The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බොක්සිං තරග විනිශ්චයට ප්‍රථම වතාවට රොබෝ විනිසුරුවෙක්

T

The Leader Desk

December 19, 2024 • 3:58 PM

බොක්සිං තරග විනිශ්චයට ප්‍රථම වතාවට රොබෝ විනිසුරුවෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෘතිම බුද්ධියේ මේ නවතම අත්හදා බැලීම සිදු කෙරෙන්නේ ඔලෙක්සැන්ඩ ඌසික් (Oleksandr Usyk) සහ ටයිසන් ‌ෆියුරී (Tyson Fury) අතර මෙම සෙනසුරාදා (21) සෞදි අරාබියේදී යළි පැවැත්වෙන තරගයේ.
  • තරගයේ සිවුවැනි තරග විනිසුරුවරයා ලෙස ලකුණු ලබා දෙන්නේ කෘතිම බුද්ධිමය විනිසුරුවෙකු බවට නිවේදනය කර තිබෙනවා.
  • එහිදී යුක්රේන ජාතික ඌසික් තරග විනිසුරුවන්ගේ බෙදුනු මත තීන්දුවක් මගින් ලෝකයේ අවිවාදිත හෙවිවේට් ශූරයා බවට පත්වුනා.
  • රියාද් නුවරදී දෙසැම්බර් 21 වැනිදා දෙදෙනා නැවත ගැටෙන සටනට පෙර සෞදි බොක්සිං සංවිධායක ටුර්කි අලාල්ෂික් (Turki Alalshikh) බොක්සිං ලෝකයට අලුත් ප්‍රවෘත්තියක් ගෙන එමින්, මේ තරගයේ ලකුණු ලබා දීම පිණිස අමතර විනිසුරුවෙක් පත් කිරීමේ සැලැස්ම නිවේදනය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කෘතිම බුද්ධියේ මේ නවතම අත්හදා බැලීම සිදු කෙරෙන්නේ ඔලෙක්සැන්ඩ ඌසික් (Oleksandr Usyk) සහ ටයිසන් ‌ෆියුරී (Tyson Fury) අතර මෙම සෙනසුරාදා (21) සෞදි අරාබියේදී යළි පැවැත්වෙන තරගයේ.

st44df
තරගයේ සිවුවැනි තරග විනිසුරුවරයා ලෙස ලකුණු ලබා දෙන්නේ කෘතිම බුද්ධිමය විනිසුරුවෙකු බවට නිවේදනය කර තිබෙනවා.

ඌසික් හා ෆියුරි යන හෙවිවේට් බොක්සිං ශූරයන් දෙදෙනා මේ වසරේ මැයි මාසයේ සෞදි අරාබියේදී තරග වැදුනේ බොක්සිං ඉතිහාසයේ ලොකුම ගැටුමක් සටහන් කරමින්. එහිදී යුක්රේන ජාතික ඌසික් තරග විනිසුරුවන්ගේ බෙදුනු මත තීන්දුවක් මගින් ලෝකයේ අවිවාදිත හෙවිවේට් ශූරයා බවට පත්වුනා.

රියාද් නුවරදී දෙසැම්බර් 21 වැනිදා දෙදෙනා නැවත ගැටෙන සටනට පෙර සෞදි බොක්සිං සංවිධායක ටුර්කි අලාල්ෂික් (Turki Alalshikh) බොක්සිං ලෝකයට අලුත් ප්‍රවෘත්තියක් ගෙන එමින්, මේ තරගයේ ලකුණු ලබා දීම පිණිස අමතර විනිසුරුවෙක් පත් කිරීමේ සැලැස්ම නිවේදනය කළා.

කෘතිම බුද්ධියෙන් සන්නද්ධ මේ විනිසුරුවරයා පරීක්ෂණයක කොටසක් වශයෙන් තරගයට ලකුණු ලබා දෙනු ඇතත් එම තීරණය නිල ප්‍රතිඵලයට බල නොපානු ඇතැයි අලාල්ෂික් පවසනවා.

“එදා මෙදා තුර ප්‍රථම වතාවට කෘතිම බුද්ධියෙන් සන්නද්ධ වූ විනිසුරුවෙක් තරගය අධීක්ෂණය කරනවා” යනුවෙන් ඔහු කියනවා. “‌බොක්සිං වළල්ලේ සිදුවන පක්ෂපාතිත්වය හා මිනිස් වැරදිවලින් තොර මේ ‌විනිසුරුවරයා බොක්සිං තරග බිමට ගෙන එන්නේ බොක්සිං ක්‍රීඩාවේ බයිබලය වන The Ring සඟරාව.”

“නිල ප්‍රතිඵලවලට බලපාන්නේ නැති මේ ‌ෙඑතිහාසික පරීක්ෂණය ප්‍රථම වතාවට සිදු කෙරෙන්නේ ඌසික් හා ෆියුරී අතර දෙසැම්බර් 21 වැනිදා පැවැත්වෙන ශතකයේ ලොකුම සටනේ.”

කෘතිම බුද්ධි තරග විනිසුරුවරයා ප්‍රවර්ධනය කරමින් අලාල්ෂික් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ බෙදා හැර තිබෙන අතර එහි මෙසේ සඳහන් වනවා.

“වසර ගණනාවක් තිස්සේ බොක්සිං තරග නිර්වචනය කෙරුනේ එහි තේජසෙන් වූවත් සමහර අවස්ථාවලදී ඒ ප්‍රභාව සැකය හා මතභේදවලින් වසා ගන්නවා. බොක්සිං වළල්ලට යුක්තිය ගෙන ඒමට කාලය ඇවිත් තියෙනවා නේද?”

එම ප්‍රවර්ධනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වනවා: “මෙය නිකම් ම නිකම් කෘතිම බුද්ධි තාක්ෂණය පමණක් නෙවෙයි. එය බොක්සිං ක්‍රීඩාවේ විප්ලවීය වෙනසක් කරනවා. තාක්ෂණය හා මානව කෘතහස්ත භාවය විසින් ක්‍රීඩාවේ සාධාරණය බලගන්වනවා. ඒ විප්ලවය දිග ඇරෙන හැටි දෙසැම්බර් 21 වැනිදාට බලන්න!”

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බොක්සිං තරග විනිශ්චයට ප්‍රථම වතාවට රොබෝ විනිසුරුවෙක් | The Leader