The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ටලිබාන් තීරණයට රෂිඩ් හා නබි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විරෝධය

T

The Leader Desk

December 6, 2024 • 11:19 AM

ටලිබාන් තීරණයට රෂිඩ් හා නබි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටලිබාන්වරුන්ගේ මේ ක්‍රියාව ඔවුන් 2021 වසරේ අගෝස්තුවේ බලයට පැමිණීමෙන් පසුව ඇෆ්ගනිස්තානයේ සිදුවන කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීමේ අලුත්ම පියවරයි.
  • මේ තීරණය ඔවුන්ගේ අනාගතයට පමණක් නොව අපේ සමාජයේ විශාල ව්‍යුහයටත් දැඩි ලෙස බලපානවා.
  • ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරන දුක හා වේදනාව ඔවුන් මුහුණ දී සිටින අරගලය හද සසල කරවන අයුරින් මතක් කර දීමක්.” “ඇෆ්ගනිස්තානය, අපේ ආදරණීය මව්බිම, සිටින්නේ තීරණාත්මක මොහොතක.
  • විශේෂයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළුව සෑම ක්ෂේත්‍රයකම වෘත්තීමය දක්ෂතා තිබෙන අය රටට ඉතා දැඩිලෙස අවශ්‍යයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ටලිබාන්වරුන්ගේ මේ ක්‍රියාව ඔවුන් 2021 වසරේ අගෝස්තුවේ බලයට පැමිණීමෙන් පසුව ඇෆ්ගනිස්තානයේ සිදුවන කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීමේ අලුත්ම පියවරයි.

ටලිබාන්වරු බාලිකාවන් සහ කාන්තාවන්ට ද්විතීයික හා උසස් අධ්‍යාපනය තහනම් කර තිබුන ද වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා මේ වනතුරු නිදහස ලබා දී තිබුනා. 

කෙල්ලන්ට හා කාන්තාවන්ට ක්‍රීඩාවලට සහභාගි වීම ද තහනම් කර තිබියදී ජගත් ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස ඇෆ්ගනිස්තානය ට තිබෙන තත්ත්වය දිනෙන් දින වැඩිවන සියුම් පිරික්සීමකට ලක්ව තිබෙනවා.

 

rashid khan

“ඉස්ලාම් ධර්මයේ කේන්ද්‍රීය ස්ථානයක් අධ්‍යාපනයට ලැබී තිබෙන්නේ පිරිමින් මෙන්ම කාන්තාවන්ටත් දැනුම සොයා යාමට තිබෙන විශේෂ වැදගත්කම අවධාරණය කරමින්” රෂිඩ් පවසනවා. “ඉගෙන ගැනීමේ වැදගත්කම මතුකර දක්වන කුරානය පිරිමි හා කාන්තා යන දෙපාර්ශවයේම සමාන ආධ්‍යාත්මික වටිනාකම පිළිගන්නවා.”

“ඇෆ්ගනිස්තානයේ සහෝදරියන් හා මවුවරුන්ට අධ්‍යාපන හා වෛද්‍ය ආයතන මෑතකදී වසා දැමීම පිළිබඳව මට තිබෙන්නේ ඉතාමත් දුකක් හා කලකිරීමක්. මේ තීරණය ඔවුන්ගේ අනාගතයට පමණක් නොව අපේ සමාජයේ විශාල ව්‍යුහයටත් දැඩි ලෙස බලපානවා. ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරන දුක හා වේදනාව ඔවුන් මුහුණ දී සිටින අරගලය හද සසල කරවන අයුරින් මතක් කර දීමක්.”

“ඇෆ්ගනිස්තානය, අපේ ආදරණීය මව්බිම, සිටින්නේ තීරණාත්මක මොහොතක. විශේෂයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළුව සෑම ක්ෂේත්‍රයකම වෘත්තීමය දක්ෂතා තිබෙන අය රටට ඉතා දැඩිලෙස අවශ්‍යයි. වෛද්‍යවරියන් සහ හෙදියන්ගේ උග්‍ර හිඟය විශේෂයෙන් අදාළ වන්නේ එය කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය සහ අභිමානයට කෙළින් ම බලපාන නිසා. අපේ සහෝදරියන්ට හා අම්මලාට ඔවුන්ගේ අවශ්‍යතාවන් ඇත්තටම හඳුනන වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ලබා දෙන සත්කාරයට ප්‍රවේශ වීම අත්‍යවශ්‍යයි.”

 

ඇෆ්ඝන් කාන්තාවෝ සරසවි තහනමට එරෙහි වෙති

“ඇෆ්ගනිස්තාන බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය නැවත ලබා ගෙන ඔවුන්ට රටේ දියුණුවට දායක වීමට හැකිවන පරිදි මේ තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙසට මම අවංකව ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම අධ්‍යාපනය ලබා දීම සමාජමය වගකීමක් පමණක් නොව එය අපේ ආගමික ඇදහිල්ලේ හා වටිනාකම්වල ඉතාමත් ගැඹුරින් මුල් බැසගෙන තිබෙන සදාචාර යුතුකමක් ද වනවා” යනුවෙන් රෂිඩ් ඛාන් වැඩිදුරටත් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් කතාවේ සඳහන් කර තිබෙනවා.

මොහමඩ් නබි ද රෂිඩ්ගේ අදහස් දෝංකාර කරමින් X සමාජ මාධ්‍යයේ මෙසේ සටහන් කර තිබෙනවා: “කෙල්ලන්ට වෛද්‍ය විද්‍යාව හැදෑරීම තහනම් කිරීමට ටලිබාන්වරු ගත් තීරණය හද කකියවන කරුණක් පමණක් නොව ඉතාමත් අසාධාරණ ක්‍රියාවක්. ඉස්ලාම් ධර්මය සැමවිටම සියලු දෙනාගේම අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කර තිබෙන අතර දැනුවත්කම තුළින් පරම්පරා බොහොමයකට වැදගත් අයුරින් දායක වූ ප්‍රබෝධ කරවන මුස්ලිම් කාන්තා උදාහරණවලින් ඉතිහාසය පිරී තිබෙනවා.”

“මේ වටිනාකම් පිළිබඳව ආවර්ජනය කරන ලෙසට මම ටලිබාන්ගෙන් ඉල්ලනවා. කෙල්ලන්ට ඉගෙන ගෙන ඔවුන්ගේ ජනතාවට සේවය කිරීමට තිබෙන අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ සිහින හා අපේ රටේ අනාගතය යන දෙක ට ම ද්‍රෝහී වීමක්. අපේ දියණියන්ට අධ්‍යාපනය ලැබ, හැදී වැඩී, සියලු දෙනා ට ම වඩාත් හොඳ ඇෆ්ගනිස්තානයක් ගොඩනැගීමට ඉඩ දෙන්න. මෙය ඔවුන්ගේ අයිතියක්. එය රැකීම අපේ යුතුකමක්!”

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ටලිබාන් තීරණයට රෂිඩ් හා නබි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විරෝධය | The Leader