The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

කෝර්බන් බාෂ්: මංගල ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානුවාගෙන් වාර්තා පිට වාර්තා

T

The Leader Desk

December 28, 2024 • 2:33 PM

කෝර්බන් බාෂ්: මංගල ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානුවාගෙන් වාර්තා පිට වාර්තා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළමු ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කෝර්බන් බාෂ් (Corbin Bosch) පත්ව සිටිනවා.
  • මීට අමතරව, මංගල ටෙස්ට් තරගයේ අංක 8 හෝ ඊට පහළින් පිතිකරණයේ නියැලෙමින් වැඩිම ලකුණු රැස්කළ දකුණු අප්‍රිකානු පිතිකරුවෙකුගේ වසර 122ක් පැරණි වාර්තාව ද බාෂ් බිඳ දමා තිබෙනවා.
  • පාකිස්තානය ට එරෙහි පළමු ටෙස්ට් ගැටුමේ පළමු ඉනිමේදී කඩුලු 4ක් ලබා ගැනීමට අමතරව ලකුණු 81ක් ද රැස් කළේ අංක 9 පිතිකරු ලෙස පන්දුවට පහර දෙමින්.
  • මේ අනුව බාෂ්, මංගල ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් හා කඩුලු හතරක් ලබා ගත් එදා මෙදා තුර පළමු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත්වීමට ද සමත් වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

පළමු ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කෝර්බන් බාෂ් (Corbin Bosch) පත්ව සිටිනවා. මීට අමතරව, මංගල ටෙස්ට් තරගයේ අංක 8 හෝ ඊට පහළින් පිතිකරණයේ නියැලෙමින් වැඩිම ලකුණු රැස්කළ දකුණු අප්‍රිකානු පිතිකරුවෙකුගේ වසර 122ක් පැරණි වාර්තාව ද බාෂ් බිඳ දමා තිබෙනවා.

කෝර්බන් බාෂ් ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් මේ අද්විතීය හපන්කම ප්‍රදර්ශනය කළේ සෙන්චූරියන් හි දී තමාගේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරමින්. පාකිස්තානය ට එරෙහි පළමු ටෙස්ට් ගැටුමේ පළමු ඉනිමේදී කඩුලු 4ක් ලබා ගැනීමට අමතරව ලකුණු 81ක් ද රැස් කළේ අංක 9 පිතිකරු ලෙස පන්දුවට පහර දෙමින්.

zxdfw45d

මේ අනුව බාෂ්, මංගල ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් හා කඩුලු හතරක් ලබා ගත් එදා මෙදා තුර පළමු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත්වීමට ද සමත් වුනා.

වේග පන්දු යවන්නෙකු වන කෝර්බන් බාෂ් අංක 9 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 81ක් රැස් කළේ ආක්‍රමණශීලී පිතිහරඹයක යෙදෙමින්. පන්දු 93ක ඔහුගේ නොදැවුනු ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත්ව තිබුනා. ඊට පෙර ඔහු ලකුණු 63කට කඩුලු 4ක් ලබා ගත්තා.

xdtw45td

මංගල ටෙස්ට් තරගයක අංක 9 ස්ථානයේ පිතිකරණයේ යෙදෙමින් නමක් තැබූ කීර්තිමත් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවක කෝර්බන් බාෂ් ඉහළටම පිවිසියේ මෙතෙක් එම ලැයිස්තුවේ පෙරමුණේ සිටි ශ්‍රී ලංකාවේ මිලාන් රත්නායක අභිබවමින්.

මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයක අංක 9 පිතිකරුවෙකුගෙන් වාර්තා වූ වැඩිම ලකුණු

cvgbdf

 

නොදැවී 81 - කෝර්බන් බාෂ් (දකුණු අප්‍රිකාව) 2024 සෙන්චූරියන්, පාකිස්තානය ට එරෙහිව
72 - මිලාන් රත්නායක (ශ්‍රී ලංකාව) 2024 ඔ්ල්ඩ් ට්‍රැෆර්ඩ්, එංගලන්තය ට එරෙහිව
71 - බාල්වින්ඩර් සන්ධු (ඉන්දියාව) 1983 හයිද්‍රාබාද්, පාකිස්තානය ට එරෙහිව
65 - ඩැරන් ගෝ (එංගලන්තය) 1994 ඔ්ල්ඩ් ට්‍රැෆර්ඩ්, නවසිලන්තය ට එරෙහිව
59 - මොන්ඩී සොන්ඩෙකි (දකුණු අප්‍රිකාව) 2003 හෙඩිංලි, එංගලන්තය ට එරෙහිව


warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...