The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව නෙරපා දමන ලකුණු!

T

The Leader Desk

December 5, 2024 • 11:29 AM

ඔලිම්පික් ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව නෙරපා දමන ලකුණු!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලේකම්වරයාගේ තනතුර අත්හිටුවීමේ තීරණය ගෙන තිබෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) හා ආසියානු ඔලිම්පික් කවුන්සලය විසින්.
  • මෙය, 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් මැක්ස්වල් ද සිල්වා හා එවකට හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබුවේ යැයි කියන මූල්‍යමය විෂමාචාර පිළිබඳව ආචාර ධර්ම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද විමර්ශන වාර්තාවේ ප්‍රතිඵලයක්.
  • වසරේදී IOCයෙන් ගෙවීමක් ලබා ගෙන තිබියදීත් මැක්ස්වල් ද සිල්වා සහ හේමසිරි ප්‍රනාන්දු රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර ගමන් හා නවාතැන් පහසුකම් වෙනුවෙන් ඩොලර් 10,000 (යුරෝ 9,500)ක මුදලක් ලබා ගැනීම මේ වාර්තාවට ඇතුළත්ව තිබෙන ප්‍රධාන කරුණක්.
  • ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව 2022 බර්මිංහැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පුද්ගලයන් හය දෙනෙකු යැවීම වැනි අනවසර ක්‍රියාවන් ද මේ විමර්ශනයෙන් සොයා ගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සදාචාර ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හා පාලන කටයුතු කඩ කිරීම හේතුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ තමන් දරණ තනතුරෙන් ඉවත් වන ලෙසට කර තිබෙන නියෝගය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා විසින් පිළිනොගැනීම නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තහනමට ලක්වීමේ ආසන්නයට පැමිණ සිටිනවා.

ලේකම්වරයාගේ තනතුර අත්හිටුවීමේ තීරණය ගෙන තිබෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) හා ආසියානු ඔලිම්පික් කවුන්සලය විසින්. මෙය, 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් මැක්ස්වල් ද සිල්වා හා එවකට හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබුවේ යැයි කියන මූල්‍යමය විෂමාචාර පිළිබඳව ආචාර ධර්ම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද විමර්ශන වාර්තාවේ ප්‍රතිඵලයක්.

 

ol 987

මේ වාර්තාවෙන් අනාවරණය වන්නේ ඉතාමත් චකිතය උපදවන සොයා ගැනීම්. 2016 වසරේදී  IOCයෙන් ගෙවීමක් ලබා ගෙන තිබියදීත් මැක්ස්වල් ද සිල්වා සහ හේමසිරි ප්‍රනාන්දු රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර ගමන් හා නවාතැන් පහසුකම් වෙනුවෙන් ඩොලර් 10,000 (යුරෝ 9,500)ක මුදලක් ලබා ගැනීම මේ වාර්තාවට ඇතුළත්ව තිබෙන ප්‍රධාන කරුණක්. මේ අමතර මුදල නැවත ලබා දී තිබෙන්නේ නෛතික අවසන් කාල සීමාවට වසර ගණනාවකට පසුව වන බැවින් එයින් පෙන්නුම් කරන්නේ අයුතු මුදල් පරිහරණයක්. ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව 2022 බර්මිංහැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පුද්ගලයන් හය දෙනෙකු යැවීම වැනි අනවසර ක්‍රියාවන් ද මේ විමර්ශනයෙන් සොයා ගෙන තිබෙනවා.

මැක්ස්වල් ද සිල්වා හා හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අමතරව, තමන්ගේ පෞද්ගලික ඉඩම්වල වෙඩි තැබීමේ රේන්ජයක් හා අශ්වයන් පිට යාමේ පහසුකම් සඳහා මුදල් අවභාවිතා කළ උපසභාපතිවරුන් වන ශිරන්ත පීරිස් හා සුරන්ජිත් ප්‍රේමදාස ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකුටම චෝදනා එල්ල වී තිබෙනවා.

මූල්‍ය කමිටුවේ ශිරන්ත පීරිස්, රයිෆල් වෙඩිතැබීමේ සම්මේලනයේ වේශයෙන් අවි ආයුධ සහ පතරොම් ආනයනය කර ඒවා පෞද්ගලිකව විකිණීම පිළිබඳව ද වර්තමානයේ පරීක්ෂණවලට බඳුන්ව සිටිනවා.

මේ පාලන ගැටලුවලින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ කීර්තිය හා කාර්යයන්ට බලපෑමක් ඇති කරන බැවින් සහ එමගින් ඔලිම්පික් ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයට සෘණාත්මක බලපෑමක් ඇති කරවන නිසා මේ පිළිබඳව අප්‍රමාදව කටයුතු කිරීම පිණිස විධායක කමිටුවේ හදිසි රැස්වීමක් කැඳවන ලෙසට IOCය විමර්ශන වාර්තාවෙන් පසුව ශ්‍රී ලංකාවේ NOC සභාපති සුරේෂ් සුබ්‍රමානියම් මහතාගෙන් ඉල්ලා තිබුනා.

මේ සොයාගැනීම්වල බරපතළකම එසේම තිබියදීත්, නොවැම්බර් 19 වැනිදා රැස්වූ NOC විධායක සභාව, මැක්ස්වල් ද සිල්වාගේ ලේකම් තනතුර අත්හිටුවීමේ ඉල්ලීම පිළිබඳව ක්‍රියා කිරීමට අසමත් වූයේ ජාත්‍යන්තර හා ආසියානු ඔලිම්පික් කමිටුවේ උපදෙස්වලට විවෘතව විරෝධය පාමින්. මීට අමතරව, තම අභිමානය රැකගැනීමට සහ තමාගේ කීර්තිය දිගටම ගෙන යාම තෝරා ගනිමින් විධායක කමිටුවේ වැදගත් සාමාජිකයෙකු වන රිෆ්ඩි ෆාමි මහතා ඉල්ලා අස්වුනා.

ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන අංශය යටතේ තිබෙන මේ කාරණය දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා.

(Inside The Games ඇසුරෙන්)

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔලිම්පික් ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව නෙරපා දමන ලකුණු! | The Leader