The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

යුක්රේනයේ ඔලෙක්සැන්ඩ ඌසික් ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව රැකගනී

T

The Leader Desk

December 22, 2024 • 11:36 AM

යුක්රේනයේ ඔලෙක්සැන්ඩ ඌසික් ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව රැකගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැයි මාසයේ පැවති පළමු තරගය ලකුණුවලින් පැරදුනු ෆියුරීගේ ඉලක්කය වී තිබුනේ ඌසික්ගෙන් පළිගැනීම.
  • විනිසුරුවන්ගේ ඒකමතික තීරණයකින් පරාජය වූව ද තමා වට තුනකින් සටන ජය ගත් බවට ෆියුරී තවමත් දැඩි තීරණයක එල්බ සිටිනවා.
  • පසුබැසීමට දෙදෙනා ම අකමැති වූ තියුණු තරගය වඩාත් ශක්තිමත් ලෙස අවසන් කළේ ඌසික්.
  • තරග විනිසුරුවන්ගේ බෙදුනු තීරණයකට අනුව එක ලකුණකින් අවිවාදිත ශූරයා බවට මැයි මාසයේදී පත්වූ ඌසික්ගේ මෙවර ජයග්‍රහණය වඩාත් පැහැදිලි වූයේ විනිසුරුවන් තිදෙනා ම ඔහුට පක්ෂව 116-112 වශයෙන් ලකුණු ලබා දුන් බැවින්.
අකුරු ප්‍රමාණය (Font Size):

මැයි මාසයේ පැවති පළමු තරගය ලකුණුවලින් පැරදුනු ෆියුරීගේ ඉලක්කය වී තිබුනේ ඌසික්ගෙන් පළිගැනීම. නමුත් දෙවැනි වතාවේදී ද බ්‍රිතාන්‍යයේ ෆියුරී පරාජයට පත්වූ අතර යුක්රේන ජාතික ඌසික් ඔහුගේ ලෝක කිරුළු සහ අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත් වුනා.

විනිසුරුවන්ගේ ඒකමතික තීරණයකින් පරාජය වූව ද තමා වට තුනකින් සටන ජය ගත් බවට ෆියුරී තවමත් දැඩි තීරණයක එල්බ සිටිනවා. පසුබැසීමට දෙදෙනා ම අකමැති වූ තියුණු තරගය වඩාත් ශක්තිමත් ලෙස අවසන් කළේ ඌසික්. මීට මාස හතකට පෙර අත්කර ගත් ජයග්‍රහණය ඔහු නැවත වතාවක් ලබා ගත්තා.

 

තරග විනිසුරුවන්ගේ බෙදුනු තීරණයකට අනුව එක ලකුණකින් අවිවාදිත ශූරයා බවට මැයි මාසයේදී පත්වූ ඌසික්ගේ මෙවර ජයග්‍රහණය වඩාත් පැහැදිලි වූයේ විනිසුරුවන් තිදෙනා ම ඔහුට පක්ෂව 116-112 වශයෙන් ලකුණු ලබා දුන් බැවින්.

තමාගේ උත්සාහයන්ට විනිසුරුවන්ගෙන් ඉතාම සුළු පිලිගැනීමක් පමණක් ලැබීම නිසා පැහැදිලිවම කලකිරීමට පත්ව සිටි ෆියුරි තරගයේ ප්‍රතිඵලය නිවේදනය කෙරුනු වහාම බොක්සිං වළල්ලෙන් පිටව ගියා.

සංඛ්‍යානමය විස්තරවලට අනුව ෆියුරී මේ තරගයේදී වැඩි මුෂ්ටි ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඔහු පහර 509ක් එල්ල කර ඇති අතර ඌසික්ගෙන් වාර්තා වී තිබෙන්නේ පහර 423ක් පමණයි. එහෙත් තරගයේ වට දොළහේදී ඌසික්ගේ මුෂ්ටි ප්‍රහාර 179ක් ඉලක්කයට ගොස් තිබෙන අතර ෆියුරිගේ සාර්ථක පහර සංඛ්‍යාව 144ක් පමණයි. සමස්තයක් වශයෙන් ඌසික් එල්ල කළ පහරවලින් සියයට 42ක් ප්‍රතිවාදියාට වැදී තිබුනු අතර එහිදී ෆියුරීගේ හැකියාව සියයට 28ක් දක්වා පහළ බැස තිබුනා.

SYK FURY 419

 

තරගයේ අවසන් සීනුව නාදවූ විට ඌසික් බොක්සිං වළල්ලේ දණින් වැටනු අතර ඉතා භක්තිමත් ක්‍රිස්තියානුවෙක් වන ඔහු අහසට හිස ඔසවමින් ස්වර්ගය දෙස බැලුවේ තවත් ජයග්‍රහණයක් හිමිකර ගැනීමට තමා ප්‍රමාණවත් සටනක් දුන් බවට පැහැදිලිවම විශ්වාස කරමින්.

ඔලෙක්සැන්ඩ ඌසික් නිවැරදි බවට තහවුරු වූයේ ඔහු තමාගේ අපරාජිත තරග වාර්තාව, WBA (Super), WBO සහ WBC යන තමන් සතු ලෝක හෙවිවේට් ශූරතා සහ ලෝකයේ සිටින හොඳම හෙවිවේට් බොක්සිං ශූරයා ලෙස තිබෙන ඔහුගේ තත්ත්වය ද රැක ගැනීමට සමත් වූ බැවින්.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...