The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

ඇග්නස් කැලති: ලොව වැඩිම වයසැති ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මිය යයි

T

The Leader Desk

January 3, 2025 • 11:42 AM

ඇග්නස් කැලති: ලොව වැඩිම වයසැති ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පස් වතාවක් ඔලිම්පික් ජිම්නාස්ටික් ශූරිය වූ ඇය දෙවැනි ලෝක යුද සමයේදී යුදෙව් වධ හිංසනයෙන් නොමැරී ජීවත්ව සිටි කෙනෙක්.
  • බූඩපෑස්ට් අගනුවරදී Agnes Klein නමින් 1921 ජනවාරි 9 වැනිදා උපත ලැබූ කැලති 1938 වසරේදී හංගේරියාවේ ජාතික ජිම්නාස්ටික් සංගමයට බැඳීමෙන් පසුව 1940 වසරේ ඇගේ පළමු හංගේරියානු ශූරතාව දිනා ගත්තා.
  • නමුත් ඇගේ රටේ දේශපාලනය හා ඇයගේ ආගම විසින් ඇයගේ ජීවිතය සහ ක්‍රීඩා දිවිය වෙළාගත්තා” යනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළා.
  • ව්‍යාජ ලියකියවිලි සමග බූඩපෑස්ට් නගරයට දකුණෙන් පිහිටි ගම්මානයක සැඟවී සිටිමින් ඇය සිය දහස් ගණන් හංගේරියානු යුදෙව්වන් ඝාතනය කෙරුනු නාසි මරණ කඳවුරුවලට පිටුවහල් කිරීමෙන් ගැලවුනු බව හංගේරියානු ඔලිම්පික් කමිටුව පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පස් වතාවක් ඔලිම්පික් ජිම්නාස්ටික් ශූරිය වූ ඇය දෙවැනි ලෝක යුද සමයේදී යුදෙව් වධ හිංසනයෙන් නොමැරී ජීවත්ව සිටි කෙනෙක්.

බූඩපෑස්ට් අගනුවරදී Agnes Klein නමින් 1921 ජනවාරි 9 වැනිදා උපත ලැබූ කැලති 1938 වසරේදී හංගේරියාවේ ජාතික ජිම්නාස්ටික් සංගමයට බැඳීමෙන් පසුව 1940 වසරේ ඇගේ පළමු හංගේරියානු ශූරතාව දිනා ගත්තා. එහෙත් ඇය‌ගේ යුදෙව් උරුමය හේතුවෙන් එම වසරේදී ඇයට සියලු ක්‍රීඩා ක්‍රියාකාරකම් තහනම් කෙරුනා.

 

“‌හංගේරියාව විසින් බිහිකළ ශ්‍රේෂ්ඨතම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වන්නේ ඇග්නස් කැලති. නමුත් ඇගේ රටේ දේශපාලනය හා ඇයගේ ආගම විසින් ඇයගේ ජීවිතය සහ ක්‍රීඩා දිවිය වෙළාගත්තා” යනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළා.

ව්‍යාජ ලියකියවිලි සමග බූඩපෑස්ට් නගරයට දකුණෙන් පිහිටි ගම්මානයක සැඟවී සිටිමින් ඇය සිය දහස් ගණන් හංගේරියානු යුදෙව්වන් ඝාතනය කෙරුනු නාසි මරණ කඳවුරුවලට පිටුවහල් කිරීමෙන් ගැලවුනු බව හංගේරියානු ඔලිම්පික් කමිටුව පැවසුවා. ඇගේ පියා සහ ඥාතීන් කිහිප දෙනෙකුම Auschwitz සිර කඳවුරේ මිය ගියා.

 

443868

කැලති ඇයගේ ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේ 1952 හෙල්සින්කි උළෙලේ. ඒ වන විට ඇගේ වයස අවුරුදු 31ක්. කැලති ඇගේ ක්‍රීඩා දිවියේ ඉහළටම පිවිසියේ 1956 මෙල්බර්න් ඔලිම්පික් ක්‍රීඩා තරග බිමේ. එහිදී රන් පදක්කම් හතරක් දිනා ගත් ඇය රන් දිනා ගත් වයසින් වැඩිම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට ඉතිහාසගත වුනා. ඊට වසරකට පසුව ඇය ඊශ්‍රායලය ට ගිය අතර එහිදී විවාහ වූ ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වුනා.

රන් පදක්කම් පහ ද සමග ඔලිම්පික් පදක්කම් 10ක් දිනා ගැනීම නිසා ඇග්නස් කැලති එදා මෙදා තුර දෙවැනියට වඩාත්ම සාර්ථක හංගේරියානු ඔලිම්පික් ක්‍රීඩා චරිතය බවට පත්වුනා. ඇය හංගේරියානු රාජ්‍ය සම්මාන බොහොමයක් හිමිකර ගෙන සිටියා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...