වූ ශ්‍රී ලංකා පාපන්දුව ඒ ගැම්මෙන් ම තවත් ඉදිරියට යාමට නව වසරේදී බලාපොරොත්තු වනවා.
මේ ඉලක්කය වෙනුවෙන් දේශීය පාපන්දු තරගාවලියන් හා විවිධ වැඩසටහන්වලට මුල පිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් 2025 වසර සඳහා දියත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අදහස් කරනවා.
“පාපන්දු පරිපාලනයේ වඩාත්ම අභියෝගාත්මක අංගය වන්නේ ජාතික කණ්ඩායමේ සාර්ථකත්වය ලබා ගැනීමයි. අපි මෙය පරෙස්සමෙන් සකස් කළ උපාය මාර්ගවලින් අත්කර ගෙන තිබෙනවා” යනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් පවසනවා.
“2024 වසරේදී අපි FIFA ශ්‍රේණිගත කිරීම්වල අංක 205 සිට 200 ට දියුණු වෙමින් අපේ රට ට ආඩම්බරයක් ගෙන ආවා. ඉදිරි 2025 වසර දෙස බලන විට, ජාත්‍යන්තර තරග අටක් ක්ෂිතජයේ තිබියදී, තවත් විශිෂ්ට සන්ධිස්ථානයකට පැමිණීමට හැකිවේවි කියා අපට විශ්වාසයි” යනුවෙන් ඔහු කියා සිටිනවා.
දේශීය හා තරුණ සංවර්ධනය දෙස අවධානය යොමු කරන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, වැඩි කරන ලද මුදල් ප්‍රතිපාදන හා සහයෝගය කලාපීය ලීගයන්ට ලබා දෙමින් සියලුම දේශීය තරගාවලියන් 2025 වසරේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙමගින් පාපන්දුවේ සෑම මට්ටමක්ම ඔසවා තබන බව ජස්වර් උමාර් සඳහන් කරනවා.
ළඟ එන ක්‍රීඩා වාරය සඳහා සූදානම සාකච්ඡා කිරීම පිණිස සුපර් ලීග් හා චැම්පියන්ස් ලීගයේ කණ්ඩායම් සමග පාපන්දු සම්මේලනය මෑතකදී හමුවක් පවත්වා තිබෙනවා. එහිදී චැම්පියන්ස් ලීගයේ සිටින කණ්ඩායම් 14 ම ලබන වසරේ ජනවාරි මස අග වන විට ඔවුන්ගේ තරගාවලිය ආරම්භ කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.
සූදානම් වීම පිණිස ඊට වැඩි කාලයක් ඉල්ලා ඇති සුපර් ලීග් සමාජ කණ්ඩායම් එම තරගාවලිය 2025 මාර්තුවේදී ආරම්භ කිරීමට යෝජනා කර තිබෙනවා.
නව තරුණ තරගාවලියක් වන වයස අවුරුදු 19න් පහළ ලීගය සියලුම කලාපීය ලීග් 55 හරහා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මේ සඳහා අනුග්‍රාහකයෙක් දැනටමත් උනන්දුව පළ කර ඇතැයි සම්මේලනය කියනවා.
අවුරුදු 19න් පහළ ලීගයට අමතරව පාපන්දු සම්මේලනය 2025 වසර වෙනුවෙන් යූත් ලීග්, පාසල් තරගාවලි, කාන්තා පාපන්දු තරගාවලි, නව කාන්තා ලීගයක්, පුහුණු කිරීම දියුණු කරන වැඩසටහන් හා තරග විනිසුරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
2024 වසරේ අත්කර ගත් ජාත්‍යන්තර ප්‍රගතියේ ගැම්ම සමග උදාවන 2025 නව වසර ශ්‍රී ලාංකේය පාපන්දුවට පරිවර්තනීය වසරක් වනු ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අපේක්ෂා කරනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
ජාත්‍යන්තර ප්‍රගතියේ ගැම්මෙන් නව වසරට පා තබන ශ්‍රී ලාංකේය පාපන්දුව
T
The Leader Desk
December 9, 2024 • 1:04 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වූ ශ්‍රී ලංකා පාපන්දුව ඒ ගැම්මෙන් ම තවත් ඉදිරියට යාමට නව වසරේදී බලාපොරොත්තු වනවා.
- මේ ඉලක්කය වෙනුවෙන් දේශීය පාපන්දු තරගාවලියන් හා විවිධ වැඩසටහන්වලට මුල පිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් 2025 වසර සඳහා දියත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අදහස් කරනවා.
- “2024 වසරේදී අපි FIFA ශ්‍රේණිගත කිරීම්වල අංක 205 සිට 200 ට දියුණු වෙමින් අපේ රට ට ආඩම්බරයක් ගෙන ආවා.
- ඉදිරි 2025 වසර දෙස බලන විට, ජාත්‍යන්තර තරග අටක් ක්ෂිතජයේ තිබියදී, තවත් විශිෂ්ට සන්ධිස්ථානයකට පැමිණීමට හැකිවේවි කියා අපට විශ්වාසයි” යනුවෙන් ඔහු කියා සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


