The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

කුසල් ජනිත් පෙරේරා අද රැස්කළ ශතකය සුවිශේෂී වන්නේ ඇයි?

T

The Leader Desk

January 2, 2025 • 11:03 AM

කුසල් ජනිත් පෙරේරා අද රැස්කළ ශතකය සුවිශේෂී වන්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේ වෙතත්, තරග 03 කින් සමන්විත පන්දු වාර 20 තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ නවසීලන්ත කණ්ඩායම යි.
  • වසර 14 කට පසු වාර්තා වූ ශතකය කුසල් ජනිත් පෙරේරාගේ ශතකය හේතුවෙන් අද තරගයේදී ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා යාමට හැකි විය.
  • නවසීලන්තයට එරෙහිව අද (ජනවාරි 02) පැවති විස්සයි 20 තරගයේදී කුසල් ජනිත් පෙරේරා ශතකයක් වාර්තා කළේ, පන්දු 46කිනි.
  • විස්සයි 20 තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් වාර්තා කළ 3 වන පිතිකරුවා බවට ඔහු පත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
කෙසේ වෙතත්, තරග 03 කින් සමන්විත පන්දු වාර 20 තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ නවසීලන්ත කණ්ඩායම යි.


වසර 14 කට පසු වාර්තා වූ ශතකය

කුසල් ජනිත් පෙරේරාගේ ශතකය හේතුවෙන් අද තරගයේදී ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා යාමට හැකි විය.

නවසීලන්තයට එරෙහිව අද (ජනවාරි 02) පැවති විස්සයි 20 තරගයේදී කුසල් ජනිත් පෙරේරා ශතකයක් වාර්තා කළේ, පන්දු 46කිනි.

විස්සයි 20 තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් වාර්තා කළ 3 වන පිතිකරුවා බවට ඔහු පත්විය.

එමෙන් ම ශ්‍රී ලාංකික පිතිකරුවෙකු පන්දු වාර 20 තරගයකදී ශතකයක් වාර්තා කළේ, වසර 14 කට පසුව වීම ද විශේෂත්වයකි.

විස්සයි 20 තරගයකදී මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක වාර්තා කර ඇත්තේ තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන පමණි.

කුසල් ජනිත් පෙරේරා පන්දු 46කදී හතරේ පහරවල් 13ක් සහ හයේ පහරවල් 04ක් සමගින් ලකුණු 101ක් වාර්තා කිරීමට සමත් විය.


ශ්‍රී ලංකා ඉනිම


තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ තීරණය අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු සබඳතාව ලකුණු 24කට සීමා විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 14කට දැවී ගියේ ය.

ඉන් පසුව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුවට තවත් ලකුණු 18ක් එක්වන විට කුසල් මෙන්ඩිස් ලකුණු 22කට දවා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

පසුව පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු සමග එක්ව කුසල් ජනිත් පෙරේරා 3 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සබඳතාවක් ගොඩ නැගීය.

ශ්‍රී ලංකා ඉනිමේ 10 වන පන්දු වාරයේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 17කට දැවී යන විට ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 3 කට ලකුණු 83ක් ලෙස ය.

ශතක සබඳතාව

අවිශ්ක ප්‍රනාන්දුගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසුණු නායක චරිත් අසලංක, කුසල් ජනිත් පෙරේරා සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වේගවත්ව ලකුණු රැස් කිරීමට දායක විය.

ඔවුන් දෙදෙනා පන්දු 45කදී ලකුණු 100ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ 17 වන පන්දු වාරයේදී ලකුණු 46ක් රැස් කර සිටි චරිත් අසලංක දැවී ගිය අතර ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් විය.

කුසල් ජනිත් පෙරේරා පන්දු 46කදී ලකුණු 101ක් වාර්තා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 5කට ලකුණු 218ක් රැස් කිරීමට සමත් විය.

නවසීලන්තයේ හඹා යාම


ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ආරම්භක පිතිකරු යුගලය සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.

ටිම් රොබින්සන් සහ රචින් රවීන්ද්‍ර එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක් රැස් කිරීමට සමත් වූ අතර, නවසීලන්ත කණඩායමේ පළමු කඩුල්ල ලෙස ටීම් රොබින්සන් ලකුණු 37කට දවා ගැනීමට බිනුර ප්‍රනාන්දු සමත් විය.

නවසීලන්ත ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 9ක් රැස් කර ගෙන සිටි මාර්ක් චැප්මන් දවා ගැනීමට චරිත් අසලංකට හැකි විය.

නවසීලන්ත ඉනිමේ මැද පෙළ කඩුලු දෙකක් ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

නවසීලන්තය වෙනුවෙන් රචීන් රවින්ද්‍ර ලකුණු 69ක් රැස් කළේ ය.

ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළේ, ලකුණු 211ක් පමණි.
 
පන්දු යැවීමේදී චරිත් අසලංක ලකුණු 50ක් ලබා දුන් අතර කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

වනිඳු හසරංග ලකුණු 38කට කඩුලු 2ක් දවා ගත්තේ ය.
 
(සටහන | දිනුක් හේවාවිතාරණ)
BBC සිංහල සේවය 
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...