The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කාන්තා පාපන්දුවේ වසරේ හොඳම ගෝලයේ මංගල ‘මර්තා සම්මානය’ මර්තා ට ම

T

The Leader Desk

December 20, 2024 • 3:26 PM

කාන්තා පාපන්දුවේ වසරේ හොඳම ගෝලයේ මංගල ‘මර්තා සම්මානය’ මර්තා ට ම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිරිනැමෙන සම්මානය වාර්තාගත හය වතාවක් දිනා ගෙන තිබෙනවා.
  • “ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකුට එරෙහිව ක්‍රීඩා කරමින් අපි අගේ ඇති ගෝල් ලබා ගත්තා” යනුවෙන් මර්තා කියනවා.
  • නමුත් මගේ නම සඳහන් සම්මානයක් ලබා ගැනීමට හැකිවීම ගැන මට තවත් සතුටුයි.
  • මට ලැබුනු විශිෂ්ටතම ගෞරවය මෙය බවට කිසිම සැකයක් නැහැ.” මර්තා ඇගේ රට වන බ්‍රසීලය වෙනුවෙන් තරග 185කට ක්‍රීඩා කරමින් ගෝල් 119ක් වාර්තා කර තිබෙන අතර ලෝක කුසලාන හයක් සහ ඔලිම්පික් උළෙල හයක් ඇයගේ ක්‍රීඩා දිවියට ඇතුළත්.
අකුරු ප්‍රමාණය (Font Size):

පිරිනැමෙන සම්මානය වාර්තාගත හය වතාවක් දිනා ගෙන තිබෙනවා.

ජගත් පාපන්දු සම්මේලනය (FIFA) විසින් මේ සුවිශේෂී ක්‍රීඩිකාවගේ නමින් ප්‍රථම වතාවට මේ වසරේ සිට කාන්තා පාපන්දුවේ හොඳම ගෝලය වෙනුවෙන් ආරම්භ කරන ලද ‘මර්තා සම්මානය’ මර්තා විසින් ම හිමිකර ගැනීම විශේෂ සිදුවීමක්.

38 හැවිරිදි මර්තා ට ඩෝහා අගනුවර පැවති FIFA වසරේ හොඳම පාපන්දු සම්මාන ප්‍රදාන උළෙලේදී ‘මර්තා සම්මානය’ පිරිනමනු ලැබුවේ ජූනි මාසයේ ජැමෙයිකාව ට එරෙහිව පැවති ජාත්‍යන්තර මිත්‍ර තරගයකදී ඇය බ්‍රසීලය වෙනුවෙන් ලබා ගත් ගෝලය අගැයීමට ලක් කරමින්.

මේ වසරට පෙර FIFA Puskas සම්මානය සමස්ත පාපන්දු තරග බිම ආවරණය කළ ද එය පිරිනැමීමට තීරණය කර තිබුනේ පිරිමි තරගවල හොඳම ගෝලය ට. කාන්තා තරගවල හොඳම ගෝලය වෙනුවෙන් මර්තා සම්මානය අලුතින් නිර්මාණය කළේ මේ වසරේ.

xfte4544rf

“ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකුට එරෙහිව ක්‍රීඩා කරමින් අපි අගේ ඇති ගෝල් ලබා ගත්තා” යනුවෙන් මර්තා කියනවා. “එය චමත්කාරජනක ක්‍රීඩා වාරයක් ද වුනා. නමුත් මගේ නම සඳහන් සම්මානයක් ලබා ගැනීමට හැකිවීම ගැන මට තවත් සතුටුයි. මට ලැබුනු විශිෂ්ටතම ගෞරවය මෙය බවට කිසිම සැකයක් නැහැ.”

මර්තා ඇගේ රට වන බ්‍රසීලය වෙනුවෙන් තරග 185කට ක්‍රීඩා කරමින් ගෝල් 119ක් වාර්තා කර තිබෙන අතර ලෝක කුසලාන හයක් සහ ඔලිම්පික් උළෙල හයක් ඇයගේ ක්‍රීඩා දිවියට ඇතුළත්. 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසාන තරගයේදී බ්‍රසීලය අමෙරිකාව ට පරාජය වීමෙන් පසුව මර්තා ජාත්‍යන්තර පාපන්දුවෙන් සමුගත්තා.

මර්තා ඇගේ ක්‍රීඩා දිවියේ පළමු ජාතික කාන්තා පාපන්දු ලීග් (NWSL) ශූරතාව පසුගිය මාසයේ දිනා ගත්තේ ‘ඔ්ලන්ඩෝ ප්‍රයිඩ්’ (Orlando Pride) කණ්ඩායම අවසාන තරගයේදී ‘වොෂිංටන් ස්පිරිට්’ (Washington Spirit) පිල ගෝල් 1-0කින් පැරදවූ අවස්ථාවේ. මේ තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී මර්තා තවත් විස්මයජනක ගෝලයක් ලබා ගත් අතර එය ද වසරේ හොඳම ගෝලය වීමට සුදුසු තත්ත්වයේ තිබුනා.

martha
වසරේ හොඳම ගෝලයේ සම්මානය තමන් ට ම ලබා ගැනීමේ හැකියාවක් තිබෙන බවට ඔබ සිතනවා ද? යනුවෙන් අවසන් තරගයට පෙර දිනයේ මර්තාගෙන් අසනු ලැබුවා.

“ඒක තීරණය කරන්න ඕන ඔයාලයි. මොකද, අවුරුද්දේ හොඳම ගෝලයට ඡන්දය දෙන්නේ කවුද? ඔබයි. ඡන්දෙ දෙන්නේ මහජනතාව. ඒ නිසා එය මර්තා සම්මානය මර්තා ට ම ලැබෙනවා වගේ ඇත්තටම සිත් බඳනා එකක් විය යුතුයි !” යනුවෙන් ඇය සිනාසෙමින් කියා සිටියා.

මර්තා සම්මානයට ඡන්ද ලබා දුන්නේ ක්‍රීඩා ලෝලීන් සහ FIFA පුරාවෘත්ත ක්‍රීඩක මඬුල්ලක්.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාන්තා පාපන්දුවේ වසරේ හොඳම ගෝලයේ මංගල ‘මර්තා සම්මානය’ මර්තා ට ම | The Leader