‘ලන්ඩන් ග්‍රෑන්ඩ් සූමෝ තරගාවලිය’ සඳහා ඉහළම මට්ටමේ ජපන් සූමෝ ක්‍රීඩකයන් එංගලන්ත අගනුවර පෙනී සිටින්නේ මේ ක්‍රීඩාවේ වසර 1,500ක ඉතිහාසයේ එදා මෙදා තුර සූමෝ මල්ලවපොර ක්‍රීඩකයන් ජපානයෙන් පිට තරග වදින දෙවැනි අවස්ථාව සනිටුහන් කරමින්.
ජපානයේ උසස් ම කොටසේ තරග වදින මකූචි රිකිෂි (Makuuchi Rikishi) නමැති එරට ඉහළ පෙළැන්තියේ සූමෝ ක්‍රීඩකයන් 40 දෙනෙක් ලබන වසරේදී තරග වැදීමට නියමිතව තිබෙන්නේ ලන්ඩනයේ රාජකීය ඇල්බර්ට් ශාලාවේ (Royal Albert Hall). මේ තරග වෙනුවෙන් රාජකීය ඇල්බර්ට් ශාලාව සූමෝ පන්සලකට පරිවර්තනය කරනු ඇත්තේ සූමෝ පන්සලට ආවේණික සැබෑ පොළොව, වැලි සහිත Dohyo තරග කවය හා ෂින්ටෝ සිද්ධස්ථාන වහලකින් ද සමන්විත වන ආකාරයෙන්.

ඉහළම මට්ටමේ සූමෝ තරග ජපානයෙන් පිටත පැවැත්වෙන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර 2025 ඔක්තෝබර් 15 සිට 19 දක්වා පැවැත්වීමට නියමිත ඉසව්ව එංගලන්තයේ පැවැත්වෙන්නේ වසර 34කට පසුව ප්‍රථම වතාවට.
මීට දශක තුනකට පෙර 1991 වසරේදී එක්සත් රාජධානියේ සූමෝ තරගාවලියක් පැවැත්වුනේ ද රාජකීය ඇල්බර්ට් ශාලාවේ. එය ජපානයෙන් පිට පැවැත්වූ පළමු නිල සූමෝ තරගාවලිය බවට පත්ව තිබෙනවා.
සිරිත් විරිත් හා සම්ප්‍රදාය මත ගොඩනැගුනු සූමෝ මල්ලව පොර ක්‍රීඩාව ජපානයේ 17 වැනි ශතවර්ෂය මුල වෘත්තීය ක්‍රීඩාවක් බවට පත්වූ දා පටන් මේ දක්වා නොවෙනස්ව රැඳී පවතිනවා.
1991 වසරේදී එක්සත් රාජධානියේ සූමෝ තරගාවලියක් පැවැත්වුනේ ද රාජකීය ඇල්බර්ට් ශාලාවේසටහන :




