The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක පාපැදි ශූරී බිරිඳගේ මරණය සිදුකිරීම ලෝක පාපැදි ශූර සැමියා පිළිගනී

T

The Leader Desk

December 12, 2024 • 8:37 AM

ලෝක පාපැදි ශූරී බිරිඳගේ මරණය සිදුකිරීම ලෝක පාපැදි ශූර සැමියා පිළිගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාවේදී මේ මරණය සිදුවූයේ රිය අනතුරකින්.
  • ඇඩිලේඩ් හි ඔවුන්ගේ නිවස පිටතදී ඩෙනිස් විසින් පදවමින් සිටි වාහනයක ගැටීමෙන් හොස්කින්ස් 2023 වසරේ දෙසැම්බර් 30 වැනි දින රෝහලේදී මිය ගියා.
  • අනතුරුදායක ලෙස රිය පදවා මරණයක් සිදුකිරීම හා නොසැළිකිලිමත්ව රිය පැදවීමේ චෝදනා යටතේ 34 හැවිරිදි ඩෙනිස් ට මුලින් චෝදනා ගොනු කෙරුන ද, පසුව ඔහු හානියක් නිර්මාණය කිරීමේ අඩු චෝදනාවකට වරද පිළිගත්තා.
  • ඇය සහ ඩෙනිස් විවාහ වූයේ 2018 වසරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔස්ට්‍රේලියාවේදී මේ මරණය සිදුවූයේ රිය අනතුරකින්.

ඇඩිලේඩ් හි ඔවුන්ගේ නිවස පිටතදී ඩෙනිස් විසින් පදවමින් සිටි වාහනයක ගැටීමෙන් හොස්කින්ස් 2023 වසරේ දෙසැම්බර් 30 වැනි දින රෝහලේදී මිය ගියා. අනතුරුදායක ලෙස රිය පදවා මරණයක් සිදුකිරීම හා නොසැළිකිලිමත්ව රිය පැදවීමේ චෝදනා යටතේ 34 හැවිරිදි ඩෙනිස් ට මුලින් චෝදනා ගොනු කෙරුන ද, පසුව ඔහු හානියක් නිර්මාණය කිරීමේ අඩු චෝදනාවකට වරද පිළිගත්තා.

BB1jqGImඇය සහ ඩෙනිස් විවාහ වූයේ 2018 වසරේ.

 

හොස්කින්ස් සමග දරුවන් දෙදෙනෙකු සිටින ඩෙනිස් ට හිමි දඬුවම ඉදිරි දිනයකදී නියම කෙරෙනු ඇතැයි වාර්තා වනවා. හොස්කින්ස්ගේ මරණය දක්වා වූ සිදුවීම් පිළිබඳ කරුණු ප්‍රකාශ වී තිබෙන්නේ ඉතාමත් අඩුවෙන්.

කෙසේ වෙතත්, හොස්කින්ස් ළඟපාතක සිටියදී, තමාගේ ක්‍රියාවෙන් ඇයට හානියක් සිදුවීමට ඉඩ තිබෙන බව දැනගෙන සිටිමින් ඔහු කාරයක් පැදවීම පිළිගත් බව ඩෙනිස් වරදකරු බවට පිළිගැනීමේ ක්‍රියාවෙන් අදහස් වනවා.

තරගකරුවන් එකිනෙකා අභිබවා යාමේ 2015 ලෝක ශූරිය හා දෙවතාවක් ඔලිම්පික් ක්‍රීඩිකාවක වන හොස්කින්ස්ගේ මරණයෙන් පසුව ලොව නන් දෙසින් ඇයට ගරු බුහුමන් විශාල ප්‍රමාණයක් ගලා ආවා.

ඇය සහ ඩෙනිස් විවාහ වූයේ 2018 වසරේ. 

 

 132178296 whatsubjectඩෙනිස් 2023 ක්‍රීඩා වාරය අවසානයේ තරග බිමෙන් සමුගත්තා
Tour de France, Giro d’Italia සහ Vuelta a Espana යන ලොව ප්‍රධාන පෙලේ පාපැදි තරගවල අදියර ජයග්‍රහණය කළ ක්‍රීඩා දිවියකින් පසුව ඩෙනිස් 2023 ක්‍රීඩා වාරය අවසානයේ තරග බිමෙන් සමුගත්තා.

මාර්ග හා ධාවන පථ තරග බොහොමයක ලෝක ශූරයා වූ ඔහු 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පාපැදි තරගකරුවන් අභිබවා යාමේ කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමෙන් පසුව 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පාපැදි මාර්ග ධාවන කාලය මැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තා. 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ද රන් පදක්කමක් දිනා ගැනීමට ඩෙනිස් සමත් වුනා.


සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...