The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ෂකිබ් අල් හසන්ට එංගලන්තයේ පන්දු යැවීම තහනම්

T

The Leader Desk

December 16, 2024 • 9:17 AM

ෂකිබ් අල් හසන්ට එංගලන්තයේ පන්දු යැවීම තහනම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෂකිබ්ගේ පන්දු යැවීම නීතිවිරෝධී බවට තරග විනිසුරුවන් වාර්තා කර තිබෙන්නේ ඔහු සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් සැප්තැම්බරයේ ක්‍රීඩා කළ ප්‍රාන්ත ශූරතාවලියේ ඔහුගේ එකම තරගයේදී.
  • වමතින් දඟ පන්දු යවන 37 හැවිරිදි ෂකිබ්ව ප්‍රතිවාදී කණ්ඩායම වන සමසෙට් සමග තීරණාත්මක තරගය වෙනුවෙන් විශේෂයෙන් අත්සන් කර තිබුනේ තරගය පැවති ටෝන්ටන් තණතීරුව දඟ පන්දුවට හිතකර බවට අපේක්ෂා කර තිබූ බැවින්.
  • මේ මස මුල එංගලන්තයේ ලෆ්බරෝ සරසවියේදී ෂකිබ් ස්වාධීන තක්සේරු කිරීමක් සම්පූර්ණ කළ අතර එහිදී, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ වැලමිට දික් කිරීම ක්‍රිකට් රෙගුලාසිවලින් විස්තර කර දී ඇති අංශක 15 සීමාව ඉක්මවන බව සොයා ගෙන තිබෙනවා.
  • මේ ස්වාධීන තක්සේරු පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුනු 2024 දෙසැම්බර් 10 වැනිදා සිට ෂකිබ්ගේ තහනම බලපැවැත්වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ෂකිබ්ගේ පන්දු යැවීම නීතිවිරෝධී බවට තරග විනිසුරුවන් වාර්තා කර තිබෙන්නේ ඔහු සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් සැප්තැම්බරයේ ක්‍රීඩා කළ ප්‍රාන්ත ශූරතාවලියේ ඔහුගේ එකම තරගයේදී.

වමතින් දඟ පන්දු යවන 37 හැවිරිදි ෂකිබ්ව ප්‍රතිවාදී කණ්ඩායම වන සමසෙට් සමග තීරණාත්මක තරගය වෙනුවෙන් විශේෂයෙන් අත්සන් කර තිබුනේ තරගය පැවති ටෝන්ටන් තණතීරුව දඟ පන්දුවට හිතකර බවට අපේක්ෂා කර තිබූ බැවින්.

 

download 11බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ෂකිබ් අල් හසන් ට එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ (ECB) තරගවල පන්දු යැවීම තහනම් කර තිබෙනවා

සරේ කණ්ඩායම ලකුණු 111ක පරාජයක් ලැබූ තරගයේ ඉනිම දෙකේදී ෂකිබ් කඩුලු 9ක් බිඳ දැමීමට සමත් වූ අතර තරගයෙන් පරාජය වූව ද පසුව තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඔහුගේ කණ්ඩායම සමත් වුනා.

shakib

මේ මස මුල එංගලන්තයේ ලෆ්බරෝ සරසවියේදී ෂකිබ් ස්වාධීන තක්සේරු කිරීමක් සම්පූර්ණ කළ අතර එහිදී, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ වැලමිට දික් කිරීම ක්‍රිකට් රෙගුලාසිවලින් විස්තර කර දී ඇති අංශක 15 සීමාව ඉක්මවන බව සොයා ගෙන තිබෙනවා.


මේ ස්වාධීන තක්සේරු පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුනු 2024 දෙසැම්බර් 10 වැනිදා සිට ෂකිබ්ගේ තහනම බලපැවැත්වෙනවා.

 

68c88b60 b96a 11ef a76e 4d65d4c6203f.jpgෂකිබ් අල් හසන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වල ස්වාධීන නැවත තක්සේරු කිරීමකින් සමත් වනතුරු ඔහුට ECB තරගවල පන්දු යැවීම තහනම්.

2025 ක්‍රීඩා වාරය වෙනුවෙන් එංගලන්ත ප්‍රාන්තයක් සමග කොන්ත්‍රාත් අත්සන් කර නැති ෂකිබ් අල් හසන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වල ස්වාධීන නැවත තක්සේරු කිරීමකින් සමත් වනතුරු ඔහුට ECB තරගවල පන්දු යැවීම තහනම්.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...