The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

ලූක් ලිට්ල ළාබාලතම ලෝක ඩාට්ස් ශූරයා වෙයි

T

The Leader Desk

January 4, 2025 • 10:16 AM

ලූක් ලිට්ල ළාබාලතම ලෝක ඩාට්ස් ශූරයා වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැවිරිදි ලිට්ල ලෝක ශූරයා බවට පත්වූයේ තෙවතාවක් ලෝක ශූර 35 හැවිරිදි මයිකල් වෑන් ජර්වන් (Michael van Gerwen) ලන්ඩනයේ ඇලෙක්සැන්ඩ්‍රා පැලස් හි දී ඊයේ රාත්‍රියේ වට 7-3කින් පරාජය කරමින්.
  • මීට කළින් වෑන් ජර්වන් වයසින් අඩුම ඩාට්ස් ලෝක ශූරයා බවට පත්ව සිටියේ 24 වැනි වියේදී ඔහුගේ ලෝක ශූරතා තුනෙන් පළමුවැන්න 2014 වසරේදී දිනා ගනිමින්.
  • එහෙත් ඊයේ තරගය ආරම්භයේ සිටම ලිට්ල නොනැවැත්විය හැකි දස්කම් මට්ටමක සිටියේ කළින්ම වට 4-0කින් පෙරමුණට පිවිසෙමින්.
  • සිය 18 වැනි උපන්දිනයට තවත් සති තුනක් අඩුවෙන් තිබියදී ලබා ගත් මේ සුවිශේෂී ජයග්‍රහණයත් සමග ලිට්ල ට පවුම් 500,000ක ත්‍යාගය සහ සිඩ් වඩෙල් කුසලානය (Sid Waddell Trophy) හිමිවුනා.
අකුරු ප්‍රමාණය (Font Size):


17 හැවිරිදි ලිට්ල ලෝක ශූරයා බවට පත්වූයේ තෙවතාවක් ලෝක ශූර 35 හැවිරිදි මයිකල් වෑන් ජර්වන් (Michael van Gerwen) ලන්ඩනයේ ඇලෙක්සැන්ඩ්‍රා පැලස් හි දී ඊයේ රාත්‍රියේ වට 7-3කින් පරාජය කරමින්.

මීට කළින් වෑන් ජර්වන් වයසින් අඩුම ඩාට්ස් ලෝක ශූරයා බවට පත්ව සිටියේ 24 වැනි වියේදී ඔහුගේ ලෝක ශූරතා තුනෙන් පළමුවැන්න 2014 වසරේදී දිනා ගනිමින්.

එහෙත් ඊයේ තරගය ආරම්භයේ සිටම ලිට්ල නොනැවැත්විය හැකි දස්කම් මට්ටමක සිටියේ කළින්ම වට 4-0කින් පෙරමුණට පිවිසෙමින්.

1e670a04257e95cac2dbb235d9127573

සිය 18 වැනි උපන්දිනයට තවත් සති තුනක් අඩුවෙන් තිබියදී ලබා ගත් මේ සුවිශේෂී ජයග්‍රහණයත් සමග ලිට්ල ට පවුම් 500,000ක ත්‍යාගය සහ සිඩ් වඩෙල් කුසලානය (Sid Waddell Trophy) හිමිවුනා.


පසුගිය වසරේ ලෝක ශූරතාවලියේ අවසාන තරගයේදී ලූක් හම්ෆ්‍රීස් (Luke Humphries) ට පරාජය වීම නිසා ලිට්ල ට අනුශූරයා ලෙසින් පමණක් සෑහීමට පත්වන්නට සිදුවුනා. එහෙත් එම ලෝක අංක 1 ක්‍රීඩකයා මෙවර තරගාවලියේ සිවුවැනි වටයෙන් ඉවතට විසිවීමෙන් පසුව කුසලානය ලිට්ල ට හිමිවන ලකුණු පහළ වී තිබුනා.

“මට මේක අදහා ගන්න බැහැ” යනුවෙන් ලිට්ල ළාබාලතම ලෝක ඩාට්ස් ශූරයා බවට ඉතිහාසගත වීමෙන් පසුව කියා සිටියා.

“මට වේගවත් ඇරඹුමක් අවශ්‍ය බව මම සම්මුඛ සාකච්ඡාවල කියා තිබුනා. අද රාත්‍රියේ මම කළේ එයයි.”

 



“මේ කුසලානය දිනා ගන්න හැම දෙනාම සිහින දකිනවා. ඒ සඳහා අසීරු තරග බිමක් පසුකළ යුතුයි. මට විශ්වාස කරන්න බැහැ” ලිට්ල වැඩිදුරටත් පැවසුවා.

මීට මාස 12කට පෙර ලෝක ශූරතා තරගාවලියේ අවසාන තරගයට පිවිසි ලූක් ලිට්ල විස්මය ජනක 2024 වසරක් භුක්ති වින්දේ ප්‍රිමිය ලීගය හා ග්‍රෑන්ඩ් ස්ලෑම් ඇතුළු PDC කිරුළු 10ක් nine-darters හපන්කම් හතරක් සමග දිනා ගනිමින්. ඔහු ඊයේ රාත්‍රියේ ඇලෙක්සැන්ඩ්‍රා මාලිගයේ ඇලී පැලී ඩාට්ස් වේදිකාවට රැගෙන ගියේ ඔහු සතුව තිබූ ඒ දක්ෂතාව.



warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලූක් ලිට්ල ළාබාලතම ලෝක ඩාට්ස් ශූරයා වෙයි | The Leader