The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මිනීමරු පිස්ටෝරියස්ගෙන් ප්‍රවේශම් වන්න! - මරා දැමුනු පෙම්වතියගේ මව අලුත් පෙම්වතියට අනතුරු අඟවයි

T

The Leader Desk

December 19, 2024 • 2:17 PM

මිනීමරු පිස්ටෝරියස්ගෙන් ප්‍රවේශම් වන්න! - මරා දැමුනු පෙම්වතියගේ මව අලුත් පෙම්වතියට අනතුරු අඟවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් තවත් පෙම්වතියක් සොයාගෙන තිබෙනවා.
  • එහෙත් ඔහුට තවමත් කෝප වීමේ ගැටලුව තිබෙන බැවින් ඔහුගෙන් පරෙස්සම් වන ලෙසට මරා දැමුනු පෙම්වතියගේ මව අලුත් පෙම්වතියට අනතුරු අඟවා තිබෙනවා.
  • Blade Runner Killer නමුත් දැන් නිදහස ලබා සිටින පිස්ටොරියස් ඔහු විසින් මරා දමනු ලැබූ පෙම්වතියට සමාන පෙනුමක් තිබෙන සුදු හමක් හා ළා පැහැ කෙස් ඇත්තියක වන 33 හැවිරිදි රීටා ග්‍රේලිං (Rita Greyling) සමග හාද වී සිටින බවට වාර්තා වනවා.
  • මේ පුවත සැලවීමත් සමග රීවගේ මව වන 78 හැවිරිදි ජූන් (June), අපකීර්තියට පත් පිස්ටොරියස්ගේ අලුත් ආදරවන්තියට අනතුරු අඟවා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් තවත් පෙම්වතියක් සොයාගෙන තිබෙනවා. එහෙත් ඔහුට තවමත් කෝප වීමේ ගැටලුව තිබෙන බැවින් ඔහුගෙන් පරෙස්සම් වන ලෙසට මරා දැමුනු පෙම්වතියගේ මව අලුත් පෙම්වතියට අනතුරු අඟවා තිබෙනවා.

‘බ්ලේඩ් රනර් මිනීමරුවා’ – Blade Runner Killer - ලෙසින් ප්‍රචලිත දෙපා අහිමි, යකඩ පතුරුවලින් දුවන 38 හැවිරිදි ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩක පිස්ටෝරියස් 2013 වසරේ ආදරවන්තයින්ගේ දිනයේ ඔහුගේ දකුණු අප්‍රිකානු නිවසේදී ඔහුගේ පෙම්වතිය වූ සුරූපී රීව ස්ටීන්කෑම්ෆ් (Reeva Steenkamp) වෙඩි තබා මරා දැමීම හේතුවෙන් වසර නවයක් බන්ධනාගාරගත කෙරුනා.

sdrte345Blade Runner Killer

නමුත් දැන් නිදහස ලබා සිටින පිස්ටොරියස් ඔහු විසින් මරා දමනු ලැබූ පෙම්වතියට සමාන පෙනුමක් තිබෙන සුදු හමක් හා ළා පැහැ කෙස් ඇත්තියක වන 33 හැවිරිදි රීටා ග්‍රේලිං (Rita Greyling) සමග හාද වී සිටින බවට වාර්තා වනවා. ඇය ව්‍යාපාර කළමනාකරණ උපදේශිකාවක්.

මේ පුවත සැලවීමත් සමග රීවගේ මව වන 78 හැවිරිදි ජූන් (June), අපකීර්තියට පත් පිස්ටොරියස්ගේ අලුත් ආදරවන්තියට අනතුරු අඟවා තිබෙනවා.

“ඔහු ගැන රතු එළියක් ඇය නොදකින්නේ කෙසේද කියා මට තේරෙන්නේ නැහැ. මොකද, ඔහුට තිබෙන කෝප වීමේ ගැටලුව ඔහු තවමත් නැතිකර ගෙන නැති නිසා” යනුවෙන් ජූන් අවවාද කරනවා.

“ඔහු සිරගෙයි සිටියදී කෝපය පාලනය කිරීමකට යටත්ව සිටිය යුතුව තිබුනා. එක් අදියරකදී මම ඔහු සිරගෙයින් පිටතට පැමිණීම නැවැත්තුවේ ඔහු ඔහුගේ කෝපය පාලනය කිරීමේ ප්‍රතිකාර නොගැනීමෙන් මට ඇතිවූ කේන්තිය නිසා.”

drte4534Oscar Pistorius | Rita Greyling
“ඔහු කෝප වී සිටියා. ඔහුට තවමත් කෝප වීමේ ගැටලුවක් තියෙනවා.”

“ඔහු තවමත් කාන්තාවන්ට අනතුරක්. රීව ඔහුව දැන සිටියේ මාස තුනක් පමණයි. ඇය දැන් මැරිලා. ඒ මරණය ගැන ඔහු කවදාවත් පාපොච්චාරණය කළේ නැහැ.”

පිස්ටෝරියස් තවමත් කාන්තාවන්ට තර්ජනයක්ව සිටින බැවින් මේ මිනීමරුවා නිදහස් කිරීම වළක්වන ලෙසට තමන් දෙවතාවක්ම සිරකරුවන්ට තාවකාලික නිදහස ලබා දෙන නිලධාරීන්ට ඒත්තු ගැන්වූ බව දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබත් නගරයේ වෙසෙන ජූන් හා ඇගේ සැමියා වන බැරී (Barry) පවසනවා.

ළමා වියේදී පාද දෙක ම කපා ඉවත් කිරීමෙන් පසුව කෘතිම තහඩු තලවලින් දුවමින් මලල ක්‍රීඩා ලෝකය විස්මයට පත්කළ ඔස්ක පිස්ටෝරියස් විසින් පෙම්වතිය රීව මරා දමනු ලැබුවේ ඇය ඔහුගේ නිවසේ නාන කාමරයේ සිටියදී.

නිවෙසට සොරෙක් කඩා පැන ඇතැයි සිතමින් තමා උදෙන්ම අවදි වූයේ රීව නාන කාමරයේ සිටින බව නොදැන යැයි හිටපු ජවන සුපිරි තරුව කියා තිබුනා.

ඔහු දොර පසාරු කරගෙන යන පරිදි මාරක වෙඩි කිහිපයක් තැබුවේ මෝස්තර නිරූපිකාවක මෙන්ම පුහුණු නීතිඥවරියක ද වූ රීව එතැනම මරා දමමින්.

නමුත් රීවගේ පවුලේ අය දිගින් දිගටම කියා තිබෙන්නේ ඔහු හිතාමතාම ඇය ඝාතන කළ බව. 2013 වසරේ ‘වැලන්ටයින් දිනයේ’ උදෑසන රූමත් රීව නාන කාමරයට පලා ගිය පසුව හදිසි දැඩි කෝපයෙන් යුතුව පිස්ටෝරියස් ඇය මරා දැමූ බව පවුලේ උදවිය නිතරම පවසනවා.

උසාවිය පිස්ටෝරියස් ට ලබා දුන් සාපරාධී මනුෂ්‍ය ඝාතනයේ දඬුවම පසුව මිනීමැරුමක් ලෙස ඉහළට දැමුවා.

අපකීර්තිමත් මේ මලල ක්‍රීඩකයාට අවසානයේ තාවකාලිකව සිරෙන් නිදහස් වීමක් ජනවාරි මාසයේ ලැබුනේ තමා රීව මැරුවේ වැරදීමකින් බවට ඔහු ඒ වනවිටත් අවධාරණය කරමින් සිටියදී.

කාන්තාවන්ට හා ළමයින්ට හිරිහැර කිරීමට එරෙහිව ‘රීව ස්ටීන්කෑම්ෆ්’ පදනම ආරම්භ කළ රීවගේ මව වන ජූන් වැඩිදුරටත් මෙසේ සඳහන් කරනවා.

“ඔහු මේ තරුණ කාන්තාව සමග ඇසුරු කිරීම මට වේදනාවක් නෙවෙයි. මම එයා ගැන කනස්සල්ලට පත්ව සිටිනවා පමණයි.”

“අපේ පදනම කටයුතු කරන්නේ කාන්තාවන්ට හා ළමයින්ට කෙරෙන හිරිහැර පිළිබඳවයි. මෙය අද අපේ රටේ පාලනයෙන් එහාට ගිහිං තියෙනවා.”

පිස්ටෝරියස් දැන් කල් ගෙවන්නේ ඔහුගේ කෝටිපති මාමා සමග ප්‍රිටෝරියා අගනගරයේ තිබෙන මාමා ට අයත් රැකවල් යෙදූ මන්දිරයක වන අතර ඔහු පවුලේ මිතුරියක වන ආකර්ෂණීය පෙනුමක් ඇති රීටා සමග ආදර සම්බන්ධයක් ඇතිකර ගෙන තිබෙන බවට වාර්තා වනවා.

රීටාගේ සොහොයුරා 2022 වසරේදී ව්‍යසනමය සිදුවීමකට සම්බන්ධ වීම හේතුවෙන් අලුත් ආදරවන්තියගේ පවුල ද පුවත් සිරස්තල මවා තිබෙනවා.

29 හැවිරිදි විලම් කෲග සාදයක් අතරතුර මිය ගිය අතර ඔහු‌ගේ මරණය හදිසි අනතුරක සිට මිනීමැරුම් පරීක්ෂණයක් දක්වා උසස් කෙරුනු බව පොලිසිය 2023 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශ කළා.

පවුල් දෙක ම වෙලාගෙන තිබෙන ඛේදවාචකයන් විසින් මේ යුවල එක්කර ඇතැයි මිතුරන් පවසනවා.

මතුවී නොපෙනෙන අයුරින් සිය ජීවිතය නැවත ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින පිස්ටෝරියස් අවන්හල් සහ බොජුන්හල් හා සාමාන්‍ය ජනතාව මඟහැර සිටින බව වාර්තා වනවා.

dfty444rf
“ඔහු නැවත සමාජයට අවතීර්ණ වීමට සෙමෙන් සෙමෙන් උත්සාහ කරමින් සිටිනවා. නමුත් එය සිදුවන්නේ දශක ගණනාවක් තිස්සේ ඔහුගේ පවුලේ අය කිට්ටුවෙන් ආශ්‍රය කළ පවුල් හරහා” යනුවෙන් පිස්ටෝරියස් ට සමීප ආරංචි මාර්ග පවසනවා.

කෝටිපතියකු වන ආනල්ඩ් මාමාගේ ආරක්ෂිත මන්දිරය පිහිටි භූමියේ කුඩා ගෙයක ජීවත් වන පිස්ටෝරියස් අසල තිබෙන ලන්දේසි ප්‍රතිසංස්කරණ දේවස්ථානයක කටයුතුවලට ස්වේඡාවෙන් සහභාගි වෙමින් සිටිනවා.

2029 වසර දක්වා තාවකාලික සිරෙන් නිදහසක් ලබා සිටින ඔහු දිනයේ ඔ්නෑම වේලාවක අපරාධ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය සඳහා ඔහුගේ නිවස පරීක්ෂා කිරීමකට යටත්ව සිටිනවා.

දේශීය පොලිසියට නොදන්වා ඔහු සිටින වටපිටාවෙන් පිටතට යාමට පිස්ටෝරියස් ට අවසරයක් නැති අතර තුවක්කුවක් ළඟ තබා ගැනීම මෙන්ම රීවගේ මව හෝ සොයුරිය සමග කිසිම හමුවීමක් ද ඔහුට තහනම්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මිනීමරු පිස්ටෝරියස්ගෙන් ප්‍රවේශම් වන්න! - මරා දැමුනු පෙම්වතියගේ මව අලුත් පෙම්වතියට අනතුරු අඟවයි | The Leader