මුදල් දඩයක් සහ වසරක තරග තහනමක් පනවා තිබෙනවා.
ඇයට මේ දඬුවම පනවා තිබෙන්නේ අශ්වයෙකුට නැවත නැවත කසයෙන් පහර දීමේ අපකීර්තිමත් සිද්ධිය හේතුවෙන්. මේ නිසා ඇය පසුගිය ජූලි මාසයේ පැවති පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් ද ඉවත් වුනා.
තවත් අසරුවෙකු පුහුණු කරමින් සිටියදී ඩූජාඩැන් අශ්වයාට නැවත නැවත කසයෙන් තළන අයුරු දිස්වන සිවු වසරකට පෙර වීඩියෝවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව අශ්වාරෝහක ක්‍රීඩා සඳහා වන ජාත්‍යන්තර සම්මේලනය (FEI) ජූලි 23 වැනිදා මේ ක්‍රීඩිකාවට තාවකාලික තහනමක් පැනවූවා.
නෙදර්ලන්තයේ අශ්වයන් සම්බන්ධ නීතිඥවරයෙකු වන Stephan Wensing විසින් ජාත්‍යන්තර සම්මේලනයට මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ නිර්නාමික සේවාදායකයෙක් වෙනුවෙන්.
වසරක තරග තහනම ක්‍රියාත්මක වන්නේ මේ වසරේ ජූලි 23 වැනිදා සිට බැවින් ඩූජාඩැන් ට ලබන වසරේ ජූලි වන තෙක් කිසිම තරගයකට සහභාගි වීමට අවස්ථාවක් නැහැ. ‘අශ්වයන්ගේ සුබ සිද්ධියේ ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීම’ යන වරදට FEI විසින් පනවන ලද මේ දඬුවමට ස්විස් ෆ්‍රෑන්ක්ස් 10,000ක් (අමෙරිකානු ඩොලර් 11,300) ද ඇතුළත්.
දඬුවම පිළිගෙන සිටින ඩූජාඩැන් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් කරන්නේ නැහැ.
වීඩියෝවෙන් දැක්වෙන්නේ ඩූජාඩැන් අශ්වයෙකුට හිරිහැර කරන එකම අවස්ථාව වන බැවින් මෙය හුදෙකලා සිදුවීමක් ලෙස සලකන බව FEI මෙම දඬුවම ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර තිබෙනවා.
39 හැවිරිදි චාලට් ඩූජාඩැන් 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් හා තනි අසුන් සරඹ ක්‍රීඩාවේ රන් පදක්කම් දිනා ගත් අතර 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී තවත් කේවල රන් පදක්කමක් හිමිකර ගත්තා. එම ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් ඉසව්වෙන් රිදී පදක්කමක් ද දිනා ගත් ඇය 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී කණ්ඩායම් හා තනි තරගවල ලෝකඩ පදක්කම හිමිකර ගත්තා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
අශ්වයාට නැවත නැවත කසෙන් පහර දුන් ඔලිම්පික් රන් පදක්කම්ලාභිනියට වසරක තහනමක්
T
The Leader Desk
December 7, 2024 • 2:43 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මුදල් දඩයක් සහ වසරක තරග තහනමක් පනවා තිබෙනවා.
- තවත් අසරුවෙකු පුහුණු කරමින් සිටියදී ඩූජාඩැන් අශ්වයාට නැවත නැවත කසයෙන් තළන අයුරු දිස්වන සිවු වසරකට පෙර වීඩියෝවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව අශ්වාරෝහක ක්‍රීඩා සඳහා වන ජාත්‍යන්තර සම්මේලනය (FEI) ජූලි 23 වැනිදා මේ ක්‍රීඩිකාවට තාවකාලික තහනමක් පැනවූවා.
- වසරක තරග තහනම ක්‍රියාත්මක වන්නේ මේ වසරේ ජූලි 23 වැනිදා සිට බැවින් ඩූජාඩැන් ට ලබන වසරේ ජූලි වන තෙක් කිසිම තරගයකට සහභාගි වීමට අවස්ථාවක් නැහැ.
- ‘අශ්වයන්ගේ සුබ සිද්ධියේ ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීම’ යන වරදට FEI විසින් පනවන ලද මේ දඬුවමට ස්විස් ෆ්‍රෑන්ක්ස් 10,000ක් (අමෙරිකානු ඩොලර් 11,300) ද ඇතුළත්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


