The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

බේස්බෝල් ක්‍රීඩාවට රොබෝ විනිසුරුවන්

T

The Leader Desk

December 26, 2024 • 2:43 PM

බේස්බෝල් ක්‍රීඩාවට රොබෝ විනිසුරුවන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකාව හා කැනඩාවේ ඉහළම මට්ටමේ සංවිධානාත්මක බේස්බෝල් තරගාවලිය වන Major League Baseball (MLB) නමැති වෘත්තීය බේස්බෝල් ලීගය ලබන වසරේ වසන්ත සමය පුහුණු සැසිවාරයේදී රොබෝ තරග විනිසුරුවන් භාවිතය අත්හදා බැලීමට යන්නේ අභියෝග ක්‍රමවේදයේ (Challenge System) කොටසක් වශයෙන්.
  • මෙහි අරමුණ වී තිබෙන්නේ 2026 ක්‍රීඩා වාරය සඳහා මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
  • ස්වයංක්‍රීය බෝල ප්‍රහාරය - Automated Ball-Strike (ABS) - අභියෝග ක්‍රමවේදය ලබන 2025 වසරේදී කණ්ඩායම් 19ක් සත්කාරකත්වය දරණ බේස්බෝල් ක්‍රීඩාංගණ 13ක අත්හදා බැලීමට පියවර ගනිමින් සිටිනවා.
  • “අභියෝග ක්‍රමවේදය ක්‍රියාත්මක වන ආකාරය දැක බලා ගැනීම පිණිස සියලුම MLB ක්‍රීඩකයන්ට වැදගත් අවස්ථාවක් ලැබෙන පරිදි අපි වසන්ත සෘතු පුහුණුවේදී ABS අත්හදා බැලීමක් කරනවා” යනුවෙන් MLB කොමසාරිස් රොබ් මැන්ෆ්‍රෙඩ් (Rob Manfred) ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අමෙරිකාව හා කැනඩාවේ ඉහළම මට්ටමේ සංවිධානාත්මක බේස්බෝල් තරගාවලිය වන Major League Baseball (MLB) නමැති වෘත්තීය බේස්බෝල් ලීගය ලබන වසරේ වසන්ත සමය පුහුණු සැසිවාරයේදී රොබෝ තරග විනිසුරුවන් භාවිතය අත්හදා බැලීමට යන්නේ අභියෝග ක්‍රමවේදයේ (Challenge System) කොටසක් වශයෙන්. මෙහි අරමුණ වී තිබෙන්නේ 2026 ක්‍රීඩා වාරය සඳහා මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම.

ස්වයංක්‍රීය බෝල ප්‍රහාරය - Automated Ball-Strike (ABS) - අභියෝග ක්‍රමවේදය ලබන 2025 වසරේදී කණ්ඩායම් 19ක් සත්කාරකත්වය දරණ බේස්බෝල් ක්‍රීඩාංගණ 13ක අත්හදා බැලීමට පියවර ගනිමින් සිටිනවා. මෙමගින් ක්‍රීඩකයන්ට නව ක්‍රමය පිළිබඳව අත්දැකීමක් ලබා ගැනීමට හැකිවන්නේ මේ ක්‍රමවේදය ක්‍රියාවට නැංවිය හැකි හොඳම ක්‍රමය කුමක්ද යනුවෙන් ලීගය අධ්‍යයනය කරමින් සිටියදී.

“අභියෝග ක්‍රමවේදය ක්‍රියාත්මක වන ආකාරය දැක බලා ගැනීම පිණිස සියලුම MLB ක්‍රීඩකයන්ට වැදගත් අවස්ථාවක් ලැබෙන පරිදි අපි වසන්ත සෘතු පුහුණුවේදී ABS අත්හදා බැලීමක් කරනවා” යනුවෙන් MLB කොමසාරිස් රොබ් මැන්ෆ්‍රෙඩ් (Rob Manfred) ප්‍රකාශ කරනවා.

“මෙය සෑම බේස්බෝල් ක්‍රීඩාංගණයකම අත්හදා බලන්න යන්නේ නැහැ. නමුත් සෑම කණ්ඩායමකටම ‌මේ නව ක්‍රමයේ වැදගත් අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන සැලැස්මක් අපට තිබෙනවා” යනුවෙන් මැන්ෆ්‍රෙඩ්, ලීගයේ හිමිකරුවන්ට කියා තිබෙනවා.

මේ නව තාක්ෂණය සම්බන්ධයෙන් MLB සහ තරග විනිසුරුවන්ගේ සංගමය අතර දැන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ද ඔහු කියා සිටිනවා.

නව ක්‍රමවේදයට අනුව, මිනිස් විනිසුරුවන් තවදුරටත් බෝල යැවීම හා ප්‍රහාරයන් තීරණය කරනු ඇතත් පිටියේ තීරණවලට අභියෝග කිරීම සඳහා කණ්ඩායම්වලට ලැබෙන්නේ සීමිත අවස්ථා ගණනක්. අභියෝගය සාර්ථක වන කණ්ඩායම්වලට ඒ අවස්ථාව තවදුරටත් රඳවා තබා ගැනීමට හැකිවෙනවා.

සබැඳි පුවතක් :
බොක්සිං තරග විනිශ්චයට ප්‍රථම වතාවට රොබෝ විනිසුරුවෙක්

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බේස්බෝල් ක්‍රීඩාවට රොබෝ විනිසුරුවන් | The Leader