The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

වසරේ මලල ක්‍රීඩිකාව හසන් - ක්‍රීඩකයා තෙබොගෝ

T

The Leader Desk

January 3, 2025 • 12:14 PM

වසරේ මලල ක්‍රීඩිකාව හසන් - ක්‍රීඩකයා තෙබොගෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩාංගණයෙන් පිට සම්මානය ද හිමිකර ගත් හසන් වසරේ මලල ක්‍රීඩිකාව ලෙස නම් කර තිබෙන්නේ ප්‍රංශ අගනුවරදී ඇය ප්‍රදර්ශනය කළ මැරතන් තරගයට එහා ධාවන පථය දක්වා විහිදුනු දක්ෂතා හේතුවෙන්.
  • දින හතක් අතරතුර ඇය මීටර් 5000 ඉසව්වේ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තේ මූලික තරගයක් හා මීටර් 10,000ක් ද ධාවනය කරමින්.
  • මැරතන් තරගයේදී හසන් රන් පදක්කම දිනා ගත්තේ ඒ වන විට ලෝක වාර්තාව උසුලා ගෙන සිටි ඉතියෝපියාවේ Tigist Assefa තත්පර තුනකින් පරදවමින්.
  • තෙබොගෝ ඔහුගේ සම්මානය හිමිකර ගත්තේ Stade de France ක්‍රීඩාංගණයේ අවසන් රේඛාව තත්පර 19.46කින් පසු කරමින් මීටර් 200 ඉසව්වේ පළමු අප්‍රිකානු ඔලිම්පික් ශූරයා බවට පත්වීමෙන් පසුව.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ක්‍රීඩාංගණයෙන් පිට සම්මානය ද හිමිකර ගත් හසන් වසරේ මලල ක්‍රීඩිකාව ලෙස නම් කර තිබෙන්නේ ප්‍රංශ අගනුවරදී ඇය ප්‍රදර්ශනය කළ මැරතන් තරගයට එහා ධාවන පථය දක්වා විහිදුනු දක්ෂතා හේතුවෙන්.
 
දින හතක් අතරතුර ඇය මීටර් 5000 ඉසව්වේ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තේ මූලික තරගයක් හා මීටර් 10,000ක් ද ධාවනය කරමින්. මැරතන් තරගයේදී හසන් රන් පදක්කම දිනා ගත්තේ ඒ වන විට ලෝක වාර්තාව උසුලා ගෙන සිටි ඉතියෝපියාවේ Tigist Assefa තත්පර තුනකින් පරදවමින්.
 
තෙබොගෝ ඔහුගේ සම්මානය හිමිකර ගත්තේ Stade de France ක්‍රීඩාංගණයේ අවසන් රේඛාව තත්පර 19.46කින් පසු කරමින් මීටර් 200 ඉසව්වේ පළමු අප්‍රිකානු ඔලිම්පික් ශූරයා බවට පත්වීමෙන් පසුව. එදා ඔහු අභිබවා ගියේ එම ඉසව්ව ජය ගනු ඇති බවට ජනප්‍රියව සිටි Kenny Bednarek හා Noah Lyles යන අමෙරිකානු ක්‍රීඩකයන්ව.
 


ලෝක මලල ක්‍රීඩා සම්මාන 2024

වසරේ ක්‍රීඩිකාව - Sifan Hassan (නෙදර්ලන්තය)
වසරේ ක්‍රීඩකයා - Letsile Tebogo (බොට්ස්වානා)
ජවන ක්‍රීඩිකාව - Sydney McLaughlin-Levrone (අමෙරිකාව)
පිටිය ක්‍රීඩිකාව - Yaroslava Mahuchikh (යුක්රේනය)
ක්‍රීඩාංගණයෙන් පිට ක්‍රීඩිකාව - Sifan Hassan (නෙදර්ලන්තය)
ජවන ක්‍රීඩකයා - Letsile Tebogo (බොට්ස්වානා)
පිටිය ක්‍රීඩකයා - Armand Duplantis (ස්වීඩනය)
ක්‍රීඩාංගණයෙන් පිට ක්‍රීඩකයා - Tamirat Tola (ඉතියෝපියාව)
නැගී එන ක්‍රීඩිකාව - Sembo Almayew (ඉතියෝපියාව)
නැගී එන ක්‍රීඩකයා - Mattia Furlani (ඉතාලිය)

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වසරේ මලල ක්‍රීඩිකාව හසන් - ක්‍රීඩකයා තෙබොගෝ | The Leader