The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

චෙස් ඇඳුමේ නීතිය ලිහිල් වෙයි: ජීන්ස් ඇඳගෙන කාල්සන් යළි තරග බිමට

T

The Leader Desk

December 30, 2024 • 11:38 AM

චෙස් ඇඳුමේ නීතිය ලිහිල් වෙයි: ජීන්ස් ඇඳගෙන කාල්සන් යළි තරග බිමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක රැපිඩ් හා බ්ලිට්ස් චෙස් තරගාවලියේදී 34 හැවිරිදි නෝවේජියානු ජාතිකයාට ඔහුගේ ඇඳුම වෙනස් කරන ලෙසට සිකුරාදා දන්වා සිටියා.
  • නමුත් තමා පැළඳ සිටි ඩෙනිම් ජීන්ස් කලිසම මාරු කිරීම, පස් වතාවක් ලෝක චෙස් ශූරයා වූ කාල්සන් ප්‍රතික්ෂේප කළ අතර ඔහුට අමෙරිකානු ඩොලර් 200ක මුදලක් දඩ ගසනු ලැබුවා.
  • වස්ත්‍ර ප්‍රතිපත්තියේ වෙනස නිවේදනය කරමින් ලෝක චෙස් ප්‍රධානී Arkadi Dvorkovitch මෙසේ ප්‍රකාශ කළා: “ක්‍රීඩකයන්ගේ ඇඳුම සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී නිලධාරීන්ට වැඩි නම්‍යතාවයක් ලබා දීමට මම තීරණය කළා.
  • තමා ජීන්ස් පැළඳ අද ඇරඹෙන ලෝක බ්ලිට්ස් ශූරතාවලියට ක්‍රීඩා කරන බව කාල්සන් ඊයේ සමාජ මාධ්‍ය වීඩියෝ පෝස්ටුවකින් කියා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝක රැපිඩ් හා බ්ලිට්ස් චෙස් තරගාවලියේදී 34 හැවිරිදි නෝවේජියානු ජාතිකයාට ඔහුගේ ඇඳුම වෙනස් කරන ලෙසට සිකුරාදා දන්වා සිටියා.

නමුත් තමා පැළඳ සිටි ඩෙනිම් ජීන්ස් කලිසම මාරු කිරීම, පස් වතාවක් ලෝක චෙස් ශූරයා වූ කාල්සන් ප්‍රතික්ෂේප කළ අතර ඔහුට අමෙරිකානු ඩොලර් 200ක මුදලක් දඩ ගසනු ලැබුවා. පසුව ඔහු තරගාවලියෙන් ඉවත් වුනා.

වස්ත්‍ර ප්‍රතිපත්තියේ වෙනස නිවේදනය කරමින් ලෝක චෙස් ප්‍රධානී Arkadi Dvorkovitch මෙසේ ප්‍රකාශ කළා: “ක්‍රීඩකයන්ගේ ඇඳුම සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී නිලධාරීන්ට වැඩි නම්‍යතාවයක් ලබා දීමට මම තීරණය කළා. ප්‍රතිපත්තිය සරලයි. ක්‍රීඩකයන් තවදුරටත් නිල ඇඳුම් නීති සංග්‍රහය අනුගමණය කළ යුතුයි. නමුත් විශේෂයෙන්, ජැකට්ටුවට ඔබින ජීන්ස් ඇඳීම ඇතුළු දර්ශනීය සුළු නීති උල්ලංඝනයකට අවසර ලැබෙනවා.”

 

රැපිඩ් හා බ්ලිට්ස් චෙස් තරගාවලියන් දෙකේ ම ශූරයාව සිටින කාල්සන්, තරගාවලියේ රැපිඩ් අංශයෙන් ඉවත් වූ අතර වස්ත්‍ර නීතිය ලිහිල් කිරීම නිසා දැන් ඔහුට සඳුදා ඇරඹෙන බ්ලිට්ස් ඉසව්වට සහභාගි වීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

තමා ජීන්ස් පැළඳ අද ඇරඹෙන ලෝක බ්ලිට්ස් ශූරතාවලියට ක්‍රීඩා කරන බව කාල්සන් ඊයේ සමාජ මාධ්‍ය වීඩියෝ පෝස්ටුවකින් කියා සිටියා.

“මේ සිද්ධිය ඔවුන්ගේ පැත්තෙන් වැරදිලෙස හසුරුවා ඇති බවයි මම හිතන්නේ” යනුවෙන් ග්‍රෑන්ඩ්මාස්ටර් පැවසුවා. නමුත් තමා වේගවත් චෙස් ක්‍රීඩා ක්‍රමවේදයක් වන බ්ලිට්ස් ක්‍රීඩා කිරීමට කැමති බව ඔහු කියා සිටියා.

 

chess4

කාල්සන් සිද්ධිය ආරම්භ වූයේ ඔහු ජීන්ස් කලිසමක් හා ස්පෝට් කබායක් පැළඳ සිකුරාදා රැපිඩ් චෙස් ලෝක ශූරතාවලියට සහභාගි වූ අවස්ථාවේ. මෙය වෙනස් චෙස් ක්‍රීඩාවක් වූව ද එය පැවැත්වුනේ බ්ලිට්ස් ඉසව්ව සමග ඒකාබද්ධව. දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන නීතිවලට අනුව මෙවැනි තරගාවලියන්ට ජීන්ස් තහනම් කර ඇති බවත් අවශ්‍ය වුවහොත් ඇඳුම් මාරු කිරීමේ පහසුව පිණිස ක්‍රීඩකයන්ට තරග පැවැත්වෙන ස්ථානය අසල ම නවාතැන් ලබා දී ඇති බවත් ලෝක චෙස් සම්මේලනය කියා තිබුනා.

කාල්සන් ට ඩොලර් 200ක් දඩ ගැසූ නිලධාරියෙක් ඔහුට කලිසම මාරු කරන ලෙසට දන්වා සිටිය ද එය කාල්සන් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට වට නවයක තරගයකට සහභාගි වීමට අවසර ලැබුනේ නැහැ. එදින ම, ඊට කළින්, තවත් ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙකු වන Ian Nepomniachtchi ට ද ක්‍රීඩා පාවහන් පැළඳ සිටීම හේතුවෙන් දඩ ගැසූ බවත් ඉන්පසු ඔහු එය මාරු කර දිගටම ක්‍රීඩා කළ බවත් සම්මේලනය දන්වා සිටියා.

 

Magnus Carlsen 2 1024x680
තමා වෙනත් ඇඳුමක් ඊළඟ දිනයේ පළඳින බවට කාල්සන් කියා සිටිය ද නිලධාරීන් ඊට එකඟ වුනේ නැහැ. ඒ අනුව ඔහු තරගාවලියෙන් ඉවත් වුනා.

තමා ඇත්තෙන්ම නීතියක් උල්ලංඝනය කර ඇත්දැයි ඉරිදා වීඩියෝ පෝස්ටුවෙන් ප්‍රශ්න කරන කාල්සන්, තරගයට තිබෙන තමාගේ අවධානයට ඇඳුම් මාරු කිරීම අනවශ්‍ය බාධාවක් වීමට ඉඩ තිබුනු බව පැවසුවා. ඔහුට ලැබුනේ විශ්වාස කළ නොහැකි තරමේ දැඩි දඬුවමක් බව ද ඔහු සඳහන් කළා.

“ඇත්ත ට ම මට ඇඳුම මාරු කරන්න තිබුනා. නමුත් පැහැදිලිවම, මට එහෙම කරන්න උවමනා වුනේ නැහැ” යනුවෙන් මැග්නස් කාල්සන් අවධාරණය කළා.


බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි
ඩෙනිම් ඇඳගෙන පැමිණි ලෝක චෙස් ශූරයා තරගාවලියෙන් දොට්ට

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චෙස් ඇඳුමේ නීතිය ලිහිල් වෙයි: ජීන්ස් ඇඳගෙන කාල්සන් යළි තරග බිමට | The Leader