The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලියේ යුද හමුදා ආක්‍රමණයක්

T

The Leader Desk

December 24, 2024 • 1:15 PM

ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලියේ යුද හමුදා ආක්‍රමණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියාවේ පැරණිතම බොක්සිං තරගාවලියක් වන ක්ලිෆඩ් කුසලාන තරගාවලියේ 94 වැනි අදියර මහනුවර සහස් උයනේදී සාර්ථකව අවසන් වූයේ යුද හමුදා‌වේ ආක්‍රමණයකින්.
  • මීට අමතරව ඔවුන් රිදී හා ලෝකඩ පදක්කම් දෙක බැගින් ද දිනා ගත්තේ පදක්කම් 13ක දක්ෂතාවක් සටහන් කරමින්.
  • කිලෝග්‍රෑම් 67 වෙල්ට බර පංතියේදී නාවික හමුදාවේ ඒ.එම්.ටී.එස්.අදිකාරී පරාජය කළ වමතින් දස්කම් දක්වන යුද හමුදාවේ සුරංග ප්‍රනාන්දු හොඳම බොක්සිං ක්‍රීඩකයා ලෙස නම් කෙරුනා.
  • ගුවන් හමුදාව නියෝජනය කරමින් ලයිට් ෆ්ලයි (කිලෝග්‍රෑම් 50) බර පංතියේ තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකා කේ.කේ.අයි.ටී.පෙරේරා ට එරෙහිව පෙරලිකාර ජයක් වාර්තා කළ සචිනි ප්‍රනාන්දු හොඳම බොක්සිං ක්‍රීඩිකාව ලෙස තේරුණා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ආසියාවේ පැරණිතම බොක්සිං තරගාවලියක් වන ක්ලිෆඩ් කුසලාන තරගාවලියේ 94 වැනි අදියර මහනුවර සහස් උයනේදී සාර්ථකව අවසන් වූයේ යුද හමුදා‌වේ ආක්‍රමණයකින්. පිරිමි බොක්සිං වළල්ලේ ශූරයින් වූ යුද හමුදාව කාන්තා අංශයේ අනුශූරියන් වීමට සමත් වුනා.
 
 
ශ්‍රී ලංකා බොක්සිං සංගමය මෙහෙයවූ මේ තරගාවලියේදී යුද හමුදා බොක්සිං ක්‍රීඩකයෝ රන් පදක්කම් නවයක් දිනා ගනිමින් පිරිමි තරගාවලියේ ඔවුන්ගේ අණසක පතුරුවා සිටියා. මීට අමතරව ඔවුන් රිදී හා ලෝකඩ පදක්කම් දෙක බැගින් ද දිනා ගත්තේ පදක්කම් 13ක දක්ෂතාවක් සටහන් කරමින්.
 
කිලෝග්‍රෑම් 67 වෙල්ට බර පංතියේදී නාවික හමුදාවේ ඒ.එම්.ටී.එස්.අදිකාරී පරාජය කළ වමතින් දස්කම් දක්වන යුද හමුදාවේ සුරංග ප්‍රනාන්දු හොඳම බොක්සිං ක්‍රීඩකයා ලෙස නම් කෙරුනා. ගුවන් හමුදාව නියෝජනය කරමින් ලයිට් ෆ්ලයි (කිලෝග්‍රෑම් 50) බර පංතියේ තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකා කේ.කේ.අයි.ටී.පෙරේරා ට එරෙහිව පෙරලිකාර ජයක් වාර්තා කළ සචිනි ප්‍රනාන්දු හොඳම බොක්සිං ක්‍රීඩිකාව ලෙස තේරුණා. ඇය තරග වැදුනේ ස්වාධීනව.
 PHOTO 2024 12 24 17 21 31 2
 
කේ.ඒ.එස්.කේ.අබේගුණවර්ධන ෆ්ලයි බර පංතියේ (කිග්‍රෑ 51) ශූරතාව දිනා ගත්තේ නාවික හමුදාවේ පළපුරුදු ඒ.එම්.ජී.අයි.බණ්ඩාර අභිබවා පෙරලිකාර ජයග්‍රහණයක් අත්කර ගනිමින්.


පී.පී.එස්.සිරිවර්ධන ලයිට් වෙල්ට බර පංතියේ (කිග්‍රෑ 63.5) ශූරතාව හිමිකර ගත් අතර පී.එම්.එල්.එල්.චන්ද්‍රබණ්ඩාර ලයිට් මිඩ්ල් බර පංතියේ (කිග්‍රෑ 71) කිරුළ දිනා ගත්තේ ජාත්‍යන්තර රන් පදක්කම්ලාභී ගුවන් හමුදාවේ චින්තන උදයකුමාර ට එරෙහිව විස්මිත තාක්ෂණික බිම හෙළීමේ ජයග්‍රහණයක් ලබා ගනිමින්.


යුද හමුදාවේ අනෙකුත් ජයග්‍රාහකයන් වූයේ රුක්මාල් ප්‍රසන්න (කිග්‍රෑ 57), ආර්.එම්.පී.කේ.කේ.රස්නායක (කිග්‍රෑ 60), වයි.එස්.පී.සුදම්ම (කිග්‍රෑ 86), පී.ඒ.ආර්.එස්.රූපසිංහ (කිග්‍රෑ 92) හා යූ.ඒ.අවිශ්ක (කිග්‍රෑ 92+)

 

PHOTO 2024 12 24 17 21 31

ගුවන් හමුදාවේ බොක්සිං ක්‍රීඩිකාවෝ රන් 4ක්, රිදී 3ක් හා ලෝකඩ 1ක් සමග පදක්කම් 8ක් දිනා ගනිමින් ශූරියන් බවට පත්වූ අතර යුද හමුදා කාන්තා බොක්සිං කණ්ඩායම අනුශූරියන් වූයේ රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 2ක් ඇතුළුව පදක්කම් අටක් හිමිකර ගනිමින්.

ක්ලිෆඩ් කුසලාන තරගාවලියට සමගාමීව පැවති යෞවන බොක්සිං තරගාවලියේ ශූරයන් වූයේ මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල. මහනුවර හේමමාලි කාන්තා විදුහල ශූරියන් බවට පත්වුනා.



(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලියේ යුද හමුදා ආක්‍රමණයක් | The Leader