The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පිරිමින්ට දඬුවමක් ලෙස කාන්තාවන් පමණක් නැරඹූ ඉරානයේ පාපන්දු තරගය

T

The Leader Desk

December 23, 2024 • 9:20 AM

පිරිමින්ට දඬුවමක් ලෙස කාන්තාවන් පමණක් නැරඹූ ඉරානයේ පාපන්දු තරගය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Naqsh-e Jahan ක්‍රීඩාංගණයේදී සෙපාහාන් (Sepahan) හා පෙසෙපලස් (Persepolis) කණ්ඩායම් අතර පැවති වෘත්තීය ලීග් පාපන්දු තරගය ක්‍රීඩා කෙරුනේ විශේෂයෙන් තරුණියන් හා කාන්තාවන්ගෙන් පමණක් සමන්විත නරඹන්නන් පිරිසක් ඉදිරියේ.
  • සත්කාරක කණ්ඩායම වූ සෙපාහාන් ගෝල් 2-1කින් මේ තරගය ජය ගත්තා.
  • ඉරාන පාපන්දු සම්මේලනය මේ කණ්ඩායම් දෙක ට ම දඩ ගසමින් ඔවුන්ගේ ඊළඟ තරග දෙක ක්‍රීඩා කළ යුත්තේ කාන්තා ක්‍රීඩාලෝලීන් ඉදිරියේ පමණක් බවට නියෝග කළා.
  • ඉස්ලාමීය ජනරජයේ පැවැත්වෙන පාපන්දු තරගවලින් නිරන්තරව කාන්තාවන් බැහැර කිරීම හේතුවෙන් ඉරානය ට 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තහනම් කරන ලෙසට කෙරුනු ඉල්ලීම්වලින් පසුව, ඉන්ෆන්ටීනෝ එරට නායකත්වය සමග පෞද්ගලිකව සම්බන්ධවීමේ ප්‍රතිපත්තියක් තෝරා ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):
Naqsh-e Jahan ක්‍රීඩාංගණයේදී සෙපාහාන් (Sepahan) හා පෙසෙපලස් (Persepolis) කණ්ඩායම් අතර පැවති වෘත්තීය ලීග් පාපන්දු තරගය ක්‍රීඩා කෙරුනේ විශේෂයෙන් තරුණියන් හා කාන්තාවන්ගෙන් පමණක් සමන්විත නරඹන්නන් පිරිසක් ඉදිරියේ. සත්කාරක කණ්ඩායම වූ සෙපාහාන් ගෝල් 2-1කින් මේ තරගය ජය ගත්තා.
 
කාන්තාවන් පමණක් තරගය නැරඹීමේ මේ තීරණය ගෙන තිබුනේ මේ කණ්ඩායම් දෙක අතර මීට පෙර මැයි මාසයේ ටෙහෙරානයේ Azadi ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී සෙපාහාන් චියර්ලීඩර්ගේ මෙහෙයවීමෙන් එම කණ්ඩායමේ ක්‍රීඩාලෝලීන් පෙසෙපලස් කණ්ඩායමේ කාන්තා ක්‍රීඩාලෝලීන්ට නින්දිත පාඨ කෑගසමින් පරිභව කිරීම හේතුවෙන්.
 
ඉරාන පාපන්දු සම්මේලනය මේ කණ්ඩායම් දෙක ට ම දඩ ගසමින් ඔවුන්ගේ ඊළඟ තරග දෙක ක්‍රීඩා කළ යුත්තේ කාන්තා ක්‍රීඩාලෝලීන් ඉදිරියේ පමණක් බවට නියෝග කළා.


ඉරානයේ ප්‍රධානතම පාපන්දු තරගයක් නැරඹීමට කාන්තා ක්‍රීඩාලෝලීන් දසදහස් ගණනකට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ඔහුගේ හෘදයාංගම කෘතඥතාව ඉරාන බලධාරීන්ට පළකර තිබෙනවා.

ඉස්ලාමීය ජනරජයේ පැවැත්වෙන පාපන්දු තරගවලින් නිරන්තරව කාන්තාවන් බැහැර කිරීම හේතුවෙන් ඉරානය ට 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තහනම් කරන ලෙසට කෙරුනු ඉල්ලීම්වලින් පසුව, ඉන්ෆන්ටීනෝ එරට නායකත්වය සමග පෞද්ගලිකව සම්බන්ධවීමේ ප්‍රතිපත්තියක් තෝරා ගත්තා.

ජියානි ඉන්ෆන්ටීනෝ: 'ලොව හොඳම ක්‍රීඩකයා තෝරන්නේ FIFA'ජියානි ඉන්ෆන්ටීනෝ

ඉරානයේ දරුණුතම පාපන්දු ප්‍රතිවාදී සමාජ කණ්ඩායම් දෙකක් අතර පැවති අලුත්ම තරගය සඳහා පැමිණීමට කෙල්ලන් හා කාන්තාවන් 45,000කට පමණ අවසර ලබා දීම පිළිබඳව තමා ඉතාමත් සතුටට පත්ව සිටින බව ඉන්ෆන්ටීනෝ පවසනවා.

පාපන්දු තරග නැරඹීම සඳහා තරුණියන් හා කාන්තාවන්ට අවස්ථාව ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ ජගත් පාපන්දු සම්මේලනය ඉරානයේ බලධාරීන් සමග නිරන්තර සාකච්ඡා පවත්වා ඇතැයි ස්විට්සලන්ත ජාතික ඉන්ෆන්ටීනෝ ප්‍රකාශ කරනවා.

 

“පෙසෙපලස් හා එස්ටෙග්ලාල් (Esteghlal) කණ්ඩායම් අතර පසුගිය වසරේ පැවති ටෙහෙරාන් තරගය නැරඹීම සඳහා තරුණියන් හා කාන්තාවන් 3,000ක් පැමිණීමෙන් පසුව, මේ අලුත්ම සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ අපේ ක්‍රීඩාව සියලු දෙනාටම වින්දනයක් ලැබිය හැකි දීප්තිමත් නියෝජනයක් බවට පත්ව තිබෙන ආකරය. අනාගතයේදී මීටත් වඩා කාන්තාවන් හා තරුණියන් නිතරම පාපන්දු තරග නැරඹීමට පැමිණෙනු දැකීමට මම කැමතියි” ඉන්ෆන්ටීනෝ කියනවා.

r0 0 800 600 w800 h600 fmax

 

ලෝක කුසලාන තරගාවලියෙන් ඉරානය ඉවත් කරන ලෙසට ඉල්ලා සිටි කාන්තා අයිතීන් මෙහෙයුම් සංවිධානය, කාන්තා ක්‍රීඩාලෝලීන් විසින් ක්‍රීඩාංගණය ‘එඩිතර විරෝධයේ සංකේතයක්’ බවට හරවා ඇතැයි සඳහන් කර තිබෙනවා.

“ක්‍රීඩාංගණවලට කාන්තාවන්ගේ ඇතුළුවීම ඉතාම සීමා කර තිබුනා. නමුත් අද, පිරිමි ක්‍රීඩාලෝලීන්ට කළ දඬුවමක් වශයෙන් කාන්තාවන්ට පමණක් තරගය නැරඹීමට ඉරාන පාපන්දු සංගමය ඉඩ දුන් අතර සෙපාහාන් ක්‍රීඩාංගණය කාන්තාවන්ගෙන් පිරී තිබුනා. ඉරාන ජාතිකයන්ට ක්‍රීඩාංගණවලට පිවිසීමේ සමාන හා සාමාන්‍ය මාර්ගයට තවදුරටත් සැලකිය යුතු අවධානයක් අවශ්‍යව තිබෙනවා” යනුවෙන් තරගයෙන් පසුව සමාජ මාධ්‍ය පෝස්ටුවකින් එම සංවිධානය සඳහන් කර තිබෙනවා.


(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පිරිමින්ට දඬුවමක් ලෙස කාන්තාවන් පමණක් නැරඹූ ඉරානයේ පාපන්දු තරගය | The Leader