The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වෑන් සෝටෝ බේස්බෝල් තරුවට ඉතිහාසයේ ලොකුම ක්‍රීඩා කොන්ත්‍රාත්තුව

T

The Leader Desk

December 16, 2024 • 10:38 AM

වෑන් සෝටෝ බේස්බෝල් තරුවට ඉතිහාසයේ ලොකුම ක්‍රීඩා කොන්ත්‍රාත්තුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැවිරිදි ‌මේ ඩොමිනිකන් ජාතිකයාගේ වසර 15ක ගිවිසුම පසුගිය දෙසැම්බරයේ ෂොහෙයි ඔටානි (Shohei Ohtani) ‘ලොස් ඇන්ජලීස් ඩොජර්ස්’ සමග එකඟ වූ පවුම් මිලියන 548ක කොන්ත්‍රාත්තුව අභිබවා යනවා.
  • සිය ක්‍රීඩා දිවියේ උපරිම දක්ෂතාව වූ home runs 41ක් වාර්තා කළ ‘නිව්යෝක් යැන්කීස්’ නාගරික ප්‍රතිවාදී කණ්ඩායම සමග එක් ක්‍රීඩා වාරයක් ගත කිරීමෙන් පසුව සෝටෝ මෙට්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.
  • මෙට්ස් කණ්ඩායමට මේ ගිවිසුම සැලකිය යුතු අනපේක්ෂිත සාර්ථක මෙහෙයුමක් වන්නේ ඔවුන් සෝටෝව ලබා ගැනීමේ නිව්යෝක් යැන්කීස්ගේ වසර 16කට පවුම් මිලියන 595ක යෝජනාවට වඩා වැඩි මිලට කළ ඉල්ලීම සාර්ථක කර ගත් බැවින්.
  • තවමත් තරුණ වියේ සිටිය ද, සෝටෝ 2019 වසරේදී වොෂිංටන් නැෂනල්ස් කණ්ඩායම සමග ලෝක තරගමාලාව ජයග්‍රහණය කිරීමෙන් පසුව බේස්බෝල් තරග බිමේ සුපිරි ප්‍රහාරකයෙක් ලෙස ස්ථාපිත වී සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

26 හැවිරිදි ‌මේ ඩොමිනිකන් ජාතිකයාගේ වසර 15ක ගිවිසුම පසුගිය දෙසැම්බරයේ ෂොහෙයි ඔටානි (Shohei Ohtani) ‘ලොස් ඇන්ජලීස් ඩොජර්ස්’ සමග එකඟ වූ පවුම් මිලියන 548ක කොන්ත්‍රාත්තුව අභිබවා යනවා.

සිය ක්‍රීඩා දිවියේ උපරිම දක්ෂතාව වූ home runs 41ක් වාර්තා කළ ‘නිව්යෝක් යැන්කීස්’ නාගරික ප්‍රතිවාදී කණ්ඩායම සමග එක් ක්‍රීඩා වාරයක් ගත කිරීමෙන් පසුව සෝටෝ මෙට්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.
 
b4641fe0 b6f8 11ef a70a 05fc3b931447.jpgක්‍රීඩා දිවියේ උපරිම දක්ෂතාව වූ home runs 41ක් වාර්තා කළ ‘නිව්යෝක් යැන්කීස්’ නාගරික ප්‍රතිවාදී කණ්ඩායම සමග එක් ක්‍රීඩා වාරයක් ගත කිරීමෙන් පසුව සෝටෝ මෙට්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

මෙට්ස් කණ්ඩායමට මේ ගිවිසුම සැලකිය යුතු අනපේක්ෂිත සාර්ථක මෙහෙයුමක් වන්නේ ඔවුන් සෝටෝව ලබා ගැනීමේ නිව්යෝක් යැන්කීස්ගේ වසර 16කට පවුම් මිලියන 595ක යෝජනාවට වඩා වැඩි මිලට කළ ඉල්ලීම සාර්ථක කර ගත් බැවින්.

තවමත් තරුණ වියේ සිටිය ද, සෝටෝ 2019 වසරේදී වොෂිංටන් නැෂනල්ස් කණ්ඩායම සමග ලෝක තරගමාලාව ජයග්‍රහණය කිරීමෙන් පසුව බේස්බෝල් තරග බිමේ සුපිරි ප්‍රහාරකයෙක් ලෙස ස්ථාපිත වී සිටිනවා.

ඩොජර්ස් කණ්ඩායම සමග ඔටානිගේ කොන්ත්‍රාත්තුව මෙන් නොව සෝටෝගේ මේ ඉතිහාසගත ගනුදෙනුවට පසුව කරන ගෙවීම් රහිත පවුම් මිලියන 58.7ක අත්සන් කිරීමේ බෝනස් මුදලක් ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
 
juan soto agrees record 765m deal with new york mets espn v0 N HCr5ZH4KK6cgpTtmJvi32h5qcf1NoGN NjSJ1URGkබේස්බෝල් තරග බිමේ සුපිරි ප්‍රහාරකයෙක් ලෙස ස්ථාපිත වී සිටිනවා.

මේ එකඟත්වයට අනුව සෝටෝ ට වසර පහකට පසුව ඉන් ඉවත්වීමේ විකල්පයක් ද ලබා දී තිබෙන අතර ඔහු එම කාලසීමාවට වඩා ඉදිරියට යන්නේ නම් එහි සම්පූර්ණ වටිනාකම පවුම් මිලියන 630කට ළඟාවීමේ හැකියාව තිබෙනවා.

සෝටෝ ඔහුගේ පළමු පස් වසර තුළ පවුම් මිලියන 40ක් වාර්ෂිකව උපයනු ඇති අතර ඉතිරි දශකයේත් එම ක්‍රීඩා සමාජය සමග ඔහු සිටිනවා නම් ඒ මුදල වසරකට පවුම් මිලියන 43 බැගින් වැඩිවනවා.


ප්‍රධාන බේස්බෝල් ලීගයේ තරග 162කින් යුත් සම්මත ක්‍රීඩා වාරයට අනුව, සම්පූර්ණ පහළොස් වසරක කාලසීමාව තුළ සෝටෝ උපයන පවුම් මිලියන 630 මුදල් ප්‍රමාණය තරගයකට පවුම් 259,000ක් බැගින් වනවා.

මෑත ක්‍රීඩා වාරයන් හි බේස්බෝල් තරගයකට සාමාන්‍යයෙන් ගතවන කාලය පැය 2යි මිනිත්තු 36ක් වන අතර මෙය මිනිත්තුවක ක්‍රීඩා කිරීමක් වෙනුවෙන් සාමාන්‍යයෙන් පවුම් 1,643කට සමාන වනවා.

juan sotoමෑත ක්‍රීඩා වාරයන් හි බේස්බෝල් තරගයකට සාමාන්‍යයෙන් ගතවන කාලය පැය 2යි මිනිත්තු 36ක්
මේ ගණනය කිරීමෙන් අවධාරණය කෙරෙන්නේ වෘත්තීය ක්‍රීඩාවේ සෝටෝගේ කොන්ත්‍රාත්තුවට තිබෙන පෙර නොවූ විරූ උසස් තත්ත්වය.

මේ මුදල් ප්‍රමාණයන් පාදක වී තිබෙන්නේ සෝටෝ පස් වසරකට පසුව ඉවත් වීමේ විකල්පය ක්‍රියාත්මක නොකර සම්පූර්ණ වසර 15 පුරාම තරග කරනු ඇතැයි යන උපකල්පනය මත.

ගෝලීය ක්‍රීඩා කොන්ත්‍රාත්වලට අනුව එහි ගෞරවනීය ලැයිස්තුවේ මුදුනට සෝටෝගේ ගිවිසුම පිවිස තිබෙනවා. 2017-2021 වකවානුවේදී බාසිලෝනා ක්‍රීඩා සමාජය සමග ලයනල් මෙසීගේ තිබූ අවසාන කොන්ත්‍රාත්තුව පවුම් මිලියන 527ක් දක්වා පැමිණි අතර ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ වර්තමාන අල්-නසර් කණ්ඩායම සමග ගනුදෙනුවේ වටිනාකම තෙවසරක කාලයක් සඳහා පවුම් මිලියන 420ක්.

ගොල්‌ෆ් ක්‍රීඩාවේ වැඩිම වටිනාකමකින් යුත් ගිවිසුම වන්නේ 2029 වසර දක්වා දිවෙන Jon Rahmගේ පවුම් මිලියන 411.1ක LIV කොන්ත්‍රාත්තුව.
 
playersLionel Messi, Cristiano Ronaldo & Jon Rahm

NFL නමැති වෘත්තීය අමෙරිකානු පාපන්දු ලීගයේ ක්‍රීඩක Patrick Mahomes ‘කැන්සාස් චීෆ්ස්’ කණ්ඩායම සමග පවුම් මිලියන 393.9ක එකඟත්වයක් දශකයක් පුරා පවත්වා ගෙන යමින් සිටිනවා.

‘ඒන්ජල්ස්’ කණ්ඩායම සමග Mike Trout ඇතිකර ගෙන තිබෙන පවුම් මිලියන 334 ගිවිසුම හා ‘ඩොජර්ස්’ සමග Mookie Bettsගේ පවුම් මිලියන 285.8 කොන්ත්‍රාත්තුව සමග බේස්බෝල් ක්‍රීඩාව වැඩිම මුදල් උපයන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඉස්මතුව පෙනෙනවා.

මේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින ක්‍රීඩකයන් අතර දක්නට ලැබෙන එක ම බොක්සිං ක්‍රීඩකයා වන්නේ DAZN බ්‍රිතාන්‍ය ක්‍රීඩා වේදිකාව සමග පවුම් මිලියන 281.9ක් වටිනා පස් වසරක කොන්ත්‍රාත්තුවක් අත්සන් කර සිටින Canelo Alvarez.
 
players 2Patrick Mahomes & Canelo Alvarez.

සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...