The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බොක්සිං ක්‍රීඩාවේ ඔලිම්පික් අනාගතය ලොව ජාතික සංගම් අතේ

T

The Leader Desk

December 11, 2024 • 11:06 AM

බොක්සිං ක්‍රීඩාවේ ඔලිම්පික් අනාගතය ලොව ජාතික සංගම් අතේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේත් නැත්නම් බොක්සිං ක්‍රීඩාව ඔලිම්පික් තරග බිමෙන් ඉවත් වන අයුරු බලා සිටිනවා ද යන්න තීරණය කිරීමට ලෝකයේ ජාතික බොක්සිං සංගම්වලට කාලය පැමිණ ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති Thomas Bach ප්‍රකාශ කරනවා.
  • පාලන හා මූල්‍ය කටයුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් IOCය විසින් පසුගිය වසරේදී ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) පිළිගැනීම අහෝසි කිරීමෙන් පසුව පැරිසියේ පැවති 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලිය මෙහෙයවූයේ IOCය යි.
  • ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ඔලිම්පික් පදක්කම් දිනා ගැනීමේ අවස්ථාව ලබා දෙනවා ද නැද්ද යන්න ඔවුන් තීරණය කළ යුතුයි” IOC සභාපතිවරයා සඳහන් කරනවා.
  • Thomas Bach “එය බොහොම පහසු තීරණයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේත් නැත්නම් බොක්සිං ක්‍රීඩාව ඔලිම්පික් තරග බිමෙන් ඉවත් වන අයුරු බලා සිටිනවා ද යන්න තීරණය කිරීමට ලෝකයේ ජාතික බොක්සිං සංගම්වලට කාලය පැමිණ ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති Thomas Bach ප්‍රකාශ කරනවා.

 

පාලන හා මූල්‍ය කටයුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් IOCය විසින් පසුගිය වසරේදී ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) පිළිගැනීම අහෝසි කිරීමෙන් පසුව පැරිසියේ පැවති 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලිය මෙහෙයවූයේ IOCය යි.

 

ඇන්තනී ජොෂිවා තෙවැනි ලෝක හෙවිවේට් කිරුළකට සූදානම්

1912 වර්ෂය හැරෙන්නට 1904 සිට පැවති සෑම ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ම බොක්සිං තරග ඇතුළත්ව තිබූ පසුබිමක, මීළඟ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරග වැඩසටහනට එම ක්‍රීඩාව IOCය විසින් තවමත් ඇතුළත් කර නැති අතර නව ගෝලීය බොක්සිං පාලක මණ්ඩලයක් පත්කරන ලෙසත් එසේ නොවුනහොත් තව වසර හතරකින් ඔලිම්පික් බොක්සිං ක්‍රීඩාව නැතිවීමේ අවදානම ගන්නා ලෙසත් IOCය ජාතික බොක්සිං සංගම්වලට අනතුරු අඟවනවා.

“දැන් මේ කාරණාව තියෙන්නේ ඒ ඒ රටවල ජාතික බොක්සිං සංගම් අතේ. ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ඔලිම්පික් පදක්කම් දිනා ගැනීමේ අවස්ථාව ලබා දෙනවා ද නැද්ද යන්න ඔවුන් තීරණය කළ යුතුයි” IOC සභාපතිවරයා සඳහන් කරනවා.

 

Thomas Bach Minsk 2019 scaledThomas Bach
“එය බොහොම පහසු තීරණයක්. සංගම් ගණනාවක්ම මේ වෙනුවෙන් ඉදිරියට එන ලකුණු පහළ වී තිබෙනවා.”

‘ලෝක බොක්සිං’ (World Boxing) යනුවෙන් නව සංවිධානයක් 2023 වසරේ ආරම්භ කළ අතර ඊට මහාද්වීප පහක් හරහා සාමාජිකයන් 55ක් දැනටමත් ඇතුළත්ව සිටිනවා. IBA වෙනුවට බොක්සිං ක්‍රීඩාවේ ගෝලීය සංවිධානය ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් තිබෙන එකම සංවිධානය එය වන අතර මේ සම්බන්ධයෙන් 2025 වසරේදී තීරණයක් ගන්නා බව IOCය කියා සිටිනවා.

පාලනය හා මූල්‍ය කටයුතුවලට අමතරව තරග විනිශ්චය හා ආචාර සම්පන්න කාරණා මත ද 2019 වසරේදී IBA තහනම් කළ IOCය ඔවුන්ගෙන් කලාතුරකින් දිස්වන ක්‍රියාවක් සිදුකරමින් IBA ට තිබෙන පිළිගැනීම 2023 වසරේදී අත්හිටුවූයේ ඊට පෙර 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙ‌ලේ බොක්සිං තරගාවලිය මෙහෙයවීම සඳහා IBA සහභාගි කර ගැනීමෙන් වැළකී සිටිමින්.

ඉමාන් කලීෆ් පිරිමියෙක්! : වෛද්‍ය වාර්තාවේ රහස් පිටවෙයිඉමාන් කලීෆ්

 

ලිංගිකත්වයේ මතභේදයට ලක්වූ ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් හා තායිවානයේ ලින් යූ-ටිං සම්බන්ධයෙන් ද මේ සංවිධාන දෙක අතර මත ගැටුමක් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී හටගෙන තිබුනා.

මේ තරගකාරියන් දෙදෙනාගේ ශරීරවල පිරිමි ජාන තිබෙන බව පවසමින් IBA ඔවුන්ගේ පසුගිය වසරේ ලෝක ශූරතාවලියෙන් ඒ දෙදෙනා ඉවත් කළ ද එම ක්‍රීඩිකාවන් දෙදෙනාට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට IOCය අවස්ථාව ලබා දුන් අතර අවසානයේ ඔවුනොවුන්ගේ බර පංතිවල රන් පදක්කම් දිනා ගැනීමට ඉමාන් කලීෆ් හා ලින් යූ-ටිං සමත් වුනා.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බොක්සිං ක්‍රීඩාවේ ඔලිම්පික් අනාගතය ලොව ජාතික සංගම් අතේ | The Leader