The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

පාකිස්තානයේ මසූඩ් හා බාබර්ගෙන් ආරම්භක කඩුල්ලට නව ලෝක වාර්තාවක්

T

The Leader Desk

January 6, 2025 • 12:18 PM

පාකිස්තානයේ මසූඩ් හා බාබර්ගෙන් ආරම්භක කඩුල්ලට නව ලෝක වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, ටෙස්ට් තරගයක පිට පිට දෙවැනි වතාවට පන්දුවට පහර දීමට (follow-on) කැඳවනු ලැබූ අවස්ථාවේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 205ක විශිෂ්ට සබඳතාවක් ගොඩනගමින්.
  • පළමු ඉනිමේදී ලකුණු 194කට දැවී යාමෙන් පසුව සටන්කාමීව නැවත තරගයට අවතීරණ වීමේ අවශ්‍යතාවයෙන් පසුවූ පාකිස්තානය ට මේ වාර්තාගත සබඳතාව මහත් පිටුවහලක් වුනා.
  • ටෙස්ට් ක්‍රිකට් තරග බිමේ පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට සිදුවීමේදී ෂාන් මසූඩ් සහ බාබර් අසාම් පිහිටුවූ ආරම්භක කඩුලු සබඳතාව විසින් මකා දමනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ ග්‍රෑම් ස්මිත් හා නීල් මැකෙන්සී තබා තිබූ ලකුණු 204 ලෝක වාර්තාව.
  • කේප් ටවුන් හි දී ආරම්භක කඩුල්ලේ නව වාර්තාව බිහිවූයේ ලෝක ටෙස්ට් ශූරතාවලිය (WTC) යටතේ පැවති තරගයක.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, ටෙස්ට් තරගයක පිට පිට දෙවැනි වතාවට පන්දුවට පහර දීමට (follow-on) කැඳවනු ලැබූ අවස්ථාවේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 205ක විශිෂ්ට සබඳතාවක් ගොඩනගමින්.

නායක මසූඩ් හා හිටපු නායක බාබර් මේ වාර්තාගත සබඳතාව පිහිටුවූයේ දකුණු අප්‍රිකාව ට එරෙහිව කේප් ටවුන් හි දී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ.

පළමු ඉනිමේදී ලකුණු 194කට දැවී යාමෙන් පසුව සටන්කාමීව නැවත තරගයට අවතීරණ වීමේ අවශ්‍යතාවයෙන් පසුවූ පාකිස්තානය ට මේ වාර්තාගත සබඳතාව මහත් පිටුවහලක් වුනා. කළින් තිබූ වාර්තාව මකා දැමුනු මසූඩ්-බාබර් ආරම්භක කඩුලු සබඳතාව නිසා පි‌ට පිට දෙවැනි වතාවටත් ලකුණු රැස් කිරීමේ පීඩනයෙන් සංචාරක පාකිස්තාන කණ්ඩායමට මිදීමට හැකිවූවා පමණක් නොව තරගමාලාව සම කිරීමේ බලාපොරොත්තුවක සේයාවක් ද ඔවුන්ට ලබා දී තිබෙනවා.

 

ටෙස්ට් ක්‍රිකට් තරග බිමේ පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට සිදුවීමේදී ෂාන් මසූඩ් සහ බාබර් අසාම් පිහිටුවූ ආරම්භක කඩුලු සබඳතාව විසින් මකා දමනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ ග්‍රෑම් ස්මිත් හා නීල් මැකෙන්සී තබා තිබූ ලකුණු 204 ලෝක වාර්තාව. 2008 වසරේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්තය ට එරෙහිව මේ දෙදෙනා මේ ආරම්භක කඩුලු සබඳතාව වාර්තා කළේ එම ටෙස්ට් තරගය බේරා ගැනීම පිණිස දකුණු අප්‍රිකාව දින දෙකක් තිස්සේ පන්දුවට පහර දුන් අවස්ථාවේ.

කේප් ටවුන් හි දී ආරම්භක කඩුල්ලේ නව වාර්තාව බිහිවූයේ ලෝක ටෙස්ට් ශූරතාවලිය (WTC) යටතේ පැවති තරගයක. WTC චක්‍රයේදී ප්‍රතිවාදී කණ්ඩායමකට පිට පිට දෙවැනි වතාවටත් ලකුණු රැස් කරන ලෙසට දෙවතාවක් බල කිරීමට සමත් වූ එකම කණ්ඩායම දකුණු අප්‍රිකාව යි. පළමුව බංග්ලාදේශය ට එරෙහිව චට්ටොග්‍රාම් හිදීත් දෙවනුව දැන් පාකිස්තානය ට එරෙහිව කේප් ටවුන් හිදීත් ඔවුන් මේ හපන්කම ප්‍රදර්ශනය කර තිබෙනවා.

මේ චක්‍රය තුළ පිට පිට දෙවැනි වරට ලකුණු රැස් කරන ලෙසට බලකර සිටි අනෙක් එකම කණ්ඩායම ශ්‍රී ලංකාව යි. ඒ, ගාල්ලේදී කඩුලු 5කට ලකුණු 602ක් රැස් කර ඉනිම නතර කිරීමෙන් පසුව නවසිලන්තය ලකුණු 88කට දවාලූ අවස්ථාවේ.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...