The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

ටෙස්ට් ශූරතාවලිය: ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අවසන් - අවසන් තරගයට කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබයි

T

The Leader Desk

January 5, 2025 • 2:17 PM

ටෙස්ට් ශූරතාවලිය: ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අවසන් - අවසන් තරගයට කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන ජූනි මාසයේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව සමග තරග වැදීමට ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලැබූ බව ඉරිදා (ජන: 05) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ය.
  • ඒ, ඉන්දියාව සමග පැවති බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ 5 වන තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක ජයක් හිමි කර ගැනීමෙන් පසුව ය.
  • ඒ අනුව, තරග 5කින් සමන්විත තරගාවලිය 3-1ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.
  • මේ අතර, ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට දකුණු අප්‍රිකාව පත්වී සිටියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලබන ජූනි මාසයේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව සමග තරග වැදීමට ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලැබූ බව ඉරිදා (ජන: 05) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ය.

ඒ, ඉන්දියාව සමග පැවති බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ 5 වන තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක ජයක් හිමි කර ගැනීමෙන් පසුව ය.

ඒ අනුව, තරග 5කින් සමන්විත තරගාවලිය 3-1ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

මේ අතර, ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට දකුණු අප්‍රිකාව පත්වී සිටියේ ය.

පකිස්ථාන කණ්ඩායමට එරෙහිව පළමු ටෙස්ට් තරගයේදී ලද පෙරළිකාර ජයග්‍රහණයෙන් පසුව ලෝක ටෙස්ට් ශූරයන් වීම වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකෙන් එකක් ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඉන්දියාව සමග පැවති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියා ජය ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමට තිබූ ඉඩකඩ අහිමි වී ගියේ ය.

fghderte


දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව සිටින තැන

මේ වන විට අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ මේ වන විට තරග 11කට ක්‍රීඩා කරමින් ඉන් තරග 7ක් ජයග්‍රහණය කර තිබේ.

තරග 3ක් පරාජයට පත්ව ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

ඒ අනුව, ඔවුන්ට හිමි වී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 88කි. ලකුණු සාමාන්‍යය 66.67කි.

ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 17කට ක්‍රීඩා කර ඉන් 11ක් ජයගෙන තිබේ. තරග 4ක් පරාජය වී ඇති අතර තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඒ අනුව, ඔවුන් ප්‍රසාද ලකුණු 130ක් ලබා සිටින අතර, ලකුණු සාමාන්‍යය 63.73කි.

ශ්‍රී ලංකාව සහ සෙසු කණ්ඩායම්

මේ වන විට ටෙස්ට් ශූරතා තරගාවලියේ ඉන්දියාව තුන් වන ස්ථානයේ පසුවන අතර, නවසීලන්තය සිව් වන ස්ථානයේ පසු වෙයි.

ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ, 5 වන ස්ථානයේ ය.

ශ්‍රී ලංකාව මෙතෙක් තරග 11කට ක්‍රීඩා කර ඉන් තරග 5ක් ජයගෙන තිබේ. තරග 6ක් පරාජයට පත්ව තිබේ.

ඔවුන් ප්‍රසාද ලකුණු 60ක් ලබා ඇති අතර, ලකුණු සාමාන්‍යය 45.45කි.

එංගලන්තය, බංග්ලාදේශය, පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිළිවෙළින් 6,7,8,9 යන ස්ථානවල පසු වෙයි.

ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පද්ධතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

සෑම ලෝක ටෙස්ට් ශූරතාවලියක් ම වසර දෙකක් පුරා දිව යයි. වත්මන් ශුරතාවලිය 2023 ජූනි මාසයේ ආරම්භ වූ අතර 2025 ජූනි මාසයේ පැවැත්වෙන අවසන් තරගයෙන් එය අවසන් වනු ඇත.

කණ්ඩායම් එම කාලය තුළ තරග මාලා හයක් ක්‍රීඩා කරයි. එහිදී තරගාවලි තුනක් දේශීයවත් අනෙක් තරගාවලි 3 පිටතදීත් ක්‍රීඩා කෙරේ. තරගයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ලකුණු 12ක්, සම තත්ත්වයට පත්වුවහොත් ලකුණු 6 ක් සහ ජය පරාජයෙන් තොරව අවසන් වන තරගයක් සඳහා ලකුණු 4ක් ලබා දෙයි.

දශකයකට පසු ශ්‍රී ලංකාවට එංගලන්තයේදී ටෙස්ට් තරග ජයක්

කෙසේ වෙතත්, කණ්ඩායම් ඔවුන්ගේ තරග මාලා හයක් පුරා වෙනස් තරග සංඛ්‍යාවකින් යුත් ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන බැවින්, ජයග්‍රහණ අනුව ලකුණු ප්‍රතිශතය සලකා බලා වගුවක් අනුව ශ්‍රේණිගත කිරීම් සිදු කෙරේ.

එබැවින් ජයග්‍රහණයක් (ලකුණු 12) 100%, සමවීමක් (ලකුණු හයක්) 50% සහ ජය පරාජයෙන් තොරව අවසන්වීම (ලකුණු හතරක්) 33.3% කි.

මේ අතර නියමිත කාල සීමාව තුළ පන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ද කණ්ඩායම්වල ලකුණු අඩු කෙරේ.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ඉදිරි තරග

දෙසැම්බර් 2024 - ජනවාරි 2025: දකුණු අප්‍රිකාව සහ පකිස්ථාන (තරග දෙකක තරගාවලියක්)

ජනවාරි 2025: පකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් (තරග දෙකක තරගාවලියක්)

2025 ජනවාරි - පෙබරවාරි: ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව (තරග දෙකකින් යුත් තරගාවලියක්)

ලෝක ටෙස්ට් ශූරතා ජයග්‍රාහකයින් ලැයිස්තුව

සෑම ක්‍රිකට් ආකෘතියක් සඳහා ම උසස් තරගාවලියක් නිර්මාණය කිරීම සඳහා ICC විසින් 2019 දී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය ආරම්භ කරන ලදී.

පෙර ජයග්‍රාහකයින් :

2019-2021: නවසීලන්තය (ඉන්දියාව පරාජය කරමින්)

2021-2023 : ඔස්ට්‍රේලියාව (ඉන්දියාව පරාජය කරමින්)


ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය

2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය එංගලන්තයේ ලෝඩ්ස්හිදී පැවැත්වේ.

පස්දින තරගය ජූනි 11 වන දා ආරම්භ වීමට නියමිත ය.

| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ටෙස්ට් ශූරතාවලිය: ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අවසන් - අවසන් තරගයට කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබයි | The Leader