කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ශම්මි සිල්වා වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ භාණ්ඩාගාරික ඇතුළු විවිධ තනතුරු දැරූ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පරිපාලකයෙකි.
ඔහු වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
මින් පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ කටයුතු කරනු ලැබුවේ ඉන්දියාවේ ජේ ෂායි. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස පසුගිය සතියේ වැඩභාරගනු ලැබීය.



