The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

නත්තල් රාත්‍රි භෝජනය පිළියෙල කරද්දී ගොල්ෆ් ශූරයාගේ අත තුවාල වෙයි: නව වසරේ ආරම්භක තරගයත් අහිමි වෙයි

T

The Leader Desk

December 29, 2024 • 6:05 PM

නත්තල් රාත්‍රි භෝජනය පිළියෙල කරද්දී ගොල්ෆ් ශූරයාගේ අත තුවාල වෙයි: නව වසරේ ආරම්භක තරගයත් අහිමි වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හවායි දූපතේ පැවැත්වෙන PGA Tour ලොව ප්‍රධානතම ගොල්ෆ් තරගමාලාවේ නව වසරේ ක්‍රීඩා වාරයේ ආරම්භක ඉසව්ව අහිමි වී තිබෙනවා.
  • මේ තුවාලය හේතුවෙන් ෂෙෆ්ල ට ජනවාරි 2 වැනිදා ආරම්භ වන ‘ද සෙන්ට්‍රි’ (The Sentry) නමැති ශූරයන්ගේ තරගාවලියට සහභාගි වීමට නොහැකි වූව ද 16 වැනිදා කැලිෆෝනියාවේ ලකින්ටා නගරයේ ඇරඹෙන ‘ද එමෙරිකන් එක්ස්ප්‍රස්’ (The American Express) තරගාවලියට සහභාගි වීමට හැකිවනු ඇතැයි ඔහු අපේක්ෂා කරනවා.
  • මේ හේතුවෙන් ඔහුට නැවත සියයට සියයකින් සුව වීම පිණිස සති තුන හතරක කාලයක් යන බව වෛද්‍යවරු පවසා තිබෙන බැවින් ඔහුට ‘ද සෙන්ට්‍රි’ තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.
  • ලෝකයේ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ සංගමයේ PGA Tour ඉතිහාසයේ වඩාත්ම සාර්ථක ක්‍රීඩා වාරයක් ෂෙෆ්ල මෑතකදී භුක්ති වින්දේ එම සංචාරයේ තරගාවලියන් හතක් ජයග්‍රහණය කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

හවායි දූපතේ පැවැත්වෙන PGA Tour ලොව ප්‍රධානතම ගොල්ෆ් තරගමාලාවේ නව වසරේ ක්‍රීඩා වාරයේ ආරම්භක ඉසව්ව අහිමි වී තිබෙනවා.

මේ තුවාලය හේතුවෙන් ෂෙෆ්ල ට ජනවාරි 2 වැනිදා ආරම්භ වන ‘ද සෙන්ට්‍රි’ (The Sentry) නමැති ශූරයන්ගේ තරගාවලියට සහභාගි වීමට නොහැකි වූව ද 16 වැනිදා කැලිෆෝනියාවේ ලකින්ටා නගරයේ ඇරඹෙන ‘ද එමෙරිකන් එක්ස්ප්‍රස්’ (The American Express) තරගාවලියට සහභාගි වීමට හැකිවනු ඇතැයි ඔහු අපේක්ෂා කරනවා.

නත්තල් දිනයේ රාත්‍රි ආහාරය සූදානම් කරමින් සිටියදී ෂෙෆ්ලගේ දකුණු අත්ලට කැඩුනු වීදුරුවක් ඇනීම නිසා මේ තුවාලය සිදුව තිබෙනවා.

කුඩා වීදුරු කැබලි තවමත් ඔහුගේ අත්ලේ සිරවී තිබෙන අතර ඒවා ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදු කිරීම අවශ්‍යව තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට නැවත සියයට සියයකින් සුව වීම පිණිස සති තුන හතරක කාලයක් යන බව වෛද්‍යවරු පවසා තිබෙන බැවින් ඔහුට ‘ද සෙන්ට්‍රි’ තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඔහුට නියමිතව තිබෙන ඊළඟ තරගාවලිය වනුයේ ‘ද එමෙරිකන් එක්ස්ප්‍රස්’.

ලෝකයේ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ සංගමයේ PGA Tour ඉතිහාසයේ වඩාත්ම සාර්ථක ක්‍රීඩා වාරයක් ෂෙෆ්ල මෑතකදී භුක්ති වින්දේ එම සංචාරයේ තරගාවලියන් හතක් ජයග්‍රහණය කරමින්. ඒ අනුව ඔහු 2007 වසරේ ටයිග වුඩ්ස් ට පසුව මෙවැනි ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කර ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වුනා.

පසුගිය මාසයේදී ඔහු පිට පිට තෙවැනි වසරටත් ‘PGA Tour වසරේ ක්‍රීඩකයා’ බවට පත්වුනා.

ෂෙෆ්ල මේ වසරේදී ඔහුගේ දෙවැනි මාස්ටර්ස් කොළපැහැ ජැකට්ටුව, පැරිස් ඔලිම්පික් රන් පදක්කම, PGA Tour ක්‍රීඩා වාර අවසාන සංචාර ශූරතාවලිය, FedEx කුසලාන තරග සහ The Players ශූරතාවලිය ජයග්‍රහණය කරා. ඔහු පසුගිය ක්‍රීඩා වාරය අවසන් කළේ නිල නොවන Hero ලෝක අභියෝගතා ආරාධිත තරගාවලිය ජය ගනිමින්. මේ සමග ඔහුට මේ වසර තුළ පැවති සියලු ගොල්ෆ් තරගාවලියන්හි ජයග්‍රහණ නවයක් හිමිවුනා.


warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නත්තල් රාත්‍රි භෝජනය පිළියෙල කරද්දී ගොල්ෆ් ශූරයාගේ අත තුවාල වෙයි: නව වසරේ ආරම්භක තරගයත් අහිමි වෙයි | The Leader