The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චීන චෙස් ශූරයා ඉන්දියානු ක්‍රීඩකයාට පැරදුනේ හිතාමතාම බවට රුසියාවෙන් චෝදනාවක්

T

The Leader Desk

December 14, 2024 • 11:44 AM

 චීන චෙස් ශූරයා ඉන්දියානු ක්‍රීඩකයාට පැරදුනේ හිතාමතාම බවට රුසියාවෙන් චෝදනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්මේලනයේ සභාපති ඔන්ද්‍රී ෆිලාටොෆ් (Andrie Filatov) මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ජාත්‍යන්තර චෙස් සම්මේලනයෙන් (FIDE) ඉල්ලා තිබෙනවා.
  • ෆිලාටොෆ්ගේ මේ ක්‍රියාව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS හි පළවූ බවට නීල්සන් X සමාජ මාධ්‍යයේ සටහන් කර තිබෙනවා.
  • රුසියාවේ චෙස් සම්මේලනයේ සභාපති ඔන්ද්‍රී ෆිලාටොෆ් (Andrie Filatov) ෆිලාටොෆ් මෙසේ පැවසූ බව ටාස් ප්‍රවෘත්ති ඒජන්සිය කියනවා: “අවසාන තරගයේ ප්‍රතිඵලය වෘත්තීය චෙස් ක්‍රීඩකයන් හා චෙස් ක්‍රීඩා ලෝලීන්ව වික්ෂිප්ත කර තිබෙනවා.
  • තීරණාත්මක තරග කොටසේදී චීන චෙස් ක්‍රීඩකයාගේ ක්‍රියාවන් අතිශයින් සැකසහිත වන අතර ඒ සඳහා FIDE විසින් විශේෂ පරීක්ෂණයක් අවශ්‍යයි.
අකුරු ප්‍රමාණය (Font Size):
සම්මේලනයේ සභාපති ඔන්ද්‍රී ෆිලාටොෆ් (Andrie Filatov) මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ජාත්‍යන්තර චෙස් සම්මේලනයෙන් (FIDE) ඉල්ලා තිබෙනවා.

රුසියානු චෙස් සභාපතිවරයාගේ මේ ක්‍රියාව හෙළිකර තිබෙන්නේ යුක්රේන චෙස් පුහුණුකරු පීට හයින නීල්සන් (Peter Heine Nielson) විසින්. ෆිලාටොෆ්ගේ මේ ක්‍රියාව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS හි පළවූ බවට නීල්සන් X සමාජ මාධ්‍යයේ සටහන් කර තිබෙනවා.
 
5V4A1053 kopiya                     රුසියාවේ චෙස් සම්මේලනයේ සභාපති ඔන්ද්‍රී ෆිලාටොෆ් (Andrie Filatov)

ෆිලාටොෆ් මෙසේ පැවසූ බව ටාස් ප්‍රවෘත්ති ඒජන්සිය කියනවා: “අවසාන තරගයේ ප්‍රතිඵලය වෘත්තීය චෙස් ක්‍රීඩකයන් හා චෙස් ක්‍රීඩා ලෝලීන්ව වික්ෂිප්ත කර තිබෙනවා. තීරණාත්මක තරග කොටසේදී චීන චෙස් ක්‍රීඩකයාගේ ක්‍රියාවන් අතිශයින් සැකසහිත වන අතර ඒ සඳහා FIDE විසින් විශේෂ පරීක්ෂණයක් අවශ්‍යයි. ඩිං ලිරන් ඒ අවස්ථාවේ තරගයේ සිටි ස්ථානය අහිමි කර ගැනීම පළමු පංතියේ ක්‍රීඩකයෙකුට පවා අසීරු දෙයක්. මේ තරගයේ චීන චෙස් ක්‍රීඩකයාගේ පරාජය බොහෝ ප්‍රශ්න මතුකරන අතර එය හිතාමතාම සිදුවූවක් බව පෙනෙනවා.”

ලෝක කිරුළ හිමිකර ගෙන සිටි ඩිං ලිරන් පරාජය කිරීමෙන් පසුව 18 හැවිරිදි ගුකේෂ් ළාබාලතම ලෝක චෙස් ශූරයා ලෙස ඉතිහාසගත වුනා.




warnan Gunasekara
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...