The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අමෙරිකාව හා කැනඩාව 2024 ලෝක T20 තරගාවලිය ආරම්භ කරයි

T

The Leader Desk

December 21, 2023 • 2:25 PM

අමෙරිකාව හා කැනඩාව 2024 ලෝක T20 තරගාවලිය ආරම්භ කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලානය හිමිකර ගෙන සිටින එංගලන්තය හෝ ගෝලීය ක්‍රිකට් දැවැන්තයින් වන
  • ඒ අනුව ලබන වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන්නේ ජගත් ක්‍රිකට් ක්‍රීඩාවේ කුඩා කණ්ඩායම් දෙකක් වන අමෙරිකාව හා කැනඩාව අතර.
  • මේ විස්මිත තීරණයට ICCය එළඹ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු තරගය පවත්වා තිබෙන්නේ 1844 වසරේ අමෙරිකාවේ මෑන්හැටන් හිදී අමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර යන සාධකය කෙරෙහි අවධානය යොමු කරමින්.
  • එම තරගය ක්‍රීඩා කර ඇත්තේ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර මෙල්බර්න් හි පැවති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයට වසර 33කට පෙර.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාවේ සහභාගිත්වය වෙනුවට කලාතුරෙකින් කෙරෙන උතුරු අමෙරිකානු තරගයකින් 2024 ලෝක කුසලාන T20 තරගාවලිය ආරම්භ කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන්නේ ජගත් ක්‍රිකට් ක්‍රීඩාවේ කුඩා කණ්ඩායම් දෙකක් වන අමෙරිකාව හා කැනඩාව අතර.

xcfgret643
මේ විස්මිත තීරණයට ICCය එළඹ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු තරගය පවත්වා තිබෙන්නේ 1844 වසරේ අමෙරිකාවේ මෑන්හැටන් හිදී අමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර යන සාධකය කෙරෙහි අවධානය යොමු කරමින්. එම තරගය ක්‍රීඩා කර ඇත්තේ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර මෙල්බර්න් හි පැවති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයට වසර 33කට පෙර. ‘අළු බඳුන’ – The Ashes - ටෙස්ට් තරගමාලාව උපත ලැබුවේ මෙල්බර්න් තරගයෙන් වසර පහකට පසුව.

අමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කැනේඩියානු පළාත අතර තරගය ලෙසින් හඳුන්වන ලද කළින් පැවති ඉනිම දෙකකින් යුත් තුන් දින තරගය ආගන්තුක කැනඩා කණ්ඩායම ලකුණු 23කින් ජයග්‍රහණය කර තිබෙනවා.

zxdfe
මේ ‌ෙඑතිහාසික සම්බන්ධතාවට අමතරව 2024 තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග සමසත්කාරකත්වය දරන අමෙරිකාවෙන් ආරම්භ කිරීමටද ICCය බලාපොරොත්තු වෙනවා.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් විස්සෙන් දහයක් ඔවුන්ගේ පළමු තරගය ටෙක්සාස්, ෆ්ලොරිඩා සහ නිව්යෝක් ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර අනෙක් කණ්ඩායම් දහය ඔවුන්ගේ තරග ආරම්භ කරන්නේ කැරිබියන් දූපත්වලින්. ‘සුපිරි 8’ වටය, අවසන් පූර්ව හා අවසාන යන තරගාවලියේ පසු අදියරේ සියලුම තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේත් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල.

එංගලන්ත කණ්ඩායමේ මූලික තරග සියල්ලම කැරිබියන් සංචාරක ඉසව් වන ඇන්ටීගා, සාන්ත ලුසියා හා තරගාවලියේ අවසාන මහා තරගය ක්‍රීඩා කෙරෙන බාබෙඩෝස් හි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

xzdfsd
ඉන්දියා කණ්ඩායමේ ප්‍රධානතම තරග තුනක් අමෙරිකාවේ පැවැත්වෙන අතර තරගාවලියේ ලොකුම තරගය වන ඉන්දියාව හා පාකිස්තානය අතර ගැටුම පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ මෑන්හැටන් සිට සැතපුම් 25ක් දුරින් පිහිටි ලෝන්ග් අයිලන්ඩ් හි ඉදිකිරීමට නියමිත තාවකාලික ක්‍රීඩාංගණයක.

ICCයේ විකාශන අයිතීන් හිමි ‘ස්ටාර් ස්පෝට්ස්’ ඉල්ලීමකට අනුව, ඉන්දියාවේ සිටින ක්‍රිකට් ලෝලී නරඹන්නන් වැඩිම පිරිසක් වෙත ළඟා වීමට හැකිවන පරිදි  ඉන්දියාව සහභාගි වන තරග දේශීය වේලාවෙන් පෙරවරු 9.30 ට ආරම්භ කිරීමට සැලසුම් කරනු ඇතැයි පැවසෙනවා.

ජූනි 14 සිට ජූනි 30 දක්වා අමෙරිකාවේ හා කැරිබියන් හි පැවැත්වෙන ලෝක T20 තරගාවලියේ තරග වැඩසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මේ සතිය අග නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...