පාලනය අයිති කරගෙන නැවත සිවිල් පාලනයකට පැමිණීම ප්‍රමාද කර තිබෙන Mali, Niger හා Burkina Faso ඇතුළු බටහිර රටවල් ගණනාවකින් තවත් දේශයකි ගිනී (Guinea).

අඟහරුවාදා සිට දින තුනක ජාතික ශෝක කාලයක් ගිනී නායකයා විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රමිතියට නැති නිසා ජාත්‍යන්තර පාපන්දු තරග පැවැත්වීම අප්‍රිකානු පාපන්දු සම්මේලනය විසින් තහනම් කර තිබෙන ඉතියෝපියාව, ගැම්බියාව, ෂෑඩි හා සියෙරා ලියොන් ඇතුළු රටවල් කිහිපයකට ගිනී දේශය ද අයත්. ඒ අනුව, ගිනී කණ්ඩායම මෑතකදී අප්‍රිකානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වෙද්දී ඔවුන්ගේ සියලුම සත්කාරක තරග ක්‍රීඩා කෙරුනේ අසල්වැසි අයිවරි කෝස්ට් රටේ.

ඉරිදා තෙරපීම ඇතිවූ ක්‍රීඩාංගණය මීට දශක ගණනාවකට පෙර ආරම්භ කර තවමත් අවසන් කර නැති ව්‍යාපෘතියක්.

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...