The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

අලුත් ජීන්ස් කලිසමක් ගන්න ෂොපිං ගිය කාල්සන් ප්‍රමාද වී පැමිණ තරගය දිනයි

T

The Leader Desk

January 2, 2025 • 3:39 PM

අලුත් ජීන්ස් කලිසමක් ගන්න ෂොපිං ගිය කාල්සන් ප්‍රමාද වී පැමිණ තරගය දිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළමුව, ඔහු ඩෙනිම් ජීන්ස් කලිසමක් පැළඳ ලෝක රැපිඩ් චෙස් තරගාවලියට පැමිණ ඇඳුම් නීති ලිහිල් කරන ලෙසට බල කරමින් ලෝක චෙස් සම්මේලනය (FIDE) තමන් ඉදිරියේ දණගැස්සුවා.
  • නිව්යෝක් නුවර පැවති ලෝක චෙස් තරගාවලියේ පළමුව පැවති රැපිඩ් ශූරතාවලියට ජීන්ස් පැළඳ පැමිණීම හේතුවෙන් කාල්සන් ට දඩ මුදලක් නියම කිරීමෙන් පසුව ඇඳුම වෙනස් කර තරගයට සහභාගි වන ලෙසට සංවිධායකයන් ඔහුට දැනුම් දුන්නා.
  • ඉන්පසු ලෝක චෙස් සම්මේලනය ප්‍රකාශයක් කරමින් තමන් ඇඳුම් නීතිය ලිහිල් කරන බවත් ජීන්ස් පැළඳ ක්‍රීඩකයන්ට තරග කිරීමට හැකි බවත් ප්‍රකාශ කළා.
  • බ්ලිට්ස් චෙස් තරග සඳහා ඉත්තෙක් ඇදීම පිණිස මිනිත්තු තුනක් බැගින් වන කාල පාලනයක් තිබෙන අතර එක් ඇදීමක් වෙනුවෙන් තත්පර දෙකක් බැගින් වන වැඩිවීමක් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


පළමුව, ඔහු ඩෙනිම් ජීන්ස් කලිසමක් පැළඳ ලෝක රැපිඩ් චෙස් තරගාවලියට පැමිණ ඇඳුම් නීති ලිහිල් කරන ලෙසට බල කරමින් ලෝක චෙස් සම්මේලනය (FIDE) තමන් ඉදිරියේ දණගැස්සුවා. දෙවනුව, ලෝක බ්ලිට්ස් චෙස් ශූරතාවලියේ ආරම්භක තරගයට ප්‍රමාද වී පැමිණ ප්‍රතිවාදියා පරාජය කළා. ඔහුගේ ප්‍රමාදයට හේතුව වූයේ මේ තරගයට පැළඳීම පිණිස අලුත් ඩෙනිම් කලිසමක් මිලදී ගැනීම සඳහා ‘ෂොපිං’ යෑම.

නිව්යෝක් නුවර පැවති ලෝක චෙස් තරගාවලියේ පළමුව පැවති රැපිඩ් ශූරතාවලියට ජීන්ස් පැළඳ පැමිණීම හේතුවෙන් කාල්සන් ට දඩ මුදලක් නියම කිරීමෙන් පසුව ඇඳුම වෙනස් කර තරගයට සහභාගි වන ලෙසට සංවිධායකයන් ඔහුට දැනුම් දුන්නා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින් රැපිඩ් තරගාවලියෙන් ඉවත් වුනා.

e56t4f

ඉන්පසු ලෝක චෙස් සම්මේලනය ප්‍රකාශයක් කරමින් තමන් ඇඳුම් නීතිය ලිහිල් කරන බවත් ජීන්ස් පැළඳ ක්‍රීඩකයන්ට තරග කිරීමට හැකි බවත් ප්‍රකාශ කළා. ඒ අනුව කාල්සන් දෙවනුව පැවති බ්ලිට්ස් තරගාවලිය සඳහා ජීන්ස් කලිසමකින් සැරසී පැමිණියේ චෙස් ලෝකයේ තමන් සතු බලය ප්‍රදර්ශනය කරමින්.

බ්ලිට්ස් තරගාවලිය සඳහා නෝවේජියානු ජාතික කාල්සන්ගේ උසස් ප්‍රවේශයේ අනෙක් වැදගත් සිදුවීම වූයේ තරගය සඳහා තමාට තිබෙන කාලය අඩුවෙමින් තිබීම පිළිබඳව ඔහු තඹ දොයිතුවකට හෝ මායිම් නොකිරීම. ඔහුගේ ප්‍රතිවාදියා වූ ජර්මනියේ මයිකල් බෙසෝල්ඩ් ඔහුගේ ඉත්තන් ඇදීම ආරම්භ කරමින් ඔරලෝසුව ක්‍රියාත්මක කරන විට කාල්සන් පෙනෙන්නට සිටියේ නැහැ.

බ්ලිට්ස් චෙස් තරග සඳහා ඉත්තෙක් ඇදීම පිණිස මිනිත්තු තුනක් බැගින් වන කාල පාලනයක් තිබෙන අතර එක් ඇදීමක් වෙනුවෙන් තත්පර දෙකක් බැගින් වන වැඩිවීමක් තිබෙනවා. කාල්සන් ඉක්මනට ඔහුගේ චෙස් ලෑල්ල වෙත පැමිණෙද්දී ඔහු ඔරලෝසුවට අනුව මිනිත්තුවක් ප්‍රමාද වී තිබුනා. එහෙත් වහාම තරගයට අවතීර්ණ වනවා වෙනුවට කාල්සන් තමන්ගේ ඉත්තෝ පිළිවෙළට සකස් කරමින් තවත් කාලයක් ගතකළ අතර අවසානයේ ඔහු තමාගේ පළමු ඉත්තා අදින විට මිනිත්තුවක් හා තත්පර 12ක් පසුපසින් සිටියා.

එහෙත් මේ ලොව අංක එකේ ක්‍රීඩකයා ලෝකයේ 870 ට ශ්‍රේණිගතව සිටින 52 හැවිරිදි තම ප්‍රතිවාදියා පහසුවෙන් පරාජය කළේ ඉත්තො ඇදීමේ වාර 43කින්. කාල්සන් තවත් තත්පර 27ක් ඉතිරිව තිබියදී තරගය අවසන් කළා.

ඔහු පැළඳ සිටින්නේ අලුත් ඩෙනිම් කලිසමක් ද කියා තරගයෙන් පසුව නිල රූපවාහිනී නාලිකාව ප්‍රශ්න කළ විට ලෝක බ්ලිට්ස් ශූරතාව රැක ගනිමින් සිටි කාල්සන් මෙසේ පිළිතුරු දුන්නා.

“ඔව් මේක අලුත්. මම ඇත්තටම මේ කලිසම මිලදී ගත්තේ මේ තරගය වෙනුවෙන් ම යි. මම පරක්කු වෙච්ච එක හේතුවක් තමයි ඒක.”

පසුව පැවති අවසාන තරගයේ වට හතකින් පසුව කාල්සන්ගේ යෝජනාවකින් ඔහු සහ රුසියාවේ ඉයන් නිපුන්නිශි 2024 FIDE ලෝක බ්ලිට්ස් චෙස් ශූරතාවලියේ කිරුළ දෙදෙනා අතර බෙදා ගත්තා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...